ශ‍්‍රී ලංකාවට යනවානම් තෙල් ගහගෙන යන්න..- Bloomberg සියළු ගුවන් සේවාවන්ට දැනුම් දෙයි…

June 1, 2022 at 10:00 am | lanka C news
ශ‍්‍රී ලංකාවට යනවානම් තෙල් ගහගෙන යන්න..- Bloomberg සියළු ගුවන් සේවාවන්ට දැනුම් දෙයි…

මත්තල සහ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් බලපා ඇති දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් ඒවා වැසීයාමේ අනතුරක් මතුව තිබේ.

ආර්ථික අර්බුද හේතුවෙන් නඩත්තු කිරීමේ දුෂ්කරතා හා ප්‍රමාණවත් ගුවන් යානා ප්‍රමාණයක් නොපැමිණීම මත මෙම ගුවන්තොටුපල දෙක තවදුරටත් පවත්වාගෙන යාම දැඩි ගැටළුකාරි තත්වයකට පත්ව ඇත.

එමෙන්ම මෙම ගුවන් තොටුපොළ දෙකේ කාර්ය මණ්ඩල නඩත්තු කිරීම සඳහා ද විශාල මුදලක් වියදම් කිරීමට සිදුව ඇත.

ශ්‍රී ලංකාවේ සිට ගමන් අරඹන දිගු දුර ගුවන් යානා ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ඉන්දියාවේ ති‍්‍රවන්ද‍්‍රම් ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ඉන්ධන ලබා ගනිමින් සිටී.

මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා වලට දැනුම් දී ඇත්තේ ප්‍රමාණවත් ඉන්ධන සහිතව පැමිණෙන ලෙසයි. එසේ නොවන්නේ නම් වෙනත් ආසන්න ගුවන්තොටුපලවලින් ඉන්ධන ලබා ගෙන පැමිණෙන ලෙසත් දැනුම් දී ඇත.

බ්ල්ම්බර්ග් වෙබ් අඩවිය හරහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂවරයා විසින් මෙසේ දැනුම් දී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ද දකුණු ඉන්දීය ගුවන් තොටුපළවලින් හා ඩුබායි ගුවන් තොටුපලේදී ඉන්ධන ලබා ගන්නා බවද එම වෙබ් අඩවියේ කියාසිටියි.

22,120 views

8 Comments to “ශ‍්‍රී ලංකාවට යනවානම් තෙල් ගහගෙන යන්න..- Bloomberg සියළු ගුවන් සේවාවන්ට දැනුම් දෙයි…”

  1. Pilot says:

    Not only fuel but also meals for crew and passengers for next journey as well.

  2. SL #gOhOMEgOTA says:

    ඒ අතරතුර කාලකන්නි බල්ලෝ ටිකක් රුසියාවෙන් තෙල් ගන්නේ නැහැ. මුන්ගේ ගෙවල් ගිනි නොතියා හරි යයයි ද ?
    කෝ මේ අගමැති, ජනාධිපති ඇතුළු ප් *යන් උන්ට කෙලින් කියන්න දෙයක් තියෙනවාද බල්ලනේ ?

    තොපි දෙන්න ඉන්නේ කොස් කොටන්න ද ?

  3. wimalasena H.D. says:

    yes of course!

  4. Rukshana says:

    What a foolish authorities. When they can get dollars selling fuel/food, why they wanted to turn that market to another country? Some reservation when can arrange and get dollars from those airlines its so bad decision to break market. Useless Management Teams it seems have got.

    • නිදහස් says:

      ආර්ථික ගාතකයෝ, විමර්ශනය කරමු!

  5. නාරද says:

    පාහර කළමණාකරණ බල්ලනි, තොපිට බැරිද පෝලිම් දික් කරලා හරි ආදායම් එන මාර්ග ටික රැකගන්න. බැරිනම් පුළුවන් එකකුට දීලා පලයන්

  6. Trinco says:

    suddo nathatama nathi weiwage

Main News