ශ‍්‍රී ලංකාව මරණ මංචකයේ.. මහ බැංකුව අහෝසි නොකලොත් මරණය ස්ථිරයි..- ජෝන් හොප්කින්ස් මහාචාර්ය

May 21, 2022 at 11:20 am | lanka C news
ශ‍්‍රී ලංකාව මරණ මංචකයේ.. මහ බැංකුව අහෝසි නොකලොත් මරණය ස්ථිරයි..- ජෝන් හොප්කින්ස් මහාචාර්ය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණ මංචකයට වැටී ඇති බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා පවසයි.

ශ්‍රී ලංකාව ප්‍රථම වරට ණය ගෙවීම් පැහැර හැර ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත.

මේ වසර තුල පමණක් ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 50%කින් අවප්‍රමාණය වී ඇතැයි ඔහු පවසයි.

ශ්‍රී ලංකා ආර්ථිකය මරණයෙන් බේරා ගැනීමට නම් මහ බැංකුව අහෝසි කර මුදල් මණ්ඩලයක් ස්ථාපනය කළ යුතු බවද හෙතෙම කියයි.

167,610 views

24 Comments to “ශ‍්‍රී ලංකාව මරණ මංචකයේ.. මහ බැංකුව අහෝසි නොකලොත් මරණය ස්ථිරයි..- ජෝන් හොප්කින්ස් මහාචාර්ය”

  1. ඉක්මනින් වෙනස්කම් කරන්න says:

    අපේ දේශපාලකයෝ සැබෑ ප්‍රායෝගික බුද්ධිමතුන්ට තීරණයන් ගරු කරන්නෙත් නෑ අහන්නෙත් නෑ. උපන් ගෙයි මෝඩයන් වන උද්ධච්ඡ දේශපාලකයෙනි, දැන්වත් බොරුවට මුහුණ පෙන්නගෙන ඉන්නෙ නැතුව ඔය මහචාර්ය පට්ටම් තිබුණට ප්‍රායෝගිකව වචනයක් ප්‍රකාශ කළ නොහැකි පොතේ උගතුන් පැත්තකට දමා හර්ෂ , එරාන් වැනි අයගෙන් වගේම පක්ෂ පසෙකලා ආර්ථිකය සම්බන්ධ සැබෑ අත්දැකීම් ඇති උගතුන් එකතු කරගෙන ඉහත දැක්වෙන යෝජනා සලකා බලනු.

  2. Robin says:

    ඇමරිකාව විසින් ලෝකයේ සෙසු රටවල් වලින් ලබාගත් ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන හතලිස් ගානක් බව කියවෙනවා.
    ණය බර අනුව ලෝකයේ දුප්පත්ම රට ඇමරිකාව වේ. මෙසේ තිබියදීත් කිසිම රටක් මේ අති ව්ශාල ණය මුදල ඉල්ලන්නේ නැහැ. එයට හේතුව නම් ඇමරිකාව යනු ඉතා සංවිධානාත්මක ලෙස අනික් රටවල් බයකරගෙන සිටින නිසාය. නමුත් ලන්කාව වගේ පුංචි රටවල් හැමදාම ණය බරින් පීඩිත වෙලා ඉන්නේ.

    • Silva says:

      ලංකාව වගේ අනුන්ගෙන් පිනට කන්න බලන් ඉන්න නිකම්මු ඉන්න රටවල් එහෙම තමා

    • Viveka says:

      You spot on. I think they are pushing us to be the first case study of the bringing us all to a cashless society. Otherwise who in the right mind(west experts) tell us to demolish central bank. This must be a new trap which is worse than what we were in with central bank.

  3. Kasun Perera says:

    අනේ පලයන් හොපිකින්ස් යන්න…යක්ක පුත්තු එක්ක සෙල්ලන් බෑ k….උබ තමා මුලු ලෝකෙටම බේගල් යවලා රටවල් කොටවන්නෙ…..අපේ රට තාමත් කකුල් දෙකෙන් හිටගෙන ඉන්නෙ..අපි වැටෙන් නෑමයි

  4. Gamarala says:

    සාටකය සොරාගත් සියලුම මහජන මුදල් වහාම ලබා යුතුය..

    • Boo says:

      ඒක තාම කරලා නැද්ද බං? අර කැබ් එකක් පුරෝලා ගෙනාවෙ පරන පත්කර ටිකක් වෙන්ටැ. ඕකුන් අර අවුරැදු 5ක් සිරිකොතේ වලං හෝදපු කාලෙම ඕක නලානං ඉවරනේ.
      ඔය මගුල ඉතිං මැරෙනකල්ම ජප කර කර ඉන්න තමයි වෙන්නෙ ජෙපි හැතිකරේට, ඕන බොරැවක් ඉස් මුදුනිං පිලිගන්න හරක් ඕනතරම් ඉන්න නිසා.

      • Amda says:

        Boo ………සහතික ඇත්ත.

        2015-2019 හාමුගෙ ටෙම්පල් ට්‍රීස් වලව්වෙ වලන් හෝදපු දිසානායක මුදියන්සේ උනැහේලට හොරු අල්ල තිබුනා නෙව…ජෝගි නට නට ඉන්නෙ නැතුව

        ඒ වෙලාවෙ හොරු ඇල්ලුවා නම් 2019 රාජපක්ස ලා එන්නෙත් නෑ… එහෙනම් මේ මොකවත් වෙන්නෙත් නෑ … මේකට වැරදි කරු උන්ම තමයි

  5. sarath says:

    Steve Hankee mind your own business.

    • parrot says:

      apoyi ow neda Sarath malayo…………Rajap…….la kochchara hondata rata sanwardanaya karala thiyeddi me suddek boru kianawa …….wahal bayiyo

  6. Modaya says:

    This university has no any other work than analysing the Sri Lankan economy.

    Look like they have an adjenda to make more trouble to Sri Lankan economy by spreading the fear to supportive countries to Sri Lanka.

  7. rata perata1 says:

    Now what our Pandit New PM is going to say. Does he has a strategy in place to solve the burning issue whole world is known by now. if not what the hell he took this position by saying he is well known among international leaders and he has a solution to resolve the economic crises. Sad to say that he is not sure what cabinet he is going to position in parliment. Go to hell PM . you are reacting like a blind leads the blinds. Tell the truth idiot reveal your deal with Rajapaksas.

  8. Debt Trap says:

    ලාංකීය ජනතාව බඩගින්නේ තබා, මරණයට කැපකර කරන අමානුෂික ණය ගෙවිල්ල වහා නවතා දමන්න කියා පිරිසක් කරපු සටනක ප්‍රතිඵලයක් ලෙස මහබැංකුවට සිදුවුනා ණය ගෙවිල්ල අත් හිටවන්න.
    IMF, World Bank වුවමනාවට රනිල්ව නැවතත් ගෙන ආවේ මිනිසුන්ගේ බොටුව මිරිකා නැවතත් මේ අමානුෂික ණය ගෙවිල්ල ආරම්භ කරන්නයි. දැන් යක්ෂයාගේ හෝරාවයි.
    සජිත් අනුර පාඨලී විමල් ගම්මන්පිල මේ හැමෝම සර්වබලධාරී රනිල් විකුම්සිංහ සමග එකතු වී දැනට අත්හිටුවා ඇති “අමානුෂික ණය ගෙවිල්ල” ආරම්භ කරන්නයි යන්නේ.
    ජනතාවනී මොවුන්ට එරෙහිව නැගී සිටින්න.

  9. පුරවැසියා says:

    //පුදුම අසරණකමක් දැනෙන්නේ වෙලාවකට !

    ලෝකේ අනික් රටවල් වල අපේ වයසේ කොල්ලෝන්ගෙ කෙල්ලොන්ගේ ජීවිතයි අපේ ජීවිතයි සන්සන්දනය කරලා බලපන් !

    ⛔ ලෝකේ අනෙක් රටවල එවුන් සැප පහසු පන්තිකාමර වල අනාගතයට ඇත්තටම ආයෝජනයක් වෙන විදිහේ අධ්‍යාපනයක් ලබද්දි,
    අපේ රටේ සාතිශය බහුතරයක් පොඩි කාලෙ ඉඳල ඇද වෙච්ච් පුටුවල වාඩි වෙලා, කෑලි කැඩිච්ච ඩෙස්ක් උඩ පොත් තියාගෙන කිසිම තේරුමක් නැති විෂය නිර්දේශයක් කටපාඩම් කරනවා. 🙂

    අපේ අම්මලා තාත්තලා දුක් විඳලා බදු ගෙවලා නඩත්තු කරන නිදහස් අධ්‍යාපනයේ අවුරුදු 70ක් තිස්සේ පහසුකම් වලින් එක තැන පල් වෙනවා.

    හැබැයි ඇමතිමණ්ඩලේ බහුතරයක් පොඩි කාලයක් ඇතුලේ මන්දිර ගහනවා. 🙂

    ⛔ අනෙක් රටවල එවුන් සැප පහසු පොදු ප්‍රවාහන සේවයක ඉස්කෝලෙට නැත්තම් කැම්පස් එකට එද්දි,
    අපි සැමන් ටින් පටවනවා වගේ සෙනග පටවපු බස් වල කෝච්චි වල තෙරපිලා පොඩිවෙලා දාඩිය පෙරාගෙන ඉගෙන ගන්න ආවා.🙂

    සමහර පැතිවල පොඩි එවුන්ට බස් නෑ, ඟගෙන් එතෙර වෙන්න පාලමක් නෑ. පුදුම කට්ටක් කාලා ගොඩක් එවුන් ඉගෙන ගන්නේ.

    ⛔ අවුරුදු 70ක් තිස්සේ ඉන්දියාවෙන් ගෙන්නන LEYLAND, TATA බස් එකත් එක්ක අපේ ප්‍රවාහන සේවය එක තැන පල්වෙනවා.

    හැබැයි මන්ත්‍රීලට කෝටි ගණන් වටින වාහන ගන්න පර්මිට් ලැබෙනවා.🙂

    ⛔ අනික් රටවල් වල එවුන් අවුරුදු 16,17 වෙද්දි පාර්ට් ටයිම් ජොබ් කරලා තරඟකාරී රැකියා වෙළදපොලට හුරුවෙද්දි අපි පැය ගණන් ටියුෂන් පන්ති වල වේලෙනවා

    ⛔ අනික් රටවල වල එවුන් අවුරුදු 21න් ප්‍රථම උපාධිය අවසන් කරද්දි අපි අවුරුදු 24ක් 25ක් වෙනකල් කැම්පස් වල පල් වෙනවා.

    ⛔ අනෙක් රටවල් වල එවුන් රස්සාවක් කරලා දිගු කාලීන පහසු ගෙවීමේ ක්‍රම වලට APARTMENT එකක් අරගෙන, වාහනයක් අරගෙන පහසුවෙන් ජීවත් වෙද්දි, සොච්චම් පඩි වලට කම්පැනි පෝසත් කරන අපේ එවුන් බහුතරයකට වාහනයක් ගෙයක් ගන්න එක ජීවිතේ හැබෑ කරගන්න පුළුවන් ලොකුම හීන වෙලා.

    ⛔ අනෙක් රටවල් වල එවුන් සල්ලි ඉතුරු කරන් රටින් රටට ට්‍රැවල් කරද්දි අපි සැප පහසුවට රට ඇතුලේම ට්‍රිප් එකක් යන්නත් මාස 6ක් වත් දුක්විඳින්න ඕනෙ.

    ⛔ අපේ ජීවිතේ සන්තෝසෙන්ම ඉන්න පුලුවන් කාලේ, මහන්සි වෙලා රටට වැඩක් කරන්න පුලුවන් කාලේ නිකන්ම විනාස වෙලා යනවා.

    හරි ඔය සේරම කමක් නෑ. අපි ඔය සේරම ඉවසන් කරබාගෙන ජීවත් වුණා.

    ⛔ මොකද කොච්චර කට්ට කෑවත් අපිට තුන්වේල පිරිමහන් කන්න පුළුවන් කමක් තිබ්බා, ELECTRICITY තිබ්බා, අත්‍යාවශ්‍ය ආහාර අමාරුවෙන් සල්ලි දීලා ගන්න හරි කඩවල් වල තිබුණා. ලීසින් කරලා ගත්ත වාහනේ ට ගහන්න තෙල් ටික තිබුණා.

    යකෝ ඒවා ආඩම්බර වෙන්න පුළුවන් දේවල් නෙවේ. ඒවා මිනිස්සුන්ගේ BASIC NEEDS.

    දැන් ඒවත් නැති වෙලා තුන්වේල කාලා ඉන්න බැරිකමට පාරට බැස්සම, බෙහෙත් ටික, ELECTRICITY, ගෑස් නැති නිසා පාරට බැස්සම,
    රට පාලනය කරන එවුන්

    ⛔ අපේ එවුන්ට වෙඩි තියලා මැරුවා,

    ⛔ අපේ එවුන්ව අත්අඩංගුවට ගත්තා,

    ⛔ අපේ එවුන්ට කඳුළු ගෑස් ගැහුවා,

    යකෝ මෙච්චර අපිට කෙලවන්න අපි කරපු වැරැද්ද මොකද්ද ? 🙂

    උඹලට හෙණ ගහනවා, උඹලා යනකල් අපි මේ අරගලට දිගටම කරගෙන යනවා කියනවා ඇරෙන්න වෙන දෙයක් කියන්නත් දැන් පණ නෑ බං.

    අපිට මෙහෙම කරන්න එපා යකෝ. //

    අපි අහිංසක මිනිස්සු. !!!

    -Copied-

    #GoHomeGota2022
    #GiveOurStolenMoneyBack
    #ArrestRajapakshas

    • ජනජය says:

      උඹලට නොතේරුනාට # ලබ්බ ගෙනල්ල කාළකණ්නි අරගල ගෙනාවෙ ඔන්න ඔය මුස්පේන්තු වැඩේ කරගන්න …රටේ නිෂ්පාදනයට රුපියලකින් හරි දායක වෙනව වෙනුවට රටට එන අදායමත් නැති කෙරෙව්ව …!

    • FT says:

      දැංවත් ඔය දේසපාලන වහල්ලු නොවී හොදට ඉගෙනගෙන රස්සාවක් කරලා රටට පවුලට බරක් නොවී හිටහං කොලුවෝ

    • යුතුකම් කළාද? says:

      අනේ *කෝ.
      රාජපක්ෂලා අරැස්ට් කළාම මේ ආසාවල් ඉෂ්ට වෙනවද?ටිකෙන් ටික වැඩි උන විදේශ විනිමය ප්‍රශ්ණය කර තියාගෙන රටට අනවශ්‍ය ඇපල් ෆෝන් නුයි ටැබ් බුයි සපත්තුති මෙකී නොකී දේවල් යි ආනයනය කළේ රාජපක්ෂලා විතරද්? කාටවත් බැරි උනා නේද මේ අනවශ්‍ය දේවල් ආනයනය මේක පුපුරා යන්න ඉස්සරවෙලා නවත්වන්න වීමල්ල එක කී පාරක් කිව්වද? ඒත් ඔය ෆෝනුයි අරකයි මේකයි ඒවා තලු මාර මරා රස වින්දේ තොගේ ජෙනරේශන් එක නේද? දැනුත් මේ ප්‍රශ්න අස්සෙත් තොපි කතා කරන්නේ ෆන් ගන්න මිසක් වැඩක් කරන්න නෙවෙයි තොපේ ජෙනරේෂන් එක එන්ට යි ට ල් දේවල හොයානව මිසක් තමුන්ගේ යුතුකම් කරන ජෙනාරේශන් එකක් නෙවෙයි වැඩක් කරන්නේ නෑ හැබැයි කියවන්න දන්නවා මේ තොපි කරන වෙඩ නිසා අද මිනිහෙක්ට රැකියාවක් කරන්න නෑ සංචාරකයන්ට රටට එන්න බෑ.හෙට අනිද්දා ආන්ඩුවේ හෙංචයියෝ නෙවෙයි මිනිස්සු තොපේ අඩු කඩනවා .රනිල්ට වෙඩ කරගෙන යන්න දීපල්ලා .රට ගොඩ අරගෙන තොපේ ඉලවු කොරගනින් නැතිනම් ඔය තොපිට ගෙවන රටවලින් වීසා ඉල්ලගෙන එහෙට තොලංචි වෙලා ෆන් ගනිවු අපිට වද නොදී

  10. මෙයාලට ඕනෙ තනතුරු විතරයි says:

    දැන් ආයෙත් මේ අරගල දිගටම කරන්න සිද්ධ වෙන්නෙ ඔය පොහොට්ටු මන්ත්‍රීල ඇමතිකම් ඉල්ලල කෑ ගහන හින්දයි. රනිල්ට කවදාවත් යූ.න්.පී. ගේන්නවත් වෙන පක්ෂයකට වැඩක් කරන්න දෙන්නෙවත් නෑ මේ පොහොට්ටුවො. රනිල්ටත් හොද වැඩේ රාජපක්ෂලා වගේ කූඩැල්ලො ආයෙ ගෙනාවාට. ඒත් මේ අරගල කරන තරුණයො පව්.

Main News