ශ්‍රී ලංකාවට උපරිම උදවු කරන්නැයි ඇමරිකා ජනාධිපති දන්වයි…
June 27, 2022 at 5:30 pm | lanka C news
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බව මෙරටට පැමිණ සිටින ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන දූත පිරිස සහ ජනාධිපතිතුමා අතර හමුව අද (27) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණ.
දූත පිරිස මෙරට සිදු කරන සංචාරය පිළිබඳ පැසසුමට ලක් කළ ජනාධිපතිතුමා මේ වන විට රටේ පවතින ආර්ථික අසිරුතාව, සමාජයීය අපහසුතාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබඳ දැනුම්වත් කළේය.
ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ඉතා උනන්දුවෙන් පසුවේ. මේ අසීරු කාල සීමාවේදී ශ්‍රී ලංකාව සමග එකට ගමන් කිරීමටත්, අවශ්‍ය සහාය දෙමින් හැකි උපරිමයෙන් උපකාර කිරීමට කටයුතු කරන ලෙසත් ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන් බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය රාජ්‍ය සහකාර ලේකම් කෙලී කීඩර්ලින් (Kelly Keiderling) සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කලාපය භාර නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් (Robert Kaproth) යන මහත්වරු සඳහන් කළහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග අවදානමට ලක්ව සිටින පවුල් වෙත සහන ලැබෙන අතර ඉදිරි කටයුතු සඳහා ද එය ධනාත්මකව බල පැවැත්වෙනු ඇති බව දූත පිරිස විශ්වාසය පළ කළහ.
රට තුළ සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී ජනාධිපතිතුමා දක්වන අවබෝධයත් තමන්ට ඇති අවබෝධයත් අතර ඇති සමානකම් කෙරෙහි සතුටට පත්වන බව ඔවුහු කියා සිටියහ.
ප්‍රජාතන්ත්‍රවාදීව භාෂණයට කිසිදු බාධාවක් නොකොට ඕනෑම අයෙකුට අදහස් ප්‍රකාශ කිරීම සඳහා දී ඇති නිදහස් අවකාශය පිළිබඳව දූත පිරිස ජනාධිපතිතුමා වෙත ප්‍රසාදය පළ කළහ.
කුඩා පරිමාණ ව්‍යාපාර නගා සිටුවීමට කොමර්ෂල් බැංකුවට ඇමරිකානු ඩොලර් මිලියන 100ක මධ්‍ය කාලීන ආධාර මුදලක් සහ මානුෂීය ආධාර ලෙස ඩොලර් මිලියන 5.75ක් හා ඩොලර් මිලියන 6ක් ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රදාන සිදු කර තිබේ.
එමෙන්ම ඉවතලන ප්ලාස්ටික් ද්‍රව්‍යවලින් පොලියස්ටර් කෙදි සහ නූල් සැකසීමේ ව්‍යාපෘති සඳහා සහාය දී ඇති බව ඔවුන් සිහිපත් කරනු ලැබීය.
ඖෂධ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ණයවර ලිපි නිකුත් කිරීමේ දී ශ්‍රී ලංකාවට සහාය වන ලෙස ජාත්‍යන්තර බැංකු වෙතින් ඉල්ලා සිටීමට කටයුතු කරන බව කෙලී කීඩර්ලින් සහ රොබර්ට් කැප්‍රෝත් යන මහත්වරු කියා සිටියහ.
එක්සත් ජනපද භාණ්ඩාගාර කාර්යාලයේ දකුණු සහ අග්නිදිග ආසියාවේ අධ්යක්ෂ මැතිව් මොහෙලෙන්කැම්ප් (Matthew Mohlenkamp), එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාවේ ආර්ථික ඒකක ප්‍රධානි ජෝන් මැක්ඩැනියෙල් (John McDaniel), ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung), ඇමරිකානු තානාපති කාර්යාලයේ වැඩබලන දේශපාලන ප්‍රධානී ජෙෆ් චැනින් (Geoff Chanin) හා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
මේ කර්මය නම් බුදු රජාණන් වහන්සේටවත් නොපෙනුණ කර්මයක්. බුදු දහමේ වත් නොමැති අලුත් ම කර්මය තමා අප විසින් මේ ගෙවා දමන්නේ අනුන් විසින් රටේ සම්පත් සුරා ගෙන සුර සැප විඳින අතර ඊට කිසිදු සම්බන්ධයක් නැති රටේ ජනතාවට නොකළ වැරදි වලට කර්මය ගෙවා දැමිමට සිදු විමයි. එය රාජපක්ෂ කර්මය හෙවත් මයිනා කර්ම විපාක යයි. මොන කර්මයටත් වඩා මේ කර්මය මොන විදිහටත් ගෙවා දැමීමට නොහැකි වූ කර්මයක්. මහින්ද රාජපක්ෂ සියලු දේ කර ඉන්න කං කිසිම දෙයක් සිදු නොකර දැන් ජනතාවට විසදුම් දෙන්න ලු. මේ රටේ ජනතාවගේ දුකට හේතු වු සියලු දෙනා ගේ වත්කම් රාජ්‍ය සන්තක කර මේ වාට ඔවුන් ට නිතීමය පියවර ගෙන කටයුතු කළ යුතුයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰
සිරි ලංකාවෙ ඉන්න හැම එකාම හිරේ දාන්න වෙයි වගේ. ඔබට නොතේරැනාට මේ හැමෝම ගෙවන්නේ තම තමන් තමන්ට හැකි ලෙස කල හොර වංචා වල කර්මයයි. කාර්යාලයේ පියන්ගෙ ඉඳං මහ එකා දක්වාම කරන්නෙ තමන්ගෙ වැටුප හොරකම් කරන එක නෙමෙයිද තමන්ගෙ පැය 8 හරියට වැඩ නොකර. ට්‍රැපික් දඩයක් වැදුනම ඒකෙන් බේරෙන්න උත්සාහ කරනවා කියන්නෙ වංචාවක් නෙමෙයිද? මේ පුංචි උදාහරන දෙකක් විතරයි. තමන් දිහා අවංකව නොබලා අනුන්ට ඇඟිල්ල දික් කරන හැම එකාම කරන්නෙ වංචාව. ඒවා තමයි මේ ගෙවන්නේ.
මහ හොර වංචා අය ෂැපෙන් නෙවෙයි දැන් ඇත්තේ ඒඒ අයත් ඒඒ කර්මය ගෙවා දමනවයි
මහ හොර වංචා අය ෂැපෙන් නෙවෙයි දැන් ඇත්තේ ඒ ඒ අයත් ඒ ඒ කර්මය ගෙවා දමනවයි. එතකොට මේ ධර්ම ද්වීපයේ එක පිංවතෙක් වත් නොමැති ද එකම කර්මය ගෙවා දමන්නේ සියලු දෙනා ම වංචා දූෂණ කරල ද නැ රාජපක්ෂවරුන් දුෂිත පාලනය නිසායි
බුදුන්වහන්සේ නොදුටු කාර්ම තමුසෙට පෙනෙන්නේ තමුසේ බුදු වෙලාද?
බුදු වෙන්න ඕන නෑ ලංකාව හැටියට එහෙම තමයි 🤣🤣🤣🤣🤣🤣
රට විනාශ වෙලත් තාමත් රාජපක්ෂ වහල්ලු මේ රටේ ඉන්නවා නේ
මා එම ධර්මය අදහන්නනකි. මේ රට විනාශ කරලා සියලු දේ අගාධයට ඇද වැටී ඇතත් තවමත් ඔවුන් ට ගැති වහලුන් සිටිම රටේ ම කරුමේ තමයි. දැන් කරන්නේ කරත්ත රක්ෂාවෙයි
උපරිම උදවු කරන්න පටාං ගත්තෙ ඇමෙරිකාවේ මුහුදට දානවා කියන පිටිවලින් (ඇ.දි.හා.ස.) බිස්කට් අපේ රටට බෝ කරලයි… ඉතිහාසෙ කවදාවත් බිස්කට් කාල නොතිබුන රටක් වුනාට දැං ලංකාවම බිස්කට් එකක් වගෙ කන්න පුලුවං.
මූත් නාකි මයිනෙක්…..ලගදිම ගෝ හෝම් තමයි.
කරන්න පුළුවන් ලොකුම උද්දව්ව තමයි උඹලගේ පුරවැසියන් ආපහු ඇමෙරිකාවට ගෙන්නාගෙන උන් අපේ රටෙන් හොරකම් කරගත්ත ඩොලර් බිලියන 38න් කොටසක් හරි ආපහු අරගෙන දෙන එක
රට විණාශකර සමස්ථය හිඟමන් යැදීම දක්වා විණාශ කරනා බ්රීතාන්ය අමෙරිකානු ,ඔිස්ට්‍රේලියානු, කැනඩා, ඇතුළු සමස්ථ බටහිරයන්ගේ ඉතිහාසගත කැකෑරෙන ලෝදිය මෙන් ගිනියම්වූ වෙෙරයේ ගිනියම ,.!
මුං බොරැව කරන්නේ ,.
කල්මැරීම සහ සමස්ථ සිව්හෙළයට සොහොන් ලකුණු,.!
ඩඩ්ලි ලෑස්තිවෙයං ආන්ඪුව ගන්න,.!
මුං බොරැව කරන්නේ ,.!
වහාම පහරදී පන්නාදෑමීමට වීදිබසිනු,.
ගෝටාබය මෝඩයා, රනී පොනනයා අමෙරිකාන් පිල්ලු පන්නා දැමීමට වහා පෙළ ගැසෙනු,.!
රට විණාශකර සමස්ථය හිඟමන් යැදීම දක්වා විණාශ කරනා බ්රීතාන්ය අමෙරිකානු ,ඔිස්ට්‍රේලියානු, කැනඩා, ඇතුළු සමස්ථ බටහිරයන්ගේ ඉතිහාසගත කැකෑරෙන ලෝදිය මෙන් ගිනියම්වූ වෙෙරයේ ගිනියම ,.!
මුං බොරැව කරන්නේ ,.
කල්මැරීම සහ සමස්ථ සිව්හෙළයට සොහොන් ලකුණු,.!
ඩඩ්ලි ලෑස්තිවෙයං වහාම ආන්ඪුව ගන්න,.!
යුක් රේනයට යුද්ධ කරන්න ඩොලර් බිලියන 13 ක් අාධාර දෙන අැමරිකාව රෙදි අැදගෙනම ලංකාවට ඩොලර් මිලියනම 5.1ක් දික් කොරනවා.
මුන්ගේ සපෝට් එක කටින් පමණයි.
තානාපතිනිය ඉන්නේ ලොක්කට ටිකක් ඈත් වෙලා