ශ්‍රී ලංකාවට IMF ක්ෂණික ණයට චීනය හරහට හිටී.. චීන ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමැත්ත නොදේ..
April 25, 2022 at 10:40 am | lanka C news
අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ක්ෂණික ණය පහසුකමක් (RFC) ලබා ගත නොහැකිව ඇත්තේ මෙරටට ණය ලබා දී ඇති ප්‍රධානම ණය හිමියන්ගේ එකඟතාවක් නොමැති නිසා බව වොෂින්ටනයෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති ප්‍රධානම පාර්ශ්ව දෙක වන්නේ ඉන්දියාව සහ චීනයයි. ශ්‍රී ලංකාවට කඩිනමින් සහන සලසන ලෙස ඉන්දියාව මේ වන විටත් නිල වශයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ඉල්ලීමක් කර ඇති නමුත් චීනය මෙතෙක් තම පාර්ශ්ව විසින් ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමකට කැමැත්ත පළ කර නොමැත.
පසුගිය අප්‍රේල් 18 වැනිදා වොෂින්ටනයේදී මුදල් ඇමැති අලි සබ්රි ඇතුළු පිරිස මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග සාකච්ඡා ආරම්භ කළ අතර එහිදී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීමක් වූයේ IMF විසින් ප්‍රධාන ණය වැඩසටහන ක්‍රියාත්මක කරනතුරු මෙරටට ක්ෂණික ණය මුදලක් (RFC) ලබා දෙන ලෙසයි. එහිදී IMF විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධානම කොන්දේසියක් වූයේ RFC පහසුකම ලබාදීමට නම් ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගෙන ඇති විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන්ණය හිමියන් විසින් පිළිගත් වැඩසටහනක් පළමුව සකස් කළ යුතුය යන්නයි. එසේම සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති ප්‍රධාන පාර්ශ්ව එකඟවිය යුතු බවද එහිදී IMF විසින් පෙන්වා දී ඇත.
IMF මෙම කොන්දේසිය සම්බන්ධයෙන් චීනය මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වෙනුවට එම ණය ගෙවා දැමීම නව ණය මුදලක් ලබා දීමට පමණක් එකඟතාව පළ කර තිබේ. පසුගිය අප්‍රේල් 21 වැනිදා විදේශ ඇමැති මහාචාර්ය ජී.ඇල්. පීරිස් කොළඹ චීන තානාපති චී චෙන්ග්හොන්ග් හමුවී සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කර දෙන ලෙසට විශේෂ ඉල්ලීමක්ද කළ නමුත් එහිදීද තානාපතිවරයා ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත.
ඉහත හමුවෙන් අනතුරුව විදේශ ඇමැතිවරයා රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවට IMF වෙතින් ණය පහසුකමක් ලබා ගැනීමට තවත් මාස 06ක් පමණ කාලයක් ගත වනු ඇති බවයි. මේ අතර සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනක් තවත් දින 20ක් පමණ ඇතුළත සකස් කරන බව මුදල් ඇමැති අලි සබ්රි වොෂිටන්යේදී ප්‍රකාශ කර ඇත.
– අරුණ
Fake news. Chines claim only 10% of our external loan.
meken lankawa goda awoth wenne cheennu plan karapu mankolla walata idak nathi wenawa….african ratawal godak winasha kala widihata ape rata winasha karala alla ganna bari wenawa.naya denawata akamati ekai.
China mahinda good friend big talk
Lets give Nelum Kuluna – Lotus Tower to China permantly with that Military men there. Thats a best deal to close loan settlement.
මේ මෝඩ ආණ්ඩුව දැන් යන්නේ රියදුරෙකු නොමැති බස් රථයක් ගානටයි. නොබෝ කලින් පාරෙන් ඉවතට පැන විශාල අනතුරක් සිදුකර මගීන් අනතුරේ හෙලනු ඇත. සමහරු මිය යන අතර අනිකුත් අය බරපතල ලෙස තුවාල වේ. නැවත කිසිදා සුව කල නොඅහැකි ආබාධ ඇතිවනු ඇත. දැන් ඉන්දියාව අපට ණය දෙන්නේ ආදරයට නොව ඔවුන් ඉතා ඉක්මනින් අපගේ ආර්ථික මර්මස්ඨාන සියල්ල ඔවුන්ගේ ග්‍රහණය නතු කරගනු ඇත. එවිට අපට කිසි දා හි එසවිය නොහැක. අවසානය අප ඔවුන්ගේ නිලනොලත් ප්‍රාන්තයක් වනු ඇත. වහාම ජනතාව මැදිහත් වී මේ වසනයෙන් රට ගොඩ ගනු.
ලංකාවෙ සමස්ත විදේශ නය වලින් චීනය දීලා තියෙන්නෙ 10% ක් පමනයි. එතකොට ඉතුරැ 90% ම දැන් ඔය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙලාද කියන එක ප්‍රශ්නයක්. එහෙම නැත්තං ඇමරිකන් වහල්ලුන්ගෙන් පිරැනු IMF එක මේ වෙලාවෙ චීනෙ කමයි ප්‍රශ්නෙ කියලා උස්සලා පෙන්නන්න කරන බාල උත්සාහයක් වෙන්නත් පුලුවන්.
පලයං බයියෝ යන්න ගිහිං පස්ස ලෙව කාපං පුලුවන් නම් ගූත් කාපං, මිනිසුන් මෙච්චර පාරට බැහැලා නෑ ගාලත් මේ නරියාට පේන්නේ නැද්ද.
චීනය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණයෙන් 10%ක් පමණක් දරයි (එය විශාලතම කොටසද නොවේ), නමුත් තවමත් චීනය නරකයි?
චීනය baaaaaaaaddddddddddd!!!!!!!
In London Zoo, a Child fell into a Crocodile Enclosure. The mother was terrified and everybody was clueless when Two Men jumped into the Enclosure and rescued the Child.
The Mother was very grateful and wanted to thank them both when she saw that one was Russian and the other was Chinese.
Next Day the English Newspaper Headlines were – RUSSIAN AND CHINESE MEN STEAL LUNCH FROM POOR CROCODILE
මහ ලොකුවට සමාජ වාදයේ ලොකු ටෝක් දිදී චීනයට අවැඩූ චීන්නුන්ගෙන් පොඩි පොඩි වරප්‍රසාද ගත්තවුන් කෝ දැන්? චීන්නු කියන්නේ තම රටේ දුප්පත් මිනිස්සුන්ට පඩි නොගෙවා වැඩ ගන්න හාම් පුත්තු ඉන්න නරකාදි රටක්. මේ රටේ වැඩ කරන ජනතාව පඩි නොලැබීම හේතුවෙන් සිය දිවි නසා ගන්නවා. මුන්ගේ පස්ස පාරෙ දුවමින් IMF එක නොතකා ණය ගත්තෙ වෙනෙකක් නිසා නොවෙයි. චීන්නුගේ ආණ්ඩුව හොර වැඩ වලට පැකිලෙන්නෙ නෑ. රාජපක්ෂවරුන්ගේ පොකට්ටුවට කොමිස් තියන්න බටහිර සමාගම් අකමැති වුනත් මුන් එහෙම නෑ. ඒකනෙ අසූචි නැවට කොමිස් තියලා බඩුත් නැතුව මුදල් ගෙව්වෙ. මුන් තව හිටියොත් බැංකු කඩා වැටී රට විනාශ වෙනවා.