ශ්‍රී ලංකාවේ සියලුම පෞද්ගලික රෝහල් විදෙස් දානපතියන්ගෙන් බෙහෙත් ඉල්ලයි…

May 1, 2022 at 3:50 pm | lanka C news
ශ්‍රී ලංකාවේ සියලුම පෞද්ගලික රෝහල් විදෙස් දානපතියන්ගෙන් බෙහෙත් ඉල්ලයි…

ශ්‍රී ලංකාව තුළ ඇතිවී තිබෙන උග්‍ර ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන්  දිනෙන් දින  අවදානමට ලක්වෙමින් පවතින  අහිංසක  රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා හැකි ඉක්මණින් ඖෂධ සහ වෛද්‍ය උපකරණ මෙරටට පරිත්‍යාග කරන ලෙස පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ වෙනත් දානපතියන්ගෙන් ඉල්ලා සිටියි.

විදෙස්  සංචිත  සිඳීයාමත් , ඩොලර්  හිඟයත් හේතුවෙන්  ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වා  ගැනීම  බරපතල  ප්‍රශ්නයක්  වී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින්  පෙන්වා දෙන  පෞද්ගලික   රෝහල්  සහ  සාත්තු  නිවාස  සංගමය  මේ  වනවිට ශ්‍රී ලංකාවේ  සමස්ත  රෝහල් පද්ධතියම  දැඩි අර්බුදයකට මුහුණදී තිබෙන බවද  පවසයි.

ඉතා  ඉක්මණින් මේ තත්ත්වය මඟහරවා  ගැනීම සඳහා පියවරක් නොගතහොත් ඉදිරියේදී මෙරට  සමස්ත සෞඛ්‍ය  පද්ධතියම දරුණු කඩාවැටීමකට ලක්විය හැකිබවටද ඔවුන් අනතුරු  අඟවා ඇත.

ශ්‍රී ලංකාවේ සියලු පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස නියෝජනය කරන එකමුතුව ලෙස සිය සංගමය අවස්ථා රැසකදීම මෙම අවදානම් තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව දැනුවත් කිරීමට පියවර ගත් බවත්,මේ වනවිට හිඟවී ඇතැයි  හඳුනාගෙන  තිබෙන ප්‍රධාන  ඖෂධ වර්ග 76ක් පිළිබද පසුගියදා  සෞඛ්‍ය අධක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා දැනුවත් කළ බවත් සංගමය විසින් නිකුත් කළ එම  නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත.

ඒ අනුව,සෞඛ්‍ය අමාත්‍යංශයේද අනුමැතිය ඇතිව, ලේඛනයේ ඇති සහ  නැති ඖෂධ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග ලෙස මෙරටට ගෙන්වා ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය විසින් දියත් කර ඇති අතර,එම ඖෂධ රෝගීන් වෙත සම්පූර්ණයෙන්ම  නොමිලේ ලබාදීමට කටයුතු කරන බවටද සංගමය විසින්  සහතිකයක්  ලබාදී ඇත.

මේ සදහා දායකවීමට බලාපොරොත්තු වන පරිත්‍යාගශීලීන්ට +94 0777755171 (ආචාර්ය ආනන්ද කුරුප්පු ආරච්චි-සභාපති ),   +94 0773497515 (වෛද්‍ය සුනිල් රත්නප්‍රිය – ලේකම් ) යන දුරකථන අංක හෝ  pnh.info@yahoo.com  සහ sunilratnapreya54@gmail.com  ඊ මේල් ලිපින ඔස්සේ පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය සමග සම්බන්ධ විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

58,111 views

11 Comments to “ශ්‍රී ලංකාවේ සියලුම පෞද්ගලික රෝහල් විදෙස් දානපතියන්ගෙන් බෙහෙත් ඉල්ලයි…”

  1. Sathya says:

    Free labena beheth gini ganan walata bill karala leddunta dewi.
    Asiri, Durdans, LHD, RHD, Nawaloka main private hospital

  2. Pronto says:

    Bohoma lassanai ape rate Palakayani!!!

  3. Simon says:

    Why don’t you try to stolen money back?

  4. කපටි දොස්තර says:

    ඔය දොස්තරයන්ට ගෙවන පඩිය බාගෙට බස්සන්ඩ. ඕකුන් පිනට ඉගෙන ගෙන ඔය ලොකු පඩි ඉල්ලන්නේ. දුප්පතුන්ගේ සල්ලි වලින් උපාධිය අරගෙන දුප්පතුන්ටම කෙලින දොස්තරයන්ට පඩි අඩු කරාට පව් සිද්ද වෙන්නේ නැහැ.

    • නරි කෑෂ් says:

      උබ හිතුවද ඕව ඔක්කොම අයිති දොස්තරලට කියල, උබ වගේ ඉගෙන ගන්න කාලේ පිස්සු කෙලලා කාලකන්නි උන අමනයන්ට උල තිබ්බනම් හරි පාරවල් වල එතකොට අනිත් උන්ට ඉරිසියා කර කර ඉන්නේ නැතුව ඉගෙන ගනී.

  5. wimalasena H.D. says:

    okata pilithura videswalin hingaakana eka nevei gono, ko thope ara wesi vanniaarachchi, keheliya dobiya, saha
    anikuth moda suruttu sinhala saukhya emathila? deepiyaban saukhya emathikama newathath rajitha senarathna
    vethata. serama piliwelata ei

  6. Pirimi Nurse says:

    Lajjai! Kujeethai!

  7. Sahana says:

    කිසිම දෙයක් දෙන්න එපා ඔය ලේ උරබොන්නන්ට. ඕකත් විකුණනවා ගිනි ගානට. Public fund එකක් තියනවා මහබැන්කුවෙ. Very transperent. යන්නෙ ආන්ඩවෙ ඉස්පිරිතාලට එන දිලින්දු අයට. This is the need of the hour .

  8. Hondahitha says:

    මේ බෙහෙත් විදේශ වල ඉන්න අයට ගන්න prescription එකක් නැතිව බැහැ. එහෙම ගත්තත් සතියකට දෙකකට විතරයි ගන්න පුළුවන්. අනෙක රෝගීන්ට විතරයි ගන්න පුළුවන්. ක්‍රමවේදයක් හදලා දෙනවානම් අපි ඩොලර්වලින් මේ රටවල් වලින් ගෙවන්නම් බෙහෙත් කොම්පැනි වලට. ඒ වගේම තමයි දොස්තරලා කියන්නේ අද අසරණ ලෙඩ්ඩු ප්‍රවෙට් ප්‍රක්ටිස් වලින් සුරාගෙන කන ගොතිකයන් පිරිසක් වීම. ලංකාවේ බදු සල්ලි වලින් නොමිලේ ඉගෙන ගෙන අන්තිමේදී රටේ ඉන්න සුපිරිම කෝටිපතියන් සෙට් එකක් තමයි දොස්තරලා කියන්නේ. අපි දෙන හැම ඩොලර් එකකටම දොස්තරලත් රුපියල් වලින් හරි ඒ සමාන මුදලක් බෙහෙත්වලට දෙනවානම් ඕක ප්‍රශ්නයක් නෙමෙයි (හරිනම් මුන් මුළු මුදලම ගෙවන්න ඕනේ) මට මතකයි දුප්පත් රෝගීන්ව ප්‍රවාහනය කරන්න අර සුවසරිය ගිලන්රථ සේවාව UNP ආණ්ඩුවෙන් ගෙනාපු වෙලාවේ විමල් වීරවංශ ගම්මන්පිල වගේ කැනහිලුන් එක්ක එකතුවෙලා GMOA පාදඩදෙනිය වගේ අසමජ්ජතින් මොන තරම් දේවල් කිව්වද ඒක වලක්වන්න. කොරෝනා කාලේ සුවසැරිය තිබුනේ නැත්නම් පොදු ජනතාව ලක්ෂ ගණනක් මැරිලා

  9. senaka says:

    මේ ලිපිය ලියලා තියෙන්නේ පවුද්ගලික රෝහල් වල සෙට් එකක්. මුන් අපෙන් නිකම් බෙහෙත් ඉල්ලගෙන රෝගීන්ට නිකම් දෙනවා කිව්වට මුන්ගේ සේවා ගාස්තු නහුතෙට වැඩිකරලා. දැන් බෙහෙත් නැති නිසා ඔය හොස්පිටල් වලට බිස්නස් නැති නිසා ලෙඩ්ඩුන්ගෙන් කඩා වඩාගන්න ගහන ගේමක්. අහුවෙන්න එපා. දෙනවානම් රජයේ රෝහල් වලට විතරක් උදව් කරන්න. ඒවායේ කොහමටත් නොමිලේ. දැන් හැමදේම පිටරටවල ඉන්න අපෙන් හින්ගාකනවා. තොපි කොරෝනා කාලේ අපිට කිව්වේ බෝම්බ කියලා. අපේ රටවලටවත් එන්න දුන්නේ නැහැ. දැන් එනවා බෙහෙත් ඉල්ලන්න. උඹලට දෙන්න ඕනේ බෙහෙත් නෙමෙයි ගුටි

  10. Nihal says:

    Don’t donate to private hospitals. They will use the donations and submit massive bills to the sick. All donations may be channelled to state hospitals.

Main News