ශ‍්‍රී ලංකාව තවත් ලෙබනනයක් විය හැකියි..- ජනපති

August 17, 2022 at 10:02 pm | lanka C news
ශ‍්‍රී ලංකාව තවත් ලෙබනනයක් විය හැකියි..- ජනපති

ජනතාව ආකල්පමය වශයෙන් වෙනස් නොවුණහොත් ශ්‍රී ලංකාව තවත් ලෙබනනයක් බවට පත්වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ සම්මාන උළෙල අමතමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසීය.

‘මම හිතන විදියට හදිසි නීතිය මේ සති අන්තය වනවිට අවසන්වීමට නියමිතයි. නමුත් එය පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. අපි ආකල්පමය වශයෙන් වෙනස්වීම අවශ්‍යයි. එසේ කළහොත් ඉන්පසු මේ රටට අනාගතයක් පවතීවි. එසේ නොවුනහොත් අපි තවත් ලෙබනනයක් බවට පත්වෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස පත්වු විට මම හඳුනාගත් කරුණක් තමයි විදේශ විනිමය තත්ත්වය සැලකූ විට මම ශ්‍රී ලංකා ජනරජයට වඩා පොහොසතෙකු බව. මගේ නිවසේ තිබෙනවා මා විසින් ඉතිරි කරගත් ඩොලර් දහසක්. ඒ අනුව මම ජනරජයට වඩා දහස් ගුණයකින් පොහොසත්.

ඉතින් දැන් අප කළ යුත්තේ කුමක් ද? අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් සාකච්ඡා කරමින් සිටිනවා. කාර්ය මණ්ඩල එකඟතාවයක් සඳහා අවසන් කොන්දේසි සැකසීමට දැන් කණ්ඩායම් දෙකක් සිටිනවා. ණය පැකේජයක් ලබාදීමට සැලසුම්කරන බටහිර සහ චීනය ණය ආපසු ගෙවීම සඳහා අමතර මුල්‍යාධාරයක් ලබාදීමට සුදානම් වීමයි. මෙම ඉලක්කයන් කරා ළඟාවිය හැකි ආකාරය ගැන අප ජපානය සමග සාකච්ඡා කරනවා.

අපි කඩිනමින් ක්‍රියාත්මක වුවහොත් මෙය කෙටිකාලීන වේදනාවක් වෙයි. එහෙත් තවදුරටත් වාද විවාද සිදුකළහොත් සියල්ලන්ටම විඳවීමට සිදුවේවි. අපි නැවතත් පැරණි දේශපාලනමයේ ම ද නිරතව සිටින්නේ පැරණි ක්‍රමය ගෙන ඒමට ද? එයයි ප්‍රශ්නය ?

46,637 views

21 Comments to “ශ‍්‍රී ලංකාව තවත් ලෙබනනයක් විය හැකියි..- ජනපති”

  1. SL says:

    1960 /70/80 ගණන් වලට වඩා වියදම් කල හැකි මධ්‍යම පන්තියක් රටේ දැන් ඉන්නවා. ඔවුන් රටට බරක් කරගන්නවද ඔවුන්ගෙන් විශ්වවිද්‍යාල /පාසල් අධ්‍යාපනයට යම් කිසි උදව්වක් ගන්නවාද කියල ආණ්ඩුව කල්පනා කලයුතුයි.

    අවම වශයෙන් විශ්වවිද්‍යාල වලට 20% ක් වත් මුදල් ගෙවා ආ හැකි සුදුසුකම් තියෙන පිරිසක් ගත්ත නම් විශ්වවිද්‍යාල මෙයිට වැඩිය දියුණු වෙන්න තිබුණා.

    NSB ,SLIT ආදායම් ලබන්නත්, දිනෙන් දින දියුණු වෙන්න අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන තමන්ම හොයාගන්නත් මධ්‍යම පාන්තිකයන්ගේ එම ආයතන වලට ඇති ඉල්ලුම හේතු වුනා .

    SAITEM තිබ්බනම් අද වෙද්දී අපි විදේශ සිසුන් ටත්වෛද්‍ය අධ්‍යාපනය දෙන රටක් වෙන්න තිබුන. කරුමෙට අපේ ළමයි අද වෙදකම් ඉගෙන ගන්න නේපාලෙට ,බන්ගලිදෙසේටත්

    ජවිපෙ සහ පෙරට්ටන්ගේ කඩාකප්පල් කිරිම් නිසා ඒ සියල්ල ඇන හිටුන

    • Hasith says:

      හරියට හරි මේක තමයි බොහෝ දෙන කියන්නේ .මුදල් ගෙවා උසස් පෙළ සමත් අයට විශ්වවිද්‍යාලයේ ප්‍රවේශය දීමත් මුදල් ගෙවීමට නොහැකි අයට නොමිලේ අධ්‍යාපනය දීම සහ ඉතා ඉහළ ලකුණු ලැබූ දරුවන්ට සම්පූර්ණ නොමිලේ අධ්‍යාපනය දීම.මේක ජවිපෙ කියන පර ඉරිසියකාර බල්ලෝ ඉන්නකම් කරන්න වෙන්නේ නෑ.විශ්වවිද්‍යාල වල දේශපාලනය තහනම් කළ යුතුයි .

  2. rata rakimu says:

    This guy is talking nonsense. Not the people he has to change his attitude. He owes us lot. Why. This is the reason. During last 40 years he has been either mp,minister,pm opposition leader. Now president. He never worked in his life. He got paid from our tax payers poor earned money for his own cloths,food entertainment etc. He needs to understand it. But he always not on people side he has chosen to protect his own high class crowded and corrupted politicians. You never contributed any single cents to Sri Lankan economy. You don’t have a right to behave like this as a king or ruler .Shame on you mister. We know you never change . Your ego is like that. It is sad and miserable to have a person like as our president. What else we can say.

  3. Anju says:

    sajith is incapable, he is only trying to create problems. sajith refused to be PM. sajith only wabts power.

    Mafia of jvp, peratto, trade unions are trying to Destabilize SriLanka, along with omalpe, cardinal, aragala mafia ( damitha, fr. jeevantha, ratta etc etc).

    Rajapakses ( basil, namal, mahinda) who are Totally corrupt
    & shameless are trying to raise their ugly head again.

    Ranil has a DIFFICULT job ahead.

    • RATAWESIYO says:

      If it so ,it would be due to your present moves which you try to implement to please India and western colonial masters who have their own agendas.By observing the past deeds of the Diaspora ,it is inevitable.

  4. wije says:

    Agree with president, we need develop our country, we need investors,

  5. siraa says:

    Thank you spokesman…
    Anyway, do you know what is your job role and its responsibilities? Mayina did not tell you while recruiting?

  6. RITIGALA says:

    lebananaya kese unath lassanata eelam rajyakata nam meya para kapanawa koti diasporawata ona de kakamin.

  7. JR says:

    “ඉතින් දැන් අප කළ යුත්තේ කුමක් ධ?” මෙන්න බබෙක්… නංගිලාට මල්ලිලාට බේස්ලට් චේන් ටීවී ජිම් කට්ටල දෙන්න බැරිද? නොකලයුතු දේ කරන්න ඕන ගොනෙකුට පුලුවනි. කලයුතු දේ කලොත් ආර්ථිකය ඉබේම නගියි. කලයුතු දේ කවුරුවත් කරන්නෑ, මොනව හරි වෙනකොට හැමෝම ඉන්නවා විතරයි.

Main News