ශෂී වීරවංශ කෝටි 25ක් වන්දි ඉල්ලා රන්ජන්ට නඩු දමයි..
December 26, 2018 at 2:10 pm | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය විසින් රාජ්‍යය ඇමති රන්ජන් රාමනායක මහතාට එරෙහිව නුගේගොඩ දිසා අධිකරණයේ අපහාස නඩු පවරා තිබේ.
ඇය සිය පැමිණිල්ලෙන් සඳහන් කර ඇත්තේ විත්තිකරු විසින් මාධ්‍ය හමුවක් පවත්වා තමන්ට අසත්‍ය හා අපහාසාත්මක චෝදනා එල්ල කළ නිසා ඉන් සිදුවූ අපහාසයට රුපියල් කෝටි 25 ක වන්දි මුදලක් හා ඊට අදාළ පොලී මුදල ගෙවන ලෙසයි.
වීරවංශ මහතාගේ නිවසේ තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් රාමනායක මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වා ඉතා අපහාසාත්මක ලෙස තමනට අසත්‍ය චෝදනා එල්ල කළේ යැයි ඇය පැමිණිලි කර සිටී.