ශ‍්‍රීලනිප පනින හය මෙන්න.. යන්නම ඔ්නෑ කියා පක්‍ෂ කමිටුවේදී කුණුහරුපෙන් බනිති..

May 16, 2022 at 12:02 am | lanka C news
ශ‍්‍රීලනිප පනින හය මෙන්න.. යන්නම ඔ්නෑ කියා පක්‍ෂ කමිටුවේදී කුණුහරුපෙන් බනිති..

රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිත්වයෙන් යුතු ආණ්ඩුවට එක් වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල උග්‍ර මත ගැටුම් ඇතිවී තිබේ.

දැනටමත් කිහිප දෙනෙකු පක්‍ෂ නායකත්වයට තර්ජනය කරමින් සිටින්නේ තමන් පක්‍ෂය කැමති වුණත් නැතත් ආණ්ඩුවට එක් වන බවටයි.

අවසන් වරට පැවැති මධ්‍යම කාරක සභාවේ දී එම පක්ෂ මන්ත්‍රීවරයෙක් වන චාමර සම්පත් දසනායක විසින් කුණුහරුපෙන් බැන වැදී ඇති බව වාර්තා වෙයි.

මෙසේ ආණ්ඩුවට යා යුතු බව දැඩිව කියා සිටින්නේ නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක යන පිරිසයි.

ඔවුන්ට දැනටමත් අමාත්‍ය දුර සදහා නම් යෝජනා වී ඇතැයිද දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය යෝජනා කර ඇත්තේ ආණ්ඩුව අස්ථාවර නොකර ඔවුන්ගේ යහපත් ක්‍රියාවන් වලට සහයෝගය දීම විපක්ෂයේ සිට කළ හැකි බවත් එය පක්‍ෂය ගෙන ඇති ස්ථාවරය බවත්ය. නමුත් මෙම පිරිස පවසා ඇත්තේ කෙසේ හෝ ආණ්ඩුවට ගොස් අමාත්‍යධූරයක් භාරගෙන රටට වැඩි වැඩියෙන් සේවය කළ යුතු බවයි.

මේ අතර අද දිනයේ පැවැත්වීමට නියමිත පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැඩි උණුසුම් ස්වරූපයක් ගනු ඇතැයිද දැනගන්නට ඇත.

139,367 views

21 Comments to “ශ‍්‍රීලනිප පනින හය මෙන්න.. යන්නම ඔ්නෑ කියා පක්‍ෂ කමිටුවේදී කුණුහරුපෙන් බනිති..”

  1. atta says:

    අලුත් දේශපානය කුමක්ද? හැම දෙනාම එකට එකතු වෙන්න බැහැ. ජවිපෙ කට්ටි පනී. කුහක යෝ.