ශ්‍රීලනිප මතයට පයින් ගසා චාමර සම්පත් ආණ්ඩුවට එක්වෙයි…
May 15, 2022 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරයෙන් යුත් නව ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්නෙකි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරයෙන් යුත් නව ආණ්ඩුවට සහයෝගය දැක්විය යුතු බවත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී යෝජනා කළ ද පක්ෂය ඊට එකඟ නොවූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් පක්ෂය තම තීරණය පිළි නොගතහොත් තමන් තනිවම ආණ්ඩුවට සහාය දෙන බවද ඔහු පවසයි.
මෙම තීරණාත්මක අවස්ථාවේ පක්ෂ පාට භේද ඉවත දමා ආණ්ඩුවට සහාය දීම සියලු දෙනාගේ වගකීමක් බවද මන්ත්‍රීවරයා කියා සිටියි.
Harakek gena Buruwek comment karai
මු හොදයි නගර සභා ඩක්කු කරත්තෙක සොලිඩි වෙිස්ටි කලමනාකරන (ලෝඩින් අන්ලෝඩින් ) වගේ සබිජෙක්ටි එකකට.
රටෙි කරැමෙට දේශපාලනයට ආපු එකෙක් .
මෙිවගේ පොල් හරක් මිට පසුවවත් පත්කරන්න එපා… මුගේ කදයි බඩයි කටයි විතරයි. වැඩ නෑ……
ඇත්තමයි, පංතියේ අන්තිම වෙච්ච වුන් උගතුන් සහ සාමාන්‍යය බුද්ධිය ඇති අය වෙනුවෙන් තීරණ ගන්න එකම රට ලංකාව. මෙය නැවැත්විය යුතුයි. නැතිනම් මේ රටට ගොඩ ඒමක් නෑ.