ශ‍්‍රී ලංකාවට මාසයකින් කිසිම ඉන්ධන නැවක් නෑ….

June 30, 2022 at 10:22 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට මාසයකින් කිසිම ඉන්ධන නැවක් නෑ….

ශ්‍රී ලංකාවට මාසයකට වැඩි කාලයක් තුළ කිසිදු ඉන්ධන නෞකාවක් නොපැමිණිමේ තත්ත්වයක් උදාවී තිබේ.

අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඊයේ දිනයේ සඳහන් කරන ලද්දේ ජූලි මාසයේ 22 දින තෙක් ඉන්ධන නෞකාවක් මෙරටට සපයා ගැනීමට නොහැකි වනු ඇති බවයි.

කෙසේ නමුත් ඊට පෙර නැවක් හෝ දෙකක් ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

ඉන්දීය ණය ක්‍රමය යටතේ රටට ලැබුණු අවසන් ඉන්ධන නෞකාව පසුගිය 16 වනදා ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඉන් අනතුරුව ජූනි මස 23 සහ 24 ඉන්ධන නැවු දෙකක් මෙරටට ගෙන්වා ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත.

සාගල රත්නායක මහතාට අනුව මීළඟ ඉන්ධන නෞකාව ලැබෙන්නේ ජූලි මස 22 වැනි දා නම් ඒ අවසන් නෞකාව ලැබී මාසයකට වැඩි කාලයක් ගත වූ පසුය.

සපුගස්කන්ද පිරිපහදුවෙන් ඉන්ධන නිපදවන්නේ නැතිනම් ශ‍්‍රී ලංකාවට මාසිකව ඉන්ධන නෞකා 10-12ක් අතර ප‍්‍රමාණයක් අවශ්‍ය වෙයි.

93,536 views

8 Comments to “ශ‍්‍රී ලංකාවට මාසයකින් කිසිම ඉන්ධන නැවක් නෑ….”

  1. ජනප්‍රිය says:

    අර ට්විටර් කංචනයා ඉන්ධන කට්ටටම හිදෙනකම් ඉදලා කොහෙදෝ රටකට ගියා බූලියකට තෙල් ටිකක් පුරවන් එන්න කියලා.

  2. කාදිනල් උන්නාන්සෙට කියලවත් සූරවමක් කරමූ රෝමෙටවත් යවලා.... says:

    කාදිනල් උන්නාන්සෙට කියලවත් සූරවමක් කරමූ රෝමෙටවත් යවලා….අනේ මගෙ පටන් කයන්න.

  3. පොඩි එකා says:

    1) මීලඟ දින 3 ට තෙල් නෑ.
    2)මේ සතියකට නෑ
    3) ඉදිරි සති තුන අමාරු වෙයි
    4) මාසෙකට නැව් නෑ…

    ඔව්වා නෙ මෙච්චර කල් කිව්වෙ

    5) තුං මාසෙකට නෑ
    6) හත් අවුරුද්දකට නෑ පකෝ
    7) මැරෙනකල් නෑ , කැකුන ඇට තලලා ගෙදරදීම හදාගනිං.
    8) දැං සැපද ?
    9)අයියෝ මට වැරදුනා
    10) පයිං යමං එතකොට ආයුස වැඩි වෙනවා

  4. Jayantha says:

    මෝඩ බූරු ගොතා ගෙදර යනතුරු ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු නොවෙනු ඇත.

  5. අම්මට සිරි.....එහෙනම් මේ මාසෙන් මාරුවෙන් පාටක් නෑ...කරුවලේම තමයි... says:

    අම්මට සිරි…..එහෙනම් මේ මාසෙන් මාරුවෙන් පාටක් නෑ…කරුවලේම තමයි…

  6. srilankan says:

    all ratto batto kardinal omalpe charles thomas thachchi nona , nalu batto etc danced to destroy the country and give everything to India and USA.
    All can now live happily with indian oil USA electricity Singapore air lanka what a great nation ?
    JVP peratto might think they can again start ralla as they started in 89 against the indian army, but remember history would not repeat this time. Anura and his clan might get visa to USA or EU for their part.

  7. atta says:

    මේවා හැමදාම ත් කියනව ඒත් ලොකු වාහන යනව. මෙම වාර්තාව ඇත්තද? මේකෙ බොරුත් දානව.

  8. masayakma rata wahala dala gedarata wela inna thibba kanan bonna okkoam nikan denawanam

Main News