ශ්‍රී ලංකාවේ තත්වය නරග අතට.. විරෝධතා ප‍්‍රචණ්ඩකාරී වෙමින්..- UN නිවේදනයක්

April 7, 2022 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකාවේ තත්වය නරග අතට.. විරෝධතා ප‍්‍රචණ්ඩකාරී වෙමින්..- UN නිවේදනයක්

ශ්‍රී ලංකාව තුළ නරක අතට හැරෙමින් පවතින ආර්ථික අර්බුදයට එරෙහි විරෝධතා වල නිරත වන පිරිස් පිළිබඳව සාමකාමී ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය රජයෙන් ඉල්ලා සිටී.

ආර්ථික අර්බුදයෙන් පීඩාවට ලක්වී ආතතියෙන් යුතුව හැසිරෙන රට වැසියන් මර්දනය කිරීමට ආණ්ඩුව විවිධ නීති හා අණ පනත් හරහා කටයුතු කරන්නේදැයි සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද එම කාර්යාලය කියා සිටී.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්වය අයහපත් වීම හේතුකොටගෙන ආහාර හා ඉන්ධන හිඟයක් ඇති බවත් විදුලිය විසන්ධි කිරීමේ කාලය දීර්ඝ වී ඇති බවත් ඒ සමඟම රට වැසියන් විරෝධතාවලට පෙලඹී සිටින ආකාරය නිරීක්ෂණ වන බවත් ඔවුන් සඳහන් කරති.

මෙම තත්ත්වයන් මත කලකිරී සිටින ජනතාවට ඔවුන්ගේ විරෝධතා පෑමේ ස්වභාවය වඩාත් ප්‍රචණ්ඩකාරි වීමට පෙර ජනතාවගේ ඉල්ලීමට කන් දී ආර්ථික අර්බුදය විසඳීමට පාලක රජය අනිවාර්යෙන්ම සිදු කළ යුතු බවද එහි මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළේය.

73,526 views

14 Comments to “ශ්‍රී ලංකාවේ තත්වය නරග අතට.. විරෝධතා ප‍්‍රචණ්ඩකාරී වෙමින්..- UN නිවේදනයක්”

  1. අරුණ කුමාර says:

    මේ පත්තරේට කේලම් වපුරන කොට අකුරු වරදිනව. ප්‍රශ්නය ඇවිස්සුවේ වීරවංශලා පුද්ගලික වාසියට. දැන් ජප්පනුයි, සජබොයි වපුරගෙන කන්න හදනවා. අනුර වගෙ වාචාලයෙක් කිව්ව පළියට ජනාධිපති බය වෙලා ගෙදර යනවා නම් ව්‍යවස්ථාව මොටද?

    • nande says:

      ව්‍යවස්ථාව මොකක්ද අහන්න කලින් හොරා කාපු නිසා, වගකීමක් , වග වීමක් නැති නිසා, හරි වැඩප්ලිවලක් නැති නිසා යන්න කියන්නේ කියල තේරුම් ගනින්

  2. Boo says:

    කියන්න ලේසියි. ඇයි බල බලා ඉන්නෙ? ඔය තරමටම අපිට ආදරේනං නරකද ඒ පීඩිත ජනතාවට සහනාධාර ටිකක් එවුවොත්?

  3. JR says:

    UN එකට පක්ෂ වුනා නං ඕන මර්දනයක් හා නේද.? තොපි UN හැත්ත තමයි ලොකය විනාස කරන්නෙ…

Main News