ශ‍්‍රී ලංකාවට අන්තිමයි.. ණය වාරික ගෙවන්න බැරි බව චීනයට කියලා.. විභාග ප‍්‍රශ්ණපත‍්‍ර ගහන්නවත් සල්ලි නෑ..- ‘ද ගාඩියන්’

March 20, 2022 at 10:02 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට අන්තිමයි.. ණය වාරික ගෙවන්න බැරි බව චීනයට කියලා.. විභාග ප‍්‍රශ්ණපත‍්‍ර ගහන්නවත් සල්ලි නෑ..- ‘ද ගාඩියන්’

චීනයට ශ්‍රී ලංකාව විසින් ගෙවීමට ඇති ණය වාරික කල් දමා උදව් කරන ලෙස ඉල්ලා ඇති බව ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කරයි.

විදේශ විනිමය සංචිත සිදී යාම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට පත්ව සිටින බවද එම වාර්තාවේ සඳහන් වේ.

විදුලිය විටින් විට විසන්ධි කරන බවත්, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා රට පුරා දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවත් වාර්තාව කියයි.

දැනට ශ්‍රී ලංකාව වීමට ඇති ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහයෝගය අපේක්ෂා කරමින් සිටින බව ද එහි සඳහන්ය.

අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය ආනයනය සඳහා මුදල් සැපයීමට විදේශ විනිමය සංචිතය හිග වීම මත ආහාර ඖෂධ ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීම අඩු මට්ටමකට පත්ව ඇතැයිද වාර්තාවේ සඳහන් වෙයි.

කඩදාසි ආනයනයට ඩොලර් හිගිය බලපා ඇති නිසා මිලියන ගණනක් සිසුන් වෙනුවෙන් විභාග ප‍්‍රහන් පත‍්‍ර පවා මුද‍්‍රණය කර ගත නොහැකි තැනකට රට පත්ව ඇතැයිද වාර්තාව තව දුරටත් කියා සිටී.

83,649 views

8 Comments to “ශ‍්‍රී ලංකාවට අන්තිමයි.. ණය වාරික ගෙවන්න බැරි බව චීනයට කියලා.. විභාග ප‍්‍රශ්ණපත‍්‍ර ගහන්නවත් සල්ලි නෑ..- ‘ද ගාඩියන්’”

  1. Appachi says:

    ඔය නය ගන්නකොට 8% සිට 17% දක්වා කොමිස් ගන්නකොට ඕව හිතුන්නැද්ද අපේ හාමුදුරුවනේ..

    • sam says:

      Thamath koranne hathara wate gihilla naya ganna eka thamayi. Ea naya aragena parawal hadana ekayi, edineda wiyadamata wiyadam karana ekayi

  2. Gamarala says:

    කුරහන් සාටකේ රට කැවා ජාතික ජනබල වේගයට රට බාරදී ගෙදර පලයල්ලා.

  3. මහා හුරා says:

    “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ ගෝඨාභය රාජපක්ෂ” තවත් ගෞරව නාම පුදපල්ලා ..මුළු රටේම ආර්ථිකය අගාදයට ගෙන යාමට ස්තුති කරපියව් .මිනිසුනේ බලා සිටීමෙන් සිදුවන්නේ අපේ මව් බිම විනාශ වීම පමණයි ..පාරට බැස මේ නිවට කාලකන්ණි දුෂිතයින් අපේ රටින් පන්නා දමව්

  4. Dengu Nona says:

    “Asiyaawe Arse-Charyaya”!

  5. LalithM says:

    2005-15, 2019-22 අවුරුදු 13 ක් එක්තරා දුර්දාන්ත කොල්ලකරුවන් කණ්ඩායමක් විසින් ලංකාව පාලනය කරන ලදී කියල ඉතිහාසය ලියයි. දැනටම ඇති.යන්න ඕන නේද දැන්වත්.

  6. NuwanJ says:

    එක එක අයට තේරෙන තරමට කමෙන්ට් කළාට
    මෙකෙ ප්‍රශ්නය ගෝටම කියල කියන්න බෑ එයා එයා ඇවිත් තාම කිසිම මහා පරිමාන සංවර්ධන වැඩ මොනවත් පටන් අරන් නැ
    ආදායමක් නැති රටක් ආදායම් උපදවන්නෙ නැතිව නැවෙන් ගෙනත් කන්න පුරුදු කිරීම තමයි ගැටලුව
    දැං හිටිගමන් අදායම් නතරවෙලා දැන් මුහුද දිහා බලා ඉන්න වෙලා