ශ‍්‍රී ලංකාව අභියෝගාත්මක තීන්දුවක් ගනී… රුසියාවෙන් බොරතෙල් ගනී.. අද සිට නැවු එයි..

August 13, 2022 at 10:02 pm | lanka C news
ශ‍්‍රී ලංකාව අභියෝගාත්මක තීන්දුවක් ගනී… රුසියාවෙන් බොරතෙල් ගනී.. අද සිට නැවු එයි..

ශ්‍රී ලංකාවට රුසියාවෙන් බොරතෙල් නෞකා දෙකක් ආනයනය කර තිබේ.

අද රාත්‍රියේ ඉන් එක් නෞකාවක් බොරතෙල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් සහිතව මෙරටට පැමිණෙන බව බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

එමෙන්ම අගෝස්තු 23-29 අතර කාලයේදී තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000 ක් අඩංගු නෞකාවක් රුසියාවෙන් පැමිණි අමාත්‍යවරයා පවසයි.

බොරතෙල් පැමිණීමත් සමඟම දැනට අක්‍රිය පවතින සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම මිලදීගැනීම රුසියානු සමාගමකින් නොව මැදපෙරදිග පිහිටි තෙවන පාර්ශවයේ සමාගමක් හරහා මිලදී ගන්නා බවද මීට පෙර වාර්තා විය.

159,275 views

19 Comments to “ශ‍්‍රී ලංකාව අභියෝගාත්මක තීන්දුවක් ගනී… රුසියාවෙන් බොරතෙල් ගනී.. අද සිට නැවු එයි..”

  1. athula says:

    මේවා සොයන්නම ඕනෙ ඇයි තෙවන පාර්ශව කොමිස් කුට්ටිය රාජපක්ෂ පුතුන්ට යන මංකොල්ලය නතර කරන්න බැරි ඇයි මේවා කවදාහෝ සොයන්න ඕනෙ මේවා දරුණු අපරාද මෙහෙම කරන්න පුළුවන්ද තම මව් බිමට දෙවියනේ ජනතාව මේතරම් දුක් විඳිනවා මුන් මනුස්සයෝද ?

  2. Alapaluwa says:

    ඇයි තුන්වන පාර්ශයක් අරහා මෙම නැවු ගෙන්වන්නේ,මෙතනින් පැහැදිලිවම පෙනේනවා රාජපක්‍ෂලාගේ කම්පැනියක් මාර්ගයෙන් මෙය ගෙවිඅට සලසා ඇතිබව පසුගිය කාලයේ අපිට දැකගන්නට ලැබුණා නාමල් ඇතුළු කට්ටිය සමාගමක අද්‍යක්ෂ කණ්ඩායමක් සමග ගත photos.මෙතනින් කරන්න යන්නෙත් ගසා කෑමයි මුන් මැරුණු මළමිනිත් විකුනක් කන ජාතියක්.Alapaluwa

  3. ආයුබෝවන් says:

    If it is 3rd party Namal has a company in middle east.

  4. Alapaluwa says:

    මිනිසුන් අපා දුක් විඳිනවා සෑම අතකින්ම ලංකාවට බෝර තෙල් ලාබෙට රැගෙන ඒ ලබය දැනට කාබලෙන් බිමට වැටී සිටින ජනතාවට සහනයක් සළස්වන්න කටයුතු කරණවා වෙනුවට මෙතැනින්ද කිරීමට බලාපොරොත්තුවන්නේ ගසා කෑමයි කොතරම් කෘර රාජපක්ෂ රේජිමයින්ද? මුන් මහා තිරිසන් නරුමයින් මුන්ට මේවාට සොබාධාමෙන්ම පළවිපාක දෙනවා අනිවාර්යෙන්ම ජනතාව ගැන නොසිතා තමා සුකවිවරණය ගැන පමණක් සිතන එවුන්ටම පක්කිලි කම් කරාන එවුන්ටත් මෙතැන එවුන් වෙනුවෙන් කුළියට කහින අසුචි භුදින් එවුන්ටත් හෙනම වදින්න ඕනේ.Alapaluwa

  5. NAK says:

    විමල‍් වීරවංශ,මෙම ගනුදෙනුවෙ‍් නියමුවා හ‍ැටියට ඔබට වගකීමක‍් තිබෙනවා මෙහි අ‍ැත‍් ත න‍ැත‍් ත හෙලිකිරීමට.

Main News