ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් නියම කෙරේ…
May 27, 2022 at 12:27 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් නියම කර තිබේ.
ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩ මුදලක්ද එය නොගෙවන්නේ නම් අමතර තවත් හය මසක සිර දඬුවමක්ද ලබා දෙන ලෙසද නියෝග කර තිබේ.
නීති විරෝධී ලෙස දේශ ගමන් බලපත්ර සකස් කිරීමේ චෝදනාව විභාගයට ගැනීමෙන් අනතුරුව තීන්දුව ප්රකාශයට පත් කරමින් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් බුද්ධික ශ්රී රාගල විසින් මහතා මෙම නියෝගය අද නිකුත් කරනු ලැබීය.
කෙසේ වෙතත් මෙම නියෝගයට එරෙහිව ඇය විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
එනිසා ඇය ඇප මත මුදාහරින්නැයි නීතිඥවරුන් කළ ඉල්ලීම ලබන 30 වන සදුදා සලකා බලන බව කොළඹ මහෙස්ත්රාත් අධිකරණය පැවසීය.
පාස්පෝට් එකට අවුරුදු 2කට හිරේ දානව නම් කුඩු ගේන උන්, බෙදන උන්, කුලියට මිනී මරණ උන් අවුරුදු කෝටි ගණන් හිරේ දාන්න ඕන.
Some what similar to king Kakille’s verdicts. Anyway wait and see, the out come of the appeal.
එතකොට සිරිලිය 2222222….v????