ශ‍්‍රී ලංකාවට ඩොලර් හා යුරෝ ආධාරයක්…

September 16, 2022 at 7:10 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට ඩොලර් හා යුරෝ ආධාරයක්…

ශ්‍රී ලංකාවේ තිරසාර කර්මාන්ත සංවර්ධනය සඳහා යුරෝපා සංගමය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.83 ක් හා යූරෝ මිලියන 18.75 ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදී ඇති බව එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය රෙනේ වෑන් බර්කල් (Dr. Rane Van Berkel) මහතා පවසයි. ඔහු මෙලෙස පැවසුවේ ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයයේ ජාතික සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා වන ක්‍රියාකාරී කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.

මෙම ක්‍රියාකාරී කමිටු රැස්වීම පසුගියදා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය රෙනේ වෑන් බර්කල් මහතා සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විනි.

යුරෝපා සංගමය විසින් ශ්‍රි ලංකාවට ලබාදෙන මෙම ඩොලර් මිලියන 22.83 ක මුදල 2015 සිට 2023 දක්වා වන වසර 8 ක කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වෙන්කර ඇති අතර ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට බලපාන කාළගුණ විපර්යාස වලට මුහුණ දීම, බලශක්ති කළමණාකරණය, පුනර්ජනනීය බලශක්ති වලට යොමු කිරීම යන අංශ සංවර්ධනය සඳහා මෙම මුදල් යොදා ගැනේ.

ශ්‍රී ලංකාවේ ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය සකස් කිරීම, අපනයන ඉලක්ක කර ගනිමින් කර්මාන්ත වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම, රසායනික ද්‍රව්‍ය භාවිතය කළමණාකරණය කිරීම, ආහාර සුරක්ෂිතතාවය හා ගුණාත්මකභාවය තහවුරු කිරීම, නිෂ්පාදන වටිනාකම් දාම වැඩිදියුණු කිරීම, කර්මාන්ත මඟින් සිදුවන පරිසර දූෂණය අවම කිරීම, බලශක්ති කළමණාකරණය යන කරුණු ඉටු කර ගැනීම සඳහා ද එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) හා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සහය දක්වයි.

මිට අමතරව ශ්‍රී ලංකාවේ කෘෂි ආහාර නිෂ්පාදන සංවර්ධනය සඳහා යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) යූරෝ මිලියන 11 ක් ලබාදී ඇති අතර ආහාර සුරක්ෂිතභාවය හා ගුණාත්මක බව වැඩිකිරීම , ඒ සඳහා වන පහසුකම් වැඩි දියුණු කිරීම, පුහුණු කිරීම, ආහාර තතත්ව පාලනය සඳහා රසායනාගාර පහසුකම් ඇතිකිරීම, ආහාර දාම සංවර්ධනය සඳහා ව්‍යාපෘති රැසක් මේ සඳහා ක්‍රියාත්මක කරයි.

කර්මාන්ත අමාත්‍යාංශය සමඟ එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO),යුරෝපා සංගමය, විදුලි බල අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, ලංකා වාණිජ මණ්ඩලය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වැනි රාජ්‍ය හා පුද්ගලික අංශයේ ආයතන රැසක දායකත්වයෙන් මෙම ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ඒකාබද්ධ මෙහෙයුම් කමිටුව සකස් කර ඇති අතර මෙම කමිටුව මඟින් එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා සම්බන්ධීකරණය හා නිර්දේශ ලබාදීම සිදුකරයි.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත අපද්‍රව්‍ය කළමණාකරණ කටයුතු සඳහාද තවත් යූරෝ මිලියන 7.75 ක් වෙන්කර ඇති අතර කර්මාන්ත අමාත්‍යාංශය , පරිසර අමාත්‍යාංශය හා විදුලිබල අමාත්‍යාංශය සමඟ එක්ව මෙම අපද්‍රව්‍ය කළමණාකරණ ව්‍යාපෘති ක්‍රියාවට නංවා ඇත. මෙහිදී බලශක්ති විශේෂඥයන් 75 දෙනෙක් යටතේ බලශක්ති කළමණාකරණ පද්ධතියක් සකස්කර ඇත.

වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වය යටතේ මෙම කර්මාන්ත සංවර්ධනය සඳහා වන ජාතික සැලැස්ම ක්‍රියාවට නැංවීම තුළින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණූව හරහා ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම, නිෂ්පාදන විවිධාංගීකරණය සිදුකිරීම, ආනයනය අඩු කොට ආනයන ආදේශන ප්‍රවර්ධනයට කර්මාන්ත අංශයේ දායකත්වය වැඩි දියුණු කිරීම, අපනයන ආදායම් ඉහළ නැංවීම, බලශක්තිය හා සම්පත් කළමණාකරණය කිරීම, අගය දාම ඉහළ නැංවීම, ව්‍යවසාය නිපුණතා සංවර්ධනය කිරීම, කර්මාන්ත යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම යන කරුණු සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වේ.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය රෙනේ වෑන් බර්කල් (Dr. Rane Van Berkel) , UNIDO හි ජාතික අධ්‍යක්ෂ නවස් රාජාබ්දීන් හා රාජ්‍ය හා පුද්ගලික අංශ නියෝජනය කරමින් නිලධාරීන් රැසක් සහභාගි වූහ.

සී. ඩී. පුංචිහේවා
මාධ්‍ය ලේකම්

22,990 views

8 Comments to “ශ‍්‍රී ලංකාවට ඩොලර් හා යුරෝ ආධාරයක්…”

  1. සුද්දගේ ගුන්ඩුව says:

    එලබෙන ශීත සෘතුවේ (රුසියාවට සම්බාධක පනවන්නට ගොස් ගෑස් නැතිව සීතලෙන් බැටකන) ලක්ෂ ගනනක් යුරෝපය හැර පලා යාමට නියමිතය.. එසේ යුරෝපා රටවලින් පලා එන්නන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ලංකාවට දෙන ණයක් වශයෙන් තමා මේ යෝජිත IMF ණය රැවටිල්ල පෙනෙන්නේ.
    යුරෝපයේ ශීතලෙන් පලා යන්නන් ලංකාවට කඩාපාත් වීම හිගන්නාගේ පාත්තරේට හෙනහුරා වැටීමක් වනු ඇත.මන්ද සීමාසහිත ආහාර ද්‍රව්‍ය වැඩි මිලකට සුද්දන්ට අලෙවි කිරීමට ඇතිවන පෙළඹවීම නිසා පොදු ජනතාව ආහාර මිල ඉහල යාමටත් ආහාර හිඟ වීමටත් තවතවත් ගොදුරු වනු ඇත.
    ඊට අමතරව ලංකාවට එන යුරෝපා ජාතිකයන්ගෙන් ලංකාවට ලැබෙන ඩොලර් සහ යූරෝ මේ දෙන්නට යන IMF ණයවල ප්‍රයෝගකාරී පොලියට හිලව්කර නැවත යුරෝපය කොල්ලකාගනු ඇත.

    • aniwa says:

      hmm, you better see a doctor before your condition get worsen. good luck with your recovery.

      • Suddage Gunduwa says:

        ගොටාභයට චන්දෙ දෙන්න එපා කියද්දීත් මට ඔය වගේ දේවල් කිව්වා. මෝඩ පිස්සෝ එක්ක තර්ක කරන්න ගියාම කවුද පිස්සා කියලා හොයාගන්න බැහැ. ඒ නිසා මම නිහඩ වෙනවා.

      • Lunatic says:

        🐒🦌🐗 The Best Comment

  2. Shanghai Cooperation Organization says:

    Chinese leader warns of ‘color revolutions’
    Xi called on SCO members to work together to prevent attempts by external forces to provoke unrest
    Chinese leader warns of ‘color revolutions’
    Chinese President Xi Jinping attends the Shanghai Cooperation Organisation (SCO) leaders’ summit in Samarkand on September 16, 2022. © AFP / Sergei BOBYLYOV
    Member states of the Shanghai Cooperation Organization (SCO) must work with each other to prevent outside forces from organizing color revolutions in their countries, Chinese President Xi Jinping warned on Friday.
    මහජන චීනයේ නායක ෂී ජිංපින් බටහිර අනුග්‍රහයෙන් සහ උසිගැන්විමෙන් සිදුවිය හැකි බොරු විප්ලව ගැන ලෝකයට අනතුරු අඟවා සිටී.
    SCO රටවල් එවා කුඩු පට්ටම් කිරීමට සූදානම් බවට ඔහු අදාල පාර්ශවයන් වෙත දැනුම් දේ.

  3. Dishum says:

    ලංකාවෙ අය බටහිර ආක්‍රමණ ගැන හිත හිතා ඉන්න වා. ලංකා වෙ තියෙන්නේ වැටත්,නිව්යෝක් ගොයම් කන සීන් එකක්. රාජ්ය නිලධාරීන් ව්‍යාපාරික යො එක්ක එකතු වෙලා බදු හොරා කනවා.
    උදාහරණ වශයෙන් ලංකා බෙල් කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රසාද් සමරසිංහ නමැති හොර දෙටුවා දැක්විය හැක. Wimax , සහ CDMA නෙට්වර්ක් දෙකම එයාල පවත්වාගෙන යන්නේ නීති විරෝධී වෙයි. ලයිසන් ගාස්තු ගෙවා නැත. විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් ට නිදි බේත් ලබා දී ඇත.

  4. Boomerang says:

    පාස්කු ප්‍රහාරයේ නඩුවට මෛත්‍රීට උසාවියෙන් නොතීසි!
    ආරක්ෂක අමාත්‍යවරයාව සිටිමින් පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (16) නොතීසි නිකුත් කළේය.
    (චීනයේ ඉන්දියාවේ සහ රුසියාවේ හිතවතාට එරෙහිව සිරිල් ගාමිනීලා රාජපක්ෂලා රොනිල්ලා එකා වගේ වැඩ)😁😜

  5. ලංකා රා ජ‍යට බටහිරින් එෛතිහා සික ළෙස ඡනයා පැ මිනීමට නියමිතයි,.! says:

    යුරෝ පය තුළ ඉතා මත් වේගයෙන් අධික ළෙස උද්ධමනය වර්ධණය වෙමින් පවතී. ආහාර ජළය විදුළිය සහ ඉන්ධන වේගයෙන් සීමා වෙමින් පවතී,.!
    ඇති හැ කි පිරිස් ආහා ර අර්හූධයන් ගැ ළවීමට සහ විදුළිය නො මැ ති කර්කශ , මා රා න්තික, සීත ශ‍ෲතුවෙන් ගැ ළවී ඡීවිතය රැක ගැ නීමට පළා යෑ මට ද පෙළඹී ඇත,.!
    ලංකා රා ජ‍යට බටහිරින් එෛතිහා සික ළෙස ඡනයා පැ මිනීමට නියමිතයි,.!

Leave a Comment