ශ‍්‍රී ලංකාවට උපරිම උදවු කරන්නැයි ඇමරිකා ජනාධිපති දන්වයි…

June 27, 2022 at 5:30 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට උපරිම උදවු කරන්නැයි ඇමරිකා ජනාධිපති දන්වයි…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බව මෙරටට පැමිණ සිටින ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන දූත පිරිස සහ ජනාධිපතිතුමා අතර හමුව අද (27) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණ.

දූත පිරිස මෙරට සිදු කරන සංචාරය පිළිබඳ පැසසුමට ලක් කළ ජනාධිපතිතුමා මේ වන විට රටේ පවතින ආර්ථික අසිරුතාව, සමාජයීය අපහසුතාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබඳ දැනුම්වත් කළේය.

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ඉතා උනන්දුවෙන් පසුවේ. මේ අසීරු කාල සීමාවේදී ශ්‍රී ලංකාව සමග එකට ගමන් කිරීමටත්, අවශ්‍ය සහාය දෙමින් හැකි උපරිමයෙන් උපකාර කිරීමට කටයුතු කරන ලෙසත් ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන් බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය රාජ්‍ය සහකාර ලේකම් කෙලී කීඩර්ලින් (Kelly Keiderling) සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කලාපය භාර නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් (Robert Kaproth) යන මහත්වරු සඳහන් කළහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග අවදානමට ලක්ව සිටින පවුල් වෙත සහන ලැබෙන අතර ඉදිරි කටයුතු සඳහා ද එය ධනාත්මකව බල පැවැත්වෙනු ඇති බව දූත පිරිස විශ්වාසය පළ කළහ.

රට තුළ සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී ජනාධිපතිතුමා දක්වන අවබෝධයත් තමන්ට ඇති අවබෝධයත් අතර ඇති සමානකම් කෙරෙහි සතුටට පත්වන බව ඔවුහු කියා සිටියහ.

ප්‍රජාතන්ත්‍රවාදීව භාෂණයට කිසිදු බාධාවක් නොකොට ඕනෑම අයෙකුට අදහස් ප්‍රකාශ කිරීම සඳහා දී ඇති නිදහස් අවකාශය පිළිබඳව දූත පිරිස ජනාධිපතිතුමා වෙත ප්‍රසාදය පළ කළහ.

කුඩා පරිමාණ ව්‍යාපාර නගා සිටුවීමට කොමර්ෂල් බැංකුවට ඇමරිකානු ඩොලර් මිලියන 100ක මධ්‍ය කාලීන ආධාර මුදලක් සහ මානුෂීය ආධාර ලෙස ඩොලර් මිලියන 5.75ක් හා ඩොලර් මිලියන 6ක් ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රදාන සිදු කර තිබේ.

එමෙන්ම ඉවතලන ප්ලාස්ටික් ද්‍රව්‍යවලින් පොලියස්ටර් කෙදි සහ නූල් සැකසීමේ ව්‍යාපෘති සඳහා සහාය දී ඇති බව ඔවුන් සිහිපත් කරනු ලැබීය.

ඖෂධ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ණයවර ලිපි නිකුත් කිරීමේ දී ශ්‍රී ලංකාවට සහාය වන ලෙස ජාත්‍යන්තර බැංකු වෙතින් ඉල්ලා සිටීමට කටයුතු කරන බව කෙලී කීඩර්ලින් සහ රොබර්ට් කැප්‍රෝත් යන මහත්වරු කියා සිටියහ.

එක්සත් ජනපද භාණ්ඩාගාර කාර්යාලයේ දකුණු සහ අග්නිදිග ආසියාවේ අධ්‍යක්ෂ මැතිව් මොහෙලෙන්කැම්ප් (Matthew Mohlenkamp), එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාවේ ආර්ථික ඒකක ප්‍රධානි ජෝන් මැක්ඩැනියෙල් (John McDaniel), ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung), ඇමරිකානු තානාපති කාර්යාලයේ වැඩබලන දේශපාලන ප්‍රධානී ජෙෆ් චැනින් (Geoff Chanin) හා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

62,484 views

32 Comments to “ශ‍්‍රී ලංකාවට උපරිම උදවු කරන්නැයි ඇමරිකා ජනාධිපති දන්වයි…”

  1. ජනතාව අවදියෙන් සිටිය යුතුයි, MCC මග එන හැඩයි. රනිල් දැනටම ඉඩම් වලට වැඩේ දෙන්න යන්නෙ.

  2. SadSad says:

    බයිඩන් ගෝඨට දෙවනි නැති පිස්සෙක්. කොලේ බලං ලියල තියෙන දෙයක් කියෝනව. ඒක කියවන්නත් හරියට සිහිය නෑ. ඉන්දියාවට මාස ගාණක් ණය දීලත් ගොඩදාන්න බැරි වුන ලංකාව ඇමරිකාව වගේ විනාශය කරා ඇදී යන රටකට කොහොමත් ගොඩදාන්න බෑ

    • kawinda says:

      indiyawa pamanak nowei kauru naya dunnath idiriyata rata rakina widiha gena nohithana kisima weda piliwelak nethi Fail paalakayo relak inna rataka inna api maranaya deka deka imu.

    • GU-VP SAKKILI API says:

      Adooo Adooo Adoooooo Uba gitikanda tama hadanne ape DEIYO GU-SA walata wrong talk dala

  3. Iob says:

    Hebei dena aredara thopi 225 saha anth ambetayo hora kewoth thopita athmayak media nehe bolaw.

  4. Sara says:

    Hebei dena aredara thopi 225 saha anth ambetayo hora kewoth thopita athmayak media nehe bolaw……..

  5. හෙටක් නැති එකා says:

    “ප්‍රජාතන්ත්‍රවාදීව භාෂණයට කිසිදු බාධාවක් නොකොට ඕනෑම අයෙකුට අදහස් ප්‍රකාශ කිරීම සඳහා දී ඇති නිදහස් අවකාශය පිළිබඳව දූත පිරිස ජනාධිපතිතුමා වෙත ප්‍රසාදය පළ කළහ”
    මේ ටික චීනෙ හරි රුසියාව හරි කිව්වා නම්, ටිකක් හරි හිත හදාගන්න තිබුණා. නමුත් ඇමරිකාව??🤔🤔

  6. සවි අරික්කාල says:

    අප මරන මංචකයට පැමිණි ඇති බව දැනේ. කිසිත් නොදත් සේ මැරෙමුද? නැති නම් ජීවිතේ බේරා ගැනීමට ඵකාවෙන් සටන් කරමුද?

    • 3% නැති මෝඩ ජෙප්පා says:

      උඹලත් එක්ක මොන සටන්ද බොල අර ලස්සනට පෙලගැහිලා ආපු ගෝල්පේස් අරගලය අමු අමුවෙි මරලා දැමිම කාලකන්නි තොපි මැරෙන්ඩ නෙමෙි වදවලාම යන්ඩ ඔීනේ ජාතියක් උඹලා

  7. David Milli-banda says:

    Muge bappalata wenna athi kiuwe.

    You approve billions of $$ to make Ukraine people suckers to fight & destabilise Russia. Only can tell IMF to give maximum support.
    USA owe a Trillion $ to China.
    China is the maximum donor to the IMF.
    Our idiots go to IMF for a bailout instead of going to China.

  8. 3% ට බය බයියා. says:

    ලෝකයේ උතුම් ජාතියක් හිගන ජාතියක් බවට පත් කරපු හොර දේශප්‍රේමී දේශපාලකයන් පලවා හරිමු .අවුරුදු 74 ක් බටහිර රූකඩ විසින් රට වලපල්ලට දාලා ජනතාව කනත්තට ගෙනියනවා .හොර බොරු වංචා නාස්තිය අල්ලස දූෂණය නැති ජේවිපි ආණ්ඩුවක් පත් කරමු .

    • ලාංකිකයා says:

      අපි කොහෙත්ම උතුම් ජාතියක් නෙමේ.
      අපි හැමදාම රජයෙන් සහනාධාර බලාපොරොත්තු වුන, ණය වෙලා අධිපරිභෝජන රටාවක් පවත්වාගෙන කිය පෙරේතයො ජාතියක්
      දේශපාලකයො තීරණ ගත්තෙ රටේ මහජනතාවගේ අදහස් අනුව ඒවට උඩගෙඩි දීල ඡන්ද වැඩි කරගන්න පුලුවන් වෙන ආකාරයට
      දේශපාලඥයො රාජ්‍ය සේවය පිරෙව්වෙ, පුරෝල පින් පඩි දුන්නෙ උන්ට මුදල් ලැබෙන නිසා නෙමේ රටේ මිනිස්සු ඉල්ලුවෙ ඒක නිසා.
      රජය බැදුම්කර නිකුත් කර කර ඩොලර් ගත්තෙ දේශපාලඥයන්ට ගෙදර අරං යන්න නෙමේ ලංකාවෙ මිනිස්සු රටේ ආදායමට නොගැලපෙන තරමට වියදම් කල නිසා
      දේශපාලඥයො වගේම මේකට රටේ මිනිස්සුත් වග කිව යුතුයි
      අපි කොහෙත්ම උතුම් ජාතියක් නෙමේ
      අපි දුරදක්නා නුවණක් නැති, මෝඩ, පෙරේත, අධිපරිබෝජනවාදී, වහල්, නූගත්, කාලකන්නි ජාතියක්.

    • Hela says:

      ලෝකයේ උතුමි ජාතියක් උනේ හෙලයන් මිසක් පරයන් නොවෙි සත්ව ජාන කලවමි උන් තවමත් තිරිසන් ගතිය පෙන්නනවා නමුත් හෙලයන් තාමන් සුවෙන්

  9. Sarath Jb Rajaguru says:

    The best way for the US to help SL people is giving basics for the people & forcing Gota & the clan to step down due to their corrupt & unethical behaviour. The US shouldn’t use GOTA as an ally in the region due to its fear of emerging China.

  10. Sri Lanka 🇱🇰 says:

    මේ කර්මය නම් බුදු රජාණන් වහන්සේටවත් නොපෙනුණ කර්මයක්. බුදු දහමේ වත් නොමැති අලුත් ම කර්මය තමා අප විසින් මේ ගෙවා දමන්නේ අනුන් විසින් රටේ සම්පත් සුරා ගෙන සුර සැප විඳින අතර ඊට කිසිදු සම්බන්ධයක් නැති රටේ ජනතාවට නොකළ වැරදි වලට කර්මය ගෙවා දැමිමට සිදු විමයි. එය රාජපක්‍ෂ කර්මය හෙවත් මයිනා කර්ම විපාක යයි. මොන කර්මයටත් වඩා මේ කර්මය මොන විදිහටත් ගෙවා දැමීමට නොහැකි වූ කර්මයක්. මහින්ද රාජපක්ෂ සියලු දේ කර ඉන්න කං කිසිම දෙයක් සිදු නොකර දැන් ජනතාවට විසදුම් දෙන්න ලු. මේ රටේ ජනතාවගේ දුකට හේතු වු සියලු දෙනා ගේ වත්කම් රාජ්‍ය සන්තක කර මේ වාට ඔවුන් ට නිතීමය පියවර ගෙන කටයුතු කළ යුතුයි

Main News