ශ්‍රි ලන්කන් තෙල් ඉවරයි.. මෙරට එන ගුවන් යානා ඉන්දියාවට යොමු වෙමින්…
May 26, 2022 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් සිදු කිරීමට ඉන්ධන ඇත්තේ මැයි මස අවසන් වන තෙක් පමණක් බව වාර්තාවෙයි.
ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පවසන්නේ එදිනට පසු ඉන්ධන ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් තෙල් සංස්ථාව මෙතෙක් දන්වා නොමැති බවයි.
ඉන්ධන ලබා දෙන බව පැවසුවත් ඒ සම්බන්ධයෙන් තවමත් ගුවන්තොටුපල දැමීමක් කර නැතැයි ද ඔහු පැවසීය.
කටුනායක ගුවන් තොටුපලේ ඉන්ධන හිගයක් ඇතැයි වාර්තාවීමත් සමග කටුනායකට පැමිණ බොහෝ ගුවන් යනවා දැනටමත් ඉන්දියාවේ චෙන්නායි වෙත ගොස් ඉන්ධන ලබා ගැනීමට පටන් ගෙන තිබේ.
සාකච්ඡාවක් ඇහුවා, බස් ධාවනය ප්‍රශස්ථ කිරීමට ඩොලර් මිලියන 100 ලු යන්නේ. තෙල් වටල 400 ටත් වඩා යනවා නේද? කැප කිරිමක් කරලා මේ වෙලේ හරි 100 දුන්නනම් අපිට බස්වල යන්න පුළුවන් නේද? හොද ප්‍රවාහන සේවයක් ඇත්නම්
රුසියාවෙන් තෙල් ගන්න එකට අත උස්සන්න පෙරටුගාමීන්ට බැරිය.ඊට අනුමැතිය පල කිරීම සඳහා ඔවුන් ඕස්ට්‍රේලියාවෙන් සහ තවත් බටහිර තානාපති කාර්යාල වලින් අවසර ගත යුතුව ඇත.
මැරෙන්න යන ලෙඩෙක්ට සේලයින් දී බේරාගත හැකි මොහොතක පෙරටුවන් සේලයින් නිශ්පාදනය කරන කර්මාන්ත ගැන කතා කරන කුහකයන්.
මේ මොහොතේ ලංකාව අවට මුහුදේ ඇති රුසියානු නැව් වලින් තෙල් ලබා ගැනීම ජාතියට සේලයින් දීම හා සමානය.
රටේ ඉඩම් පිටරට සමාගම්වලට බදු දී ඒ සමාගම්වල සේවයට රටේ දරුවන් යැවීම සංවර්ධනය නම් වේ….!
අනේ යකෝ මේ රටේ උන් තම දරුවන් උපන්දා සිට කල්පනා කරන්නේ උන්ව US, UK, AUS, CANDA යවන්න.
තම දරුවන්ව පරදේසයකට පාවාදීම මහා ගෞරවයක් ලෙස සලකන උඹලට මේ රටේ ඉඩම් පිටරටට විකුණන එකට ඇයි දුක?
ගුවන් යානයේ තිබුණු මොණර ලාංජනය ගලවා දැම්මෙත් මයිනා කණ්ඩායමයි මුන්ට මේ වටත් පඩිසන් දෙයි.