ශ‍්‍රී ලංකාව තුල සිිවිල් යුද්දයක් ඇති වීමේ තත්වයක්…

June 24, 2022 at 12:02 am | lanka C news
ශ‍්‍රී ලංකාව තුල සිිවිල් යුද්දයක් ඇති වීමේ තත්වයක්…

මෙරට ජනතාව අද වන විට පත්ව ඇති හා පීඩනය මත රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටී.

පවතින තත්ත්වය තවත් වර්ධනය වුවොත් ජනතාව පැහැර ගැනීම් වලට පෙළඹෙනු ඇති බවත් ආණ්ඩුව එය පාලනය කිරීමට උත්සාහ කිරීමත් සමග සිවිල් යුධ තත්වය නිර්මාණය වනු ඇතැයිද හෙතෙම පැවසීය.

රුසියාවෙන් ඉන්ධන සහ පොහොර ලබා ගැනීමට ඇති හැකියාව ගැන ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අවස්ථාව ඉල්ලමින් යොමු කළ ලිපියට කිසිදු ප්‍රතිචාරයක් නැතැයි ද කී මන්ත්‍රීවරයා ජනාධිපති-අගමැති බකන්නිලාගෙන නොසිට ගැටලුවට උත්තර සෙවිය යුතුව ඇතැයිද සඳහන් කළේය.

බලශක්ති අමාත්‍යවරයා ඉන්ධන සෙවීමේ වගකීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට භාර නොදී රුසියාව සමඟ වහා සාකච්ඡා කිරීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම හේතුවෙන් ශ්‍රී ලංකාව රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමටත් බියට පත්ව සිටින බවද කී මන්ත්‍රීවරයා තවදුරටත් ආණ්ඩුව මෙලෙස කටයුතු කළහොත් ජනතාවගේ ඉවසීමේ සීමාව පනිනු ඇතැයි ද පැවැසීය.

කොළඹදී මාධ්‍ය අමතමිනි හෙතෙම මේ බව කියා සිටියේය.

50,736 views

7 Comments to “ශ‍්‍රී ලංකාව තුල සිිවිල් යුද්දයක් ඇති වීමේ තත්වයක්…”

  1. Damro says:

    මේ අපකීර්තිමත් හොරදෙටුවන් දෙදෙනාව වහා රටින් එලවා දමමු. රුසියාවේ ප්‍රසාදයට ලක් වී ඇති සහ රුසියාව සහ චීනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට, ගනුදෙනු කිරීමට සූදානම් මෛත්‍රීපාල සිරිසේනව අගමැති කර නව අන්තර්වාර රජයක් පිහිටුවමු.

  2. ගඩාබි says:

    සිවිල් යුද්ධය පටන් ගන්නෙ උබේ හෙදරින් උබෙන් ඉස්සල්ලම. ලෑස්ති වෙලා හිටපන් .

  3. ගමේ කොල්ලා says:

    අපිට ඉතිං යුද්ද කොරන්න වෙන්නෙ ළඟ තියෙන කොටන තුවක්කුවෙන් තමා . ඒකෙං යහමිං කෙටුවොත් , තව කන්න දෙන්න කටවල් වැඩි වෙන එක තමා වෙන්නෙ .

  4. GotaGo Russia says:

    GotaGo Russia !!
    ගෝටා ගෝ රෂියා!
    Meet Putin.
    Request For Help. Bring Oil From Russia.

  5. සුනඛයා says:

    රාජපක්ශලට තියෙන නම්බුව යුද්ධෙ ඉවර කලා කියන එක විතරයි
    කාලකන්නි පවුල තවත් යුද්ධයක් ඇති කරල ඒ නම්බුවත් නැති කරගන්න යන්නෙ
    රටේ කරුමෙට ජාතක වුන පාහරයො ටිකක්
    රාජපක්ශ පවුලෙ උන් තවමත් ළමයි හදනවනෙ
    උනුත් කවද හරි මහ උන් වගේම වෙලා ලංකාවෙ ඉතුරු ටිකත් කාවි

  6. Sandun Dhammika says:

    We need to call US marine forces man.

  7. sunimal says:

    විප්ලවයෙන් තොර ජයක් නොමැත.

    රුසියාව

    ප්‍රන්සය

    හොද නිදසුනක්.

Main News