ශ‍්‍රී ලංකාවට කන්න නෑ.. ඔවුනට කෑම එවන්න..- UN ලෝකයේ සියළු රටවලින් අයදී…

June 6, 2022 at 9:20 am | lanka C news
ශ‍්‍රී ලංකාවට කන්න නෑ.. ඔවුනට කෑම එවන්න..- UN ලෝකයේ සියළු රටවලින් අයදී…

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආහාර සහ ඖෂධ ලබාදීම සඳහා වන ගෝලීය ඉල්ලීමක් සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානමින් සිටියි.

එම ඉල්ලීම සිදු කරන්නේ ශ්‍රී ලංකා රජය වෙතින් ඉදිරිපත් වූ ඉල්ලීමකට අනුවයි.

සන්ඩේ ටයිම්ස් පුවත්පත විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හරහා කරුණු තහවුරු කරගෙන මේ බව කියා සිටියි.

ඒ අනුව ජූනි මස 8 වැනිදා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිල වශයෙන් මේ සඳහා වන ගෝලීය ඉල්ලීම සිදු කිරීමට නියමිතව ඇත.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙරට සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් හමුවී මෙරට ඇති වීමට නියමිත ආහාර අර්බුදයට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

116,432 views

34 Comments to “ශ‍්‍රී ලංකාවට කන්න නෑ.. ඔවුනට කෑම එවන්න..- UN ලෝකයේ සියළු රටවලින් අයදී…”

  1. Ruwan demel says:

    මුන් 225ම Fail . රටට කෙළවපු මෙවුන්ව ඊළඟ ඡන්දෙදිවත් පරදවමු.

  2. Jon says:

    The money stashed away in Uganda and Seychelles should be enough to feed the country for a whole generation. Isn’t there anybody with balls to take these stinking deplorable family apart and make them cough up the stolen dollars.

Main News