ශ්‍රි පාද වන්දනාකරුවන් ඇදිරි නීතිය නිසා අමාරුවේ…
April 4, 2022 at 3:45 am | lanka C news
ශ්‍රි පාද වන්දනාවේ පැමිණ පැනවු ඇදිරි නිතිය හේතුවෙන් ආපසු නිවාස කරා යාමට නොහැකි වු විශාල පිරිසක් ලංගම බස් රථ වලින් සහ වන්දනාකරුවන් පැමිණි වාහන වලින් ආපසු යැවිමට හැටන් සහ නල්ලතන්නිය පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් (03) දින පියවර ගැණින.
මධ්‍යම පලාත් ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් යන මහතුන්ගේ අධික්ෂණය යටතේ එම පිරිස ආපසු නිවාස කරා යැවිමට පියවර ගැණින.
හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ (02) දින උදැසන පැමිණි විශාල පිරිසක් ශ්‍රි පාදය කරුණා කරමින් සිටින අවස්තාවේ හදිසියේ පැනවු ඇදිරි නිතිය නිසා වන්දනාකරුවන් දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.
නල්ලතන්නිය පොලිසිය විසින් පෞද්ගලික වාහන වලින් පැමිණි වන්දනාකරුවන්ට ඔහුන්ගේ නිවාස කරා යාමට ඇදිරි නිති බලපත්‍ර නිකුත් කර ඇති අතර , හැටන් දුම්රිය ස්ථාන විශ්‍රාම ශාලාවේ ඇදිරි නිතිය නිසා අසිරුතාවයට පත් වි සිටි ගාල්ල , කොළඹ ,ගම්පහ , කළුතර , හික්කඩුව , රත්මලාන යන ප්‍රදේශවලින් පැමිණි පිරිසක් සහ බදුල්ල සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශවලින් පැමිණි පිරිසක් හැටන් ලංගම ඩිපෝවේ බස් රථ වලින් ඇදිරි නිති බලපත්‍රය සහිතව එම පිරිස ආපසු යැවිමට පියවර ගැණින.
ශ්‍රි පාද වන්දනාවේ පැමිණි පිරිස කියා සිටියේ ශ්‍රි පාද මළුව කරුණා කරමින් සිටින අවස්තාවේ හදිසියේ ඇදිරි නිතිය පැනවිම හේතුවෙන් තමන් දැඩි අසරණ තත්ත්වයට පත් වි සිටි බවයි.
හැටන් සහ නල්ලතන්නිය පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ගේ පුර්ණ මැදිහත්විමක් මත හැටන් ලංගම ඩිපෝවේ කලමණාකරවරයා ඇතුළු සේවකයන්ගේ සහයෝගය මත තමන්ට ආපසු නිවාස කරා යාමට අවස්තාව ලැබුණු බව වන්දනාකරුවන් පිරිස කියා සිටිහ.
– හැටන් රංජිත් රාජපක්ෂ
Honda wede. Oya wage mithya weda karana unta
රස්සා නැහැ. කන්න නැහැ. ගෑස් නැහැ. පිටි නහි. අරක්කු ඇත. ඒ පෝලින් හොදා. බුදුන් කිව්වේ කාටද සිරීපාදෙ යන්න කියල. ඉරිසියාවෙන් පෙලෙමින් කුහක කමින් පෙලෙමින්, දුෂ්ට වැඩ කරමින්. දෙමාපියන්ට නොසලකමින්. යන සිරීපාදෙ මොකක්ද. අරක්කු එක්කද.?