බංකොලොත් ශ්රී ලංකාවට රුසියානු බොරතෙල් ගොඩබායි…- බ්ලුම්බර්ග්
May 28, 2022 at 9:20 am | lanka C news
බරපතළ ඉන්ධන හිඟයකට මුහුණ දී තිබෙන ශ්රී ලංකාව රුසියානු බොරතෙල් ආනයනය ආරම්භ කර ඇති බව බ්ලුම්බර්ග් සඟරාව වාර්තා කරයි.
‘බංකොලොත් ශ්රී ලංකාවට රුසියානු බොරතෙල් ගොඩබායි’ යන හිසින් යුතුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ උපුටා දක්වමින් එම පුවත් වාර්තා සඳහන් කරන්නේ රුසියාවේ ලයිබීරියා ලයිට් බොරතෙල් සපුගස්කන්ද පිරිපහදුවේ පිරිපහදු කිරීමට සූදානම් කරමින් ඇති බවයි.
මැයි මස 28 වන රුසියානු බොරාතෙල් ශ්රී ලංකාවට ලැබෙනු ඇති බවද වාර්තාව සඳහන් කරයි.
රුසියාව යුක්රේන ගැටුමත් සමග ඇමරිකාව සහ යුරෝපා රටවල් සම්බාධක පැනවීමෙන් පසු රුසියානු බොරතෙල් පිළිගන්න ලද නවතම ආසියානු රට ශ්රී ලංකාව බව ද චීනය සහ ඉන්දියාව ඇතුළු ආසියානු පාරිභෝගිකයන් රුසියානු බොරතෙල් පරිබෝජනය ඉහළ ගොස් ඇතැයි ද එම වාර්තාව කියා සිටී.
ඉතා හොද තීරනයක්.
Finally…. someone who has a brain has taken a correct decision…. Russian oil is much cheaper and it has an extended credit line
Same thing could have been done to gas situation too
Let’s give this administration an opportunity to settle these issues…..all others are just criticizing and talking only.
This is the time to take actions…..All the best.
කවුරු කළත් හොඳදේයට හොඳයි කීමට අපි දේපාරක් සිතන්නේ නැහැ.බොහොම හොඳ තීරණයක්.Alapaluwa from**
නියමයි කොහෙන් හරි අඩුවට දෙන තැනකින් ගත්තනමි තමයි හරි
GOOD DECISIONS. PUTHANO GE EWA NOWEI NEDA PUTHANO MASSAGE EKAK DAMAVI MAGE BADU KIYALA.
පාර්ලිමෙන්තුවෙ ඉන්න ගොන් නමුත් කොමිස් කෑදර කපුටො වැඩි මිල දීල පෙට්රල් සහ ඩීසල් ගෙනාවෙ අහවල් දේකටද? ඒ වගේම ඛනිජ තෙල් පිරිපහදුවෙ දේශපාලන බලයෙන් සුදුසකම් නැති සේවකයො වන්දි ගෙවා අයින් කරන්න .සේවකයන් අතිරික්තයක් ඇත්නම් ඔවුන්ට මැද පෙරදිග රැකියා සහ රට රැකියාවලට අත් දැකීම් ලිපි දී පිටත් කරන්න. වෘත්තීය සමිති වුනත් රටට වැරදි දේ කරයි නම් ඇමති සහ නායක කියා වෙනසක් නැතිව නීතිය ක්රියාත්මක කල යුතුයි. ඒත් මහින්ද සහ ජොනීට විරුද්ධව නීතිය ක්රියාත්මක වීම ප්රමාද ඇයි? අපට පාර්ලිමේන්තුවේ 15 ක් සිටියම ඇති කියා නීතිඥ සංගමය දුන් අනුමතය අභබවා මැට්ටන් නැවත පැමිණ ඇත්තේ ඇයි?
තීරණේ නං හොඳ තමා , ඒ උනාට ඕක ගෙනාවත් ඇමතිට කියන්න තියෙන්නෙ පාඩුවට තෙල් බෙදනවා කියලම විතරයි .
ඉතාමත් හොඳ තීරණයක්…Salute to all for those whoever took part of this decision to implement…
ලංකාව ඉන්න තත්වය සළකා බලාවත් රුසියන් oil ගැනීම ගැන බටහිර රටවලිං ලංකාවට විරෝධයක් මතු නොවුනොත් හොඳයි
උන්ගෙන් වෙන සහයෝගයක් නැත්නම් ඉතින් විරුද්ධ වුනා කියල අපිට මොකද
Good decision 👏