ශ‍්‍රී ලංකාවට සහාය දෙන්න නම් ආර්ථික පදනමක් සකස් විය යුතුයි..- IMF ප‍්‍රධානී

May 26, 2022 at 9:20 am | lanka C news
ශ‍්‍රී ලංකාවට සහාය දෙන්න නම් ආර්ථික පදනමක් සකස් විය යුතුයි..- IMF ප‍්‍රධානී

ශ්‍රී ලංකාවේ ආර්ථික ශ්‍රී ලංකාවට සහය ලබාදීමට ආර්ථික පදනමක් සකස් විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

එහි කළමනාකාර අධ්‍යක්ෂ කි‍්‍රස්ටිනා ජෝර්ජිවා මහත්මිය සඳහන් කරන්නේ ‍ශ‍්‍රී ලංකා ආර්ථිකය ප්‍රතිව්‍යුහගත ගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබුණු පසු සහාය ලබාදීමට සූදානම් බවයි.

ඇය මේ බව සඳහන් කරන්නේ ඉන්දීය රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිද වැටී ඇතැයිද පවසන අැය පවතින අර්බුද හේතුවෙන් තම හදවත බිඳී ගොස් ඇතැයිද කියා සිටියාය.

26,702 views

11 Comments to “ශ‍්‍රී ලංකාවට සහාය දෙන්න නම් ආර්ථික පදනමක් සකස් විය යුතුයි..- IMF ප‍්‍රධානී”

  1. Ruhdtug says:

    Thaman hisata thama athamaya sevanella

  2. Palle says:

    Funny translation “තම හදවත බිඳී ගොස් ඇතැයිද කියා සිටියාය” . heartbroken = සිත් තැවුලට පත් විය. / කම්පනයට පත් විය.

    • Funny Jonny says:

      මුන්ගේම බටහිර University වල පශ්චාත් උපාධි කරලා මුන්ම රෙකමන්ඩ් කරපු උන් තමයි මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය කලමණාකරනය කලේ.. දැන් මුන් අපට කියනවා මේ අර්බුදයට හේතුව වැරදි කලමණාකරනයලු. කොයි කොනෙන් හිනා වෙන්නද මන්දා.

  3. උම්බෑමේන්තුව says:

    හරිනේ ඉතින් අර කොල්ලෝ කෙල්ලෝ ඉල්ලන එක, 200 ගාණක් වූ අම්බරු රැළම යා යුතුයි කියලා. අවුරුදු 70 ගාණක් රට කාපු එවුන්, දැන් මොනවා කළමනාකරණය කරන්නද? මෙච්චර කෙළවෙලත් තවම තටමනවනේ හරි වැඩපිලිවෙලක්, පසුගිය වැරදි නිවැරදි කරගැනීමක් නැතිව. නිවැරදි කරන්නේත් කොහොමද වැරදි කරපු එවුන්ම බලයේ ඉන්නකොට?

    • සමYoung says:

      ඔව් රට බාරදෙමු අන්තරේ මුදලිගේටයි නාමල් බේබිටයි.උන් දෙන්නම නව පරපුර තමා.

  4. Citizen says:

    Absolutely correct. IMF will not give funds to a country without clear policies on Governance and management of the economy. We can only have these policies confirmed thru a national debate.

  5. Debt Trap says:

    IMF එකේ මේ ෂයිලොක්කලා කියන්නේ දරුවන්ට කිරිපිටි ගේන එක නවත්වලා, ඉස්පිරිතාලවලට බේත් ගේන එක නවත්වලා දැනට තුන් වේලෙන් එක වේලක් විතර ලෙවකන එකත් නවත්වලා අපිට ආපහු ණය ගෙවන්න පටන් ගනිල්ලා කියලයි.

    • ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

      පල බත් බැලය යන්න.
      ආර්ථික ප්‍රතිසස්කරණ කියන්නේ මොනවද කියල දන්නේ නැති බත් කන හරක්.

  6. Rakitha says:

    මහින්දව එලවලා කරගත්තු විනාහය තමයි. චීනය ගියා, ලෝක බැංකුව ගියා, දැන් අයිඑම්එ යන්න හදනවා. මහින්දගේ නායකත්වයෙන් ගොටාබයට ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියනවා. මහබැන්කු හොරැන්ට ජාත්‍යන්තර සහාය ලැබෙයිද? ලංකාවේ මෝඩ මිනිස්සුන්ව jvp සහ diaspora එකතු වෙලා ගොනාට ඇන්දුවා

  7. මේක වුනා නම් අද රටට මේ කරදරය නොඑන්න තිබ්බා says:

    උපන් ගෙයි මෝඩයන්වූ ඇමතිලා ටිකක් ඉස්සරහා අසුන්වල ලොරි ටෝක් දදී පිම්බුනා මිසක් මුන්ට දන්නෙ ගැහිල්ල විතරමයි. පාලකයොත් මෝඩයො ඔළුව උඩ තියා ගත්තෙ උනුත් ඒ වගේම ගොන් නිසයි. පෞද්ගලික අංශයෙ සේවකයො මුළු අවුරුද්දම සැලසුම් කරලා වැඩ කරන කොට පාර්ලිමේන්තුව කිසිම දවසක රටට සැලසුම් ඇන්දෙ නෑ. උන් සැලසුම් කරන්නෙ කොමිස් ගහන්න. පොහොට්ටු කාලකන්නි මෙයට අති දක්ෂයො. අනිත් අයගෙ කෙරුවාවත් බලන්න පුළුවන්.මුන්ට බලෙන් හරි සැලසුම් අන්දවන්න වුනේ නැත්නම් නිකන් කකා බිබී කියවන නරි රැලක් මිස, ප්‍රායෝගික වැඩ කිරීමේ පුරුද්ද මෙහෙමවත් අා එක ලොකු දෙයක්.

  8. Gamarala says:

    මුලින් 222 ඉවත් කල යුතුයි. ජේ වී පි 3 දෙනා හැර

Main News