ශ‍්‍රී ලංකාවට තවත් ණය දෙන්නේ නෑ.. හැමදාම මේක කරන්න බෑ..- ඉන්දියාව කියයි..

September 15, 2022 at 10:22 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට තවත් ණය දෙන්නේ නෑ.. හැමදාම මේක කරන්න බෑ..- ඉන්දියාව කියයි..

ශ්‍රී ලංකාවට දැනට ලබාදී ඇති ඩොලර් බිලියන හතරකට ආසන්න ණය ආධාර වලට අමතරව නව මූල්‍ය ආධාර ලබාදීමට සූදානමක් නැති බව ඉන්දියාව සඳහන් කරයි.

රොයිටර් පුවත් සේවාව ඉන්දියාවේ මූලාශ්‍ර උපුටා දක්වමින් මේ බව වාර්තා කරයි.

ඉන්දියාව මෙම තීරණය ගෙන ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ගිවිසුමකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගැනීමෙන් පසුව බවද වාර්තාව සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ දැන් තත්ත්වය මැයි සහ ජුනි මාසවල පැවති තත්ත්වයට වඩා යහපත් යයිද වාර්තාවේ සදහන්ය.

ශ‍්‍රී ලංකාවට දැනට ඩොලර් බිලියන 3.8 ක් වටිනා ආධාර ලබා දී ඇති බවත් ආධාර දීම රටවල් වලට දිගටම කරන්න නොහැකි බවත් ඉන්දීය රජයේ ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.

ඩොලර් බිලියනයක හුවමාරු ගිවිසුමක් සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා පැවැත්වෙන අතර ඉන්ධන මිලදී ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් සඳහා ද ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා රජය විසින් කර ඇති ප්‍රකාශයකට ඉන්දියාව ප්‍රතිචාර නොදැක් වූ බවද පුවත් සේවය සඳහන් කරයි.

29,681 views

10 Comments to “ශ‍්‍රී ලංකාවට තවත් ණය දෙන්නේ නෑ.. හැමදාම මේක කරන්න බෑ..- ඉන්දියාව කියයි..”

  1. FullStop says:

    බටහිර අධෝමුඛය ලෙවකන මහ එකා කටු ලොවන සුනඛ ඇමතිවරු දමා ලංකාවේ මිත්‍ර රටවලට ගරහනවා.
    (මෙරටට ආනයනය කරන සහල් මිනිස්සුන්ට කන්න හොද නෑ.. ඒවා සුදුසු සත්ව ආහාරවලටයි..- අමරවීර)

  2. බඩු බනිස් වගේ says:

    රනිල් ගැන ගෝටා ලොකු රහසක් හෙලි කරයි-
    ‘මම මාලදිවයිනේ ඉන්නකොට ඉන්දියාව මගෙන් ලොකු ඉල්ලීමක් කළා රනිල්ව ජනාධිපති කරන්න එපා කියලා. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයෝ එකඟ වූ විදියට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපති විදියට පත්කරන්න කියලයි ඉන්දියාව මගෙන් ඉල්ලීම් කළේ. ඒත් එහිදී මට විවිධ පාර්ශ්වවලින් බලපෑම් ආවා රනිල්ව ජනාධිපති කරන්න කියලා. අපේම අයත් මට ඇවිල්ලා කිව්වා රනිල්ට ජනාධිපතිකම දෙන්න කියලා. ඉතින් මට ආපු බලපෑම් හින්දා රනිල්ට ජනාධිපතිකම දුන්නා. හැබැයි මට හිතෙනවා ඒ වැඩෙන් ඉන්දියාව මගෙත් එක්ක තරහා වුණා වගේ කියල ’ යනුවෙන් ගෝඨා සිය හිතවතුන්ට කියා ඇති බව ආරංචිය

  3. හිටන් says:

    මැච් එක පැරදුනාම තරහා ගියා නේ

  4. Ruwani says:

    ලංකාව කාබාසිනියා කරපු රාජපක්ෂ බලු පරම්පරාවට හෙන වදීන්න ඔන. ලංකාවේ වෙන මිනිසුන් හිරේ දාන්න කුලියට නඩු දාපු උන්ටත් මෙවැ පේන්නේ නැහැ ,ජනතාව දුක් විදිනවා. බෙහෙත් නැතිව කන්න නැතිව මැරෙනවා..ගත් ණය ගෙගන්න බැරිව වහා බොනවා, පොඩි දරුවා ප්‍රශ්න.

  5. කැපුවත් පොහොට්ටුවට says:

    තොපේ සල්ලි අපිට ඕන නෑ. ඔය පාරවල් වල කක්ක කරන එවුන්ට ලැට් හදල දීපල්ල.

    • හෙළු ඛක්කා පුතුනී says:

      අනේ බං ඩුබායි ඇවිත් බලපන් ලංකාවේ එවුන් පාරවල් වල මළපහ කරකර රස්සා නැතිව හිගාකන විදිය.
      තොපිට පුලුවන් නම් මූදෙන් පීනලා ගිහිල්ලා හරි ඉන්දියාවට පලයල්ලා.. උන් ඉන්දියාවේ පාරේ ඇති අසූචි සුද්ද කරන්න උඹලට ජෝබ් දේවි.

  6. සමනා says:

    ආධාර ද ණය ද බං

  7. JR says:

    චීනෙන් බේරිලා ඉන්ඩ ඕන්නං ණය දෙන්ඩ වෙයි… Give loans or face to CHINA… ☝️😁

  8. JR says:

    India should give loans or Chinese spy ships will come, ok.

Leave a Comment

Main News