ශ‍්‍රී ලංකාව බංකොලොත් කියා ප‍්‍රකාශ කිරීම අනිවාර්යයි…- හිටපු විගණකාධිපති මාධ්‍ය හමුවක…

April 10, 2022 at 10:02 pm | lanka C news
ශ‍්‍රී ලංකාව බංකොලොත් කියා ප‍්‍රකාශ කිරීම අනිවාර්යයි…- හිටපු විගණකාධිපති මාධ්‍ය හමුවක…

තවත් සති කිහිපයකින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රට බංකොලොත් බවට ප්‍රකාශයට පත්කිරීමට සිදු වෙනු ඇති බවත් වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් ළවා අනිවාර්යෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගත යුතු බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.

කොළඹ නිදහස් චතුරස්‍රයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“පසුගිය අවුරුදු ගාණ තිස්සේම මම ප්‍රකාශ කළා රට බංකොලොත් වෙන්න ආසන්නයි ඒ නිසා ඩොලර් පරිහරණය ඉතාමත් පරිස්සමෙන් කරන්න කියලා.

නමුත් කනකට ගන්නේ නැතිව වියදම් කරලා කරලා අද විනාශ මුඛයට පරිවර්තනය වෙලා තියෙන්නේ. තව සුමාන තුන හතරකින්, මාස දෙක තුනකින් රට බංකොලොත් රටක් කියලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ප්‍රකාශ කරන්න සිද්ධවෙනවා.හෙට කවුරු ආවත් මේ තත්ත්වයට පත්වෙනවා.

අනිවාර්යයෙන්ම පාලකයන්ට හොරකම් කරන්න කියලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන එකම රට ලංකාව. මෙතන තමයි මේ ගැටලුව තියෙන්නේ. තව කවුරුහරි අරගත්තා කියලා මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ.

ඒ නිසා මේ ඉන්න රැළගෙන්ම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම කර ගැනීම අත්‍යාවශ්‍යයි. මොවුන් ගෙදර යැවීම අත්‍යාවශ්‍ය කාරණයක් වුණත් අපිට ලොකු වගකීමක් තියෙනවා අනිවාර්යෙන්ම මොවුන් ලව්වා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගන්න වැඩ ටික කරවා ගන්න.”

– ADA

47,590 views

22 Comments to “ශ‍්‍රී ලංකාව බංකොලොත් කියා ප‍්‍රකාශ කිරීම අනිවාර්යයි…- හිටපු විගණකාධිපති මාධ්‍ය හමුවක…”

  1. Janaka says:

    බොර දියෙ මාලු බාන එකෙක් වගේ…….
    හැම එකාගෙම කුනු හොයන එකෙ ලොක්ක මූ නේද හිටපු…….
    කිසිම පුායෝගික බවක් නැති සම්පුදායික පුශ්න අහගෙන රාජ්‍ය සේවය අකර්මණ්‍ය කරන කාලකන්නි රැලක හිටපු නායකයා…..මු උඩ පනින්නෙ පොදු පොර වෙන්න….
    පොයි පොරක් වගේ……

    නන

  2. sam says:

    N.G.O money in action..

  3. Wimal Jayasuriya says:

    I predicted in 1977 when JR opened up free economy and his constitution as a university student. Also I predicted again in 1995 just before leaving SL after working 15 years in government corporation and a private company. But people of SL never realise.
    Even next people come to power under this system the will convert SL to another Libiya, Ukrain, Idi-Amin’s Uganda or polpot’s cambodia.
    I am very sad about our beautiful country.

  4. Wimal Jayasuriya says:

    I predicted this in 1977 when JRJ opened the economy & introduced his constitution. I predicted again in 1995 just before leaving SL after working 15 years in a government owned corporation and a private company. I noticed how much corruption, waste in government institution like sugar corporation Hingurana, CGR workshop Ratmalana and IDB Moratuwa during my training periods.
    But people in SL did not realise and no one to listen.
    If this constitution and political culture goes on SL will be converted to Libiya, Ukrain, Id-Amin’s Uganda or Polpot’s Cambodia.
    I am very sad about our beautiful country. Very sorry.

  5. ජනජය says:

    ඔහේ ඕක 2015 හිටපු රැලගෙන් ඇහුවෙ නැත්තෙ ඇයි ? උං ඔයාගෙ යාළුවො නිසාද ?

  6. ලක්මාතාව කොටස්කර විකුණනා රඡපකස පරයන් වාහා ඉවත්වනු,.! says:

    රඡකයන් වංචනිකයන් දේශපාළුවන් නීතියට උඩින් සිටිනා විගණනය හිතාමතා හකුළා තබනාලද නීතිපති දේශපාළවාගේ දාසයකුසේ සිටිනා ලෝකයේ අන්ත දූශිත සුනාමි ආධාර පවා හොරාකෑ පාළකයන් නිසාවෙන් රට තිබියයුතු නිවැරදිම තැනට පත්ව තිබේ,.!

    ”ආක්‍රමික ඉන්දියානු ක්වාඩ් මෙහෙයුම, පාස්කු ප්‍රහාරය,අක්සා, සෝපා, ඵම් සී සී නීතිවිරෝධී ආක්‍රමික ගිවිසුම්,වරායන්,මරමස්ථාන,භුමිය ඇතුළු ඡාතික සම්පත් කොල්ලයය ගෑස් බෝම්බ බාල ඉන්ධන තුළ සැගවී සිටිනා ආක්‍රමික ත්‍රස්ථවාදී ඉන්දියානු/බටහිර ආක්‍රමණය සහ ලක්මාතාව කොටස්කර විකුණනා රඡපකස පරයන් වාහා ඉවත්වනු,.!

    ”රට ඡාතිය සහ ආර්ථිකය, ඡාතික සම්පත් රාඡ්‍යයේ වැදගත් මරමස්ථාන වහාම ආරකෂා කරගැනීම සඳහා දූශිතයන්ගෙන් පළවා හැර ශ්‍රීලංකා රාඡ්‍ය දුශිත පාළකයාගෙන් මුදවා ගැනීමට මහඡනතාව ඵකාවන්ව සටන්කළයුතුයි,.!
    දූශිත වංචනික ඡනාධිපති අගමැති වහාම ඉල්ලා අස්වෙනු,.!

    වහාම ක්‍රියාත්මක වී ශ්‍රවේනද්‍ර සිල්වා මැදිහත් වී,.. හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ තුමා ,. ගරැ විජයදාස තුමා, නාගානන්ද කොඩිතුවක්කු තුමා, කැඳවීමට වහාම පියවර ගත යුතුයි,.! වහාම ඉදිරිපත්වී රට ගොඩනැගීමේ කාර්‍ය වහාම අතට ගතයුතුයි,.!

  7. Senaka says:

    හනේ ඇත්තට? ඔහේ කවද ඉඳන්ද පාඨලී චම්පික උතුමාණන්ගේ පදේට නටන්න ගත්තේ.. හරි ආස ඇති නේ බංකොලොත් වෙනව නම්. අනේ පල ගොබ්බය යන්න. තොගේ විගණනේ හැටිත් අපිට හිතා ගන්න පුලුවන්. රටකට විගණනය අත්‍යාවශ්‍ය වගේම, අපක්ශපාතී විගණනකරුවනුත් අවශ්‍යයි. තොපි විගණනේ කරලා වාර්ථාව හොඳ වෙන්න කීයක් ගන්නවද?

  8. හීන් නූලෙන් කඩේ යෑම says:

    ආනේ.. තේරුනේ දැන් තමයි. උඹල මේ විගණන පනත බලාත්මක කරන්න කිව්වේ රටට ආදරේට කියලයි අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ. ඒත් මේකෙන් තේරෙන්නේ උඹලගෙ කොමිස් කුට්ටිය නැති දුකට කියපු කවි බවයි. රාජ්‍ය සේවයේ ඉන්න හොර තක්කඩි ටික හදන්නේ නැතුව නම් මොකා නායකයා කරත් එකම ප්‍රතිඵලේ තමයි. විගණන පනත බලාත්මක කරලා, මේ වගේ පක්ශ වලට කඩේ යන විගණන ගොබ්බයො එලවපල්ලා.