ශ්රී ලංකාවට ඉන්ධන ආනයනය නවතී.. මුළු රටම නතරවීම අභියසට…
June 25, 2022 at 10:03 pm | lanka C news
අද වන විට ශ්රී ලංකාවේ තෙල් ආනයනය මුළුමනින්ම නතර වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා සඳහන් කළේය.
පසුගිය 23 දා මෙරටට පැමිණෙන බව පැවසූ ඉන්ධන නෞකා අද වනතුරුත් මෙරටට පැමිණ නැතැයිද පැවසූ ඔහු එම නැව හදිසි මිලදී ගැනිම් යටතේ නිසි ටෙන්ඩර පටිපාටියෙන් තොරව මිලදී ගැනීමට උත්සාහ කළ එකක් වුවද දැන් එය ඉන්දියාව දෙසට යාත්රා කර ඇතැයිද කියා සිටියේය.
ඒ අනුව අද වන විට මුළු රටම නතරවීමේ අබියසට පැමිණ සිටින බව ද හෙතෙම තවදුරටත් පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජනබලවේගයේ යාපනයේ දිස්ත්රික් සමුළුව අමතමිනි.
I have been predicting this since the begining of this month as “very soon, the country will become standstill for sure” and it is becoming a reality. Pathetic.
Please be more thoughtful when publishing news. You are creating unnecessary panic among people. There will be fuel next week too, thought getting it will not be easy.
Fool idiot …see the head line carefully….it says fuel importing has bees stoped..but fuel may still available untill last..
තෙල් අර්බුධය සම්පූර්නයෙන්ම ජෙවීපී වැඩක්. ඒත් උන්ට කවදාවත් බලයට එන්න බෑ සීයටතුන සීයට එකට බහිනව. තව සති කිහිපයකින් අපේ රජය මේ ප්රශ්නෙ විසඳනව. ලබන පාරත් පොහොට්ටුව තමා දිනන්නෙ. ජයවේවා.
ජෙප්පො කියුවොත් කියන්නෙ බොරු. අපේ පැත්තෙ නම් මිනිස්සු නාන්නෙත් තෙල්වලින්. අනෙක ජෙප්පො ඉන්දියාවටයි අනෙක් රටවලටයි තර්ජනය කරලා ලන්කාවට තෙල් දෙන්න එපා කියලා.