ශ‍්‍රීලනිපයට එරෙහිව නිමල් සිරිපාල අධිකරණයෙන් වාරණ නියෝගයක් ගනී…

June 8, 2022 at 6:22 am | lanka C news
ශ‍්‍රීලනිපයට එරෙහිව නිමල් සිරිපාල අධිකරණයෙන් වාරණ නියෝගයක් ගනී…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනය පෙරදැරිව නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊට එරෙහිව එම තීරණය අත්හිටුවන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණයට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මගින් පෙත්සමක් ඉදිරිපත් කළේය.

එම පෙත්සමෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ දිසා අධිකරණය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් නිකුත් කළේය .

නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය පෙත්සම මගින් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හෝ මහලේකම්ට හෝ මධ්‍යම කාරක සභාවට පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව තමාව පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට බලයක් නොමැති බවයි.

ඒ අනුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගත් එකී තීරණය අත්හිටුවමින් වාරණ නියෝගයක් අද නිකුත් කළේය.

– media unit

12,556 views

5 Comments to “ශ‍්‍රීලනිපයට එරෙහිව නිමල් සිරිපාල අධිකරණයෙන් වාරණ නියෝගයක් ගනී…”

  1. ගොන්ජා says:

    දශකයේ ආතල් මිනිසා කිරුළ පලන් හිටං හුටං ආපසු ජෝකර් වැඩ පටන් අරගෙන වගේ. පාස්කු ප්‍රහාරයට ප්‍රධානම හේතුව මොහුගේ අමනෝඥතාවයි. දැන් වත් කට පියාගෙන හිටු.

  2. වෙල් විදානේ says:

    බටහිර බෙදුම්වාදී රටවල් වල මෙන්ම දෙමළ ඩයස්පෝරාවේ හෙන්චයියකු සහ අතඅතකොලුවක් වූ සිරිසේන මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ ලන්කාවෙ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණු ඇතුව. මුන් හිටුවා පස් ගහන්ඩ ඕනෑ.

  3. SL says:

    මුන් මේ වගේ මෙලෝ වැඩකට නැති රෙද්දකට ට නම් දිවා රෑ වෙහෙසිලා දවසින් තීරණ ගන්නවා.
    රටේ වැදගත් දෙයකට තීරණයක් ගන්න මුන්ට කල්පාන්තයක් යනවා.

    රුසියානු යානයේ ප්‍රශ්නයට දවස් 4ක් ගත්ත.
    රුසියාවෙන් තෙල් ගන්න තවම තීරනය කරලා නැහැ
    IMF යන්න තීරණය කරන්න ගොට්ට පුපේ අරිනකල් ම හිටිය.
    තෙල් ප්‍රශ්නේ එනවා කියල දැන් අවුරුදු 2-3ක්
    තෙල් භාවිතාව පාලනයක් කරලා කූපන් ක්‍රමයකින් තෙල් දෙන්න තීරණය කරන්න මාස ගණනාවක් ගියා තවම තීරණයක් නැහැ

    යකෝ නාකි පාක්කු තොපි ගෙවල් වලට වෙලා හිටපියවූ, කරන්න පුළුවන් උන්ට කරන්න දීල.

    කරන්න පුළුවන් උන්ට දීල , TYPICAL රාජ්‍ය සේවයේ විදියට වැඩ කරන තොපි පලයවූ

  4. Nalaka says:

    This nut is another curse to this country. Get lost you bloody womanizer. Maybe this nut have an idea of becoming pm or president
    Remember you will stand infront of people with amuse. ‘.

  5. අවලස්සන කවුද? says:

    දේශප්‍රේමී කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිංහල භාෂාවෙන් නීති කටයුතු කරන්න දක්ෂතාවයක් නැද්ද?

Main News