ශෂීන්ද්‍ර අලුත් ඇමතිකමක දිවුරයි…

July 8, 2021 at 6:48 pm | lanka C news
ශෂීන්ද්‍ර අලුත් ඇමතිකමක දිවුරයි…

රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක් සිදුව ඇති අතර ඊට අදාළ රාජ්‍ය අමාත්‍යවරු අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේය.

අමාත්‍යාංශ සංශෝධනයත් සමග මොහාන් ද සිල්වා මහතා වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබිණ.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද එක්ව සිටියේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

47,258 views

13 Comments to “ශෂීන්ද්‍ර අලුත් ඇමතිකමක දිවුරයි…”

  1. 3% ට බය බයියා. says:

    69 ලක්ෂයේ ගෝත්‍රික වහලුන්ගේ පිහිටෙන් පරම්පරාව ගොඩ මල්ලී .

    • Suranimala says:

      යකෝ මුන්ට විළිලැජ්ජාවක් කියල එකක් නැද්ද හත් මුතු පරම් පරාවම ඇමතිකම් බෙදා ගන්ඩ. ලැජ්ජාවක් කියා දෙයක් ඇත්නම් චමල් සහ මහින්ද දේශපාලන යෙන් සමුගෙන ඔහුන්ගේ පුතුන්ට අවස්තාව ලබා දිය යුතුයි. එසේ නොවුන හොත් ඔහුන්ගේ පුතුන්ගේත් දේශපාලනය විනාශ කරනවා .පුදුමේ කියන්නේ මේ වගේ කොමෙන්ට් දාන්ඩ මේ වෙබ් කරන උන් බයයි .

    • ජනජය says:

      ලැට් එක ඇතුලෙ ජරාවක් ගන්න බැරි එක ගැන දුකයි නෙ…අන්රයියට කියපං විජේවීර සහෝදරයව විකුණල හොයපු සල්ලි වලින් විජේවීරගෙ පවුලට ඉන්න ගෙයක් හදල දෙන්න කියල ඔක්කොටම කලින්…මෙව්ව උඹ දන්නෙ නෑ..90 න් පස්සෙනෙ ඉපදුනේ …මහ එවුන්ගෙන් අහගනින් !

      • ශිරා says:

        මල්වානේ අයිති කාරයෙක් නැති ගේ ඉල්ලලා දෙන්න බැරිද

        • ජනජය says:

          උඹේ ගේ දීපං…ඉවරයි නෙ !

          • ශිරා says:

            ඒකට නීත්‍යානුකූල අයිති කාරයෙක් ඉන්නවනේ

    • 🤬🤬😡 says:

      බිහිසෙන යුද්ධ කාලේ තොපිවගේ එවුන් තමා කොටියගෙ පස්ස ලෙව කෑවේ…!
      එහෙම තිබුන රට බේරුන නිසා තෝ ඔහොම ලියනවා..
      නැත්නම් අද තෝ සොහොන් කොතක පළගැටි වහන තත්වයකට පත්වෙලා..!

  2. Suranimala says:

    යකෝ මුන්ට විළිලැජ්ජාවක් කියල එකක් නැද්ද හත් මුතු පරම් පරාවම ඇමතිකම් බෙදා ගන්ඩ. ලැජ්ජාවක් කියා දෙයක් ඇත්නම් චමල් සහ මහින්ද දේශපාලන යෙන් සමුගෙන ඔහුන්ගේ පුතුන්ට අවස්තාව ලබා දිය යුතුයි. එසේ නොවුන හොත් ඔහුන්ගේ පුතුන්ගේත් දේශපාලනය විනාශ කරනවා .පුදුමේ කියන්නේ මේ වගේ කොමෙන්ට් දාන්ඩ මේ වෙබ් කරන උන් බයයි .

  3. චන්ද දායක says:

    තව අවුරුදු විසි පහක් විතර මොන ජල්තරයක් හරි දාලා අල්ලගෙන ඉඳියි වගෙ.එලවනවා බොරු.

  4. මරා says:

    මෙතන කොමේන්ට් කොටන වුන්ට කියන්නේ. මමත් රට ඉඳලා ඇවිත් සර්ට ඡන්දේ දුන්න එකෙක්.
    සර් ගැන ඇත්තටම දුකයි. විශේෂයෙන් සර්ගෙ ඊළග ආත්මය ගැන දුකයි.
    රුවන්වැලි සෑ මළුවේ දිවුරුම් දීලා, යම්තරමක් දුරට හෝ ඉන්න ගුණයහපත් බෞද්ධයන් මුලා කරලා බලය අරන් මේ කරන විනාශයට සර් බොහෝ දුරට ඊළග ආත්මේ නීරයේ යන්න තමා වෙන්නේ.

    • ජනජය says:

      අනේ පලයං බොරු නොකිය …රට ඉදන් සල්ලි වියදං කරන් ඇවිල්ල චන්දෙ දුන්නෙ ඇත්තටම රටට ආදරේ මිනිස්සු …ඒ මිනිස්සු කියව කියව යන්නෙ නෑ අපිත් දුන්න අපිත් දුන්න ගගා…!

  5. Dengu Nona says:

    Kawuda yako, rata beruwe? Koheda berilaa thiyenne? Mun e kaale yudden kewa! Eeta passe dan rata kanawa. Aaye eke beraa ganna deyak naha!!!

    • ජනජය says:

      හරියට සිංහලෙන් කොටා ගන්නවත් බැරි 90 න් පස්සෙ ඉපදුණු කිරි පුතේ….උඹට පුළුවන් දෙයක් කොරපං…රට ගැන බිංදුවක්වත් උඹ දන්නෙ නෑ !

Main News