ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට පකිස්ථානයේ සහාය….

June 18, 2022 at 5:30 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට පකිස්ථානයේ සහාය….

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේත් පූර්ණ සහාය ලබාදෙන බව පකිස්ථානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි (Umar Farooq Burki) මහතා පවසයි.

17 පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙමින් උමාර් ෆාරුක් බුර්කි මහතා මේ බව සඳහන් කළේය.

දෙරට අතර සමීප සහ බහුපාර්ශ්වික සබඳතාව, දේශපාලන, වෙළෙඳ, සංස්කෘතික, ආරක්ෂක, සංවර්ධන සහයෝගීතාව තවදුරටත් තහවුරු කරන බව මහ කොමසාරිස්වරයා පැවසීය.

මානුෂීය ආධාර ලෙස තෝරාගත් ඖෂධ මෙරටට ලබාදීම, එරට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පකිස්ථාන රජයට ස්තූතිය පළ කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳ ජනාධිපතිතුමා මහ කොමසාරිස්වරයා දැනුවත් කරනු ලැබීය.

පවතින තත්ත්වයෙන් මිදීමට පකිස්ථාන රජයේ සහාය ලබාදෙන බවත් කඩිනමින් ශ්‍රී ලංකාව සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තමා ප්‍රාර්ථනා කරන බවත් උමාර් ෆාරුක් බුර්කි මහතා පැවසීය.

– ජනාධිපති මාධ්‍ය අංශය

21,489 views

5 Comments to “ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට පකිස්ථානයේ සහාය….”

  1. 225 අම්මලාට says:

    යකෝ අපේ රටේ ප්‍රශ්නය විසදන්න කලින් උන්ගේ ප්‍රශ්න ටික විසදගෙන ඉන්න කිව්වනම් තමයි හරි..😂😂😂😂

    • හේනේ මාමා says:

      යුද්ධෙ කාලෙත් උන් අපිට උදව් කරේ උන්ට නිධාන පහල වෙලා නෙමේ. ඒ වුනාට සල්ලි ගඟේ පීනන, අපේ ගොන් හැත්ත කරේ තියාගෙන ඉන්න බටහිර රටවල් වලින් කෝ උදව්. කෝ ‍රැජිනයි එංගලන්තෙයි? අගරදගුරු මේ රටට සල්ලි එවන්න එපා කියපු නිසා ප්‍රේශන මදි වෙලා පෝලිමේ ඉන්න ගමන් උදව් කරන එකාටත් බැන බැන හිටපන්. ආණ්ඩුවටම හරියන ජාතිජේ කාලකන්නි.

  2. Sam says:

    ඇයත් නොදන්නිය ඇය යන මානය,
    හිටිතැන් මතකයෙ …

  3. john the Baptice says:

    පකිස්ථානය චීනෙන් නය ගන්නේ.

    • Love nature says:

      නැවත මද්රාසා පාසල් විවෘත කරයි වගේ ..නැගෙනහිර මුස්ලිම් රාජ්‍යක් නැවත ආරම්භ කරයි ,,නන්දසේන කරන්නේ රට ජාතිය විනාශ කිරීමයි මේකත් බදියුදීන් විල්පත්තුව විනාශ කිරීමට ලැබුණු දඩුවම පැල සිටුවීම වගේ එකක් ..හිටෝපු ගසකුත් නැහැ විල්පත්තු වන රක්ෂිතයේ විනාශයට ලැබුණු දඩුවමකුත් නැහැ