ශ‍්‍රී ලංකාව වෙනුවෙන් බන්දුල රුසියාවෙන් සමාව ගනී…

September 18, 2022 at 10:22 pm | lanka C news
ශ‍්‍රී ලංකාව වෙනුවෙන් බන්දුල රුසියාවෙන් සමාව ගනී…

රුසියානු ඉන්ධන මිලදී ගැනීම සඳහා ණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් රුසියාව සමඟ සාකච්ඡා දිගටම පවත්වා ගෙන යන බව ශ්‍රී ලංකා ප්‍රවාහන හා මහාමාර් ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර් ධන මහතා ස්පුට්නික් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

ශ්‍රී ලංකාව, ආර්ථික සහ විදේශ විනිමය අර්බුදයෙන් සෙමෙන් යථා තත්ත්වයට පත් වෙමින් සිටින මෙම අවස්ථාවේ රුසියාවෙන් විශාල සහායක් බලාපොරොත්තු වන බවත් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡා වල සුභදායී ප්‍රගතියක් තිබෙන බවත් ගුණවර්ධන මහතා එහිදී පෙන්වා දී තිබේ.

රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට සහ රටේ පවතින ඉන්ධන අර්බුදයට සහනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ණයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලා සිටි බව ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

එරෝෆ්ලොට් ගුවන් ගමන් අත්හිටුවීමට හේතු වූ එම ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ රඳවා තබා ගැනීමේ සිද්ධිය පිළිබඳ තමන් සමාව අයැද සිටින බව ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රියා නොවස්ති පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාකදී ප්‍රකාශ කර ඇතැයි රුසියන් ටුඩේ පුවත් සේවය වාර් තා කළේය.

උසාවි නියෝගයක් මත එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් ශ්‍රී ලංකාවේ රඳවා ගැනීම අවාසනාවන්ත සිදුවීමක් බවත් එය බරපතල අත්වැරැද්දක් බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමාව අයැද සිටින බවත් බන්දුල ගුණවර්ධන මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.නැවත මෙවැනි දෙයක් සිදු නොවන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර් ධන මහතා සහ ශ්‍රී ලංකා රජය සහතික වන බවත් කිසිම ගුවන් යානයක් ශ්‍රී ලංකාවේදී අත් අඩංගුවට ගැනීමට අවශ්‍යතාවයක් නැති බවත් ගුණවර් ධන මහතා එහිදී පැහැදිලි කර තිබේ.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් ඔක්තෝම්බර් මස මැද වන විට ආරම්භ වනු ඇතැයි බලාපොරොත්තුවක් තිබෙන බව ගුණවර් ධන මහතා එහිදී පෙන්වා දී ඇත.

එම්.අයි.ආර් ලෙස හැඳින්වෙන රුසියානු ගෙවීම් පද්ධතිය සමඟ සම්බන්ධ වීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන්, රුසියානු බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් දෙරටේ මහ බැංකු අතරද මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන බවත් බන්දුල ගුණවර් ධන මහතා ස්පුට්නික් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.

රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් මාස්ටර් සහ වීසා කාඩ්පත් රුසියානු ජාතිකයින්ට භාවිත කළ නොහැකි නිසා රුසියානු ගෙවීම් පද්ධතියට සම්බන්ධ වූ විට ශ්‍රී ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයින් හට රුසියානු ණය කාඩ්පත් සහ හර කාඩ්පත් භාවිත කිරීමට ඉඩ ලැබීම හේතුවෙන් ඔවුන්ට පහසුවක් වන බව ගුණවර්ධන මහතා එහිදී සඳහන් කර ඇත.මහ බැංකුවෙන් අනුමැතිය ලැබුණු පසු මේ බව නිවේදනය කරන බව ඔහු පෙන්වා දී තිබේ.

– lankadeepa

34,926 views

8 Comments to “ශ‍්‍රී ලංකාව වෙනුවෙන් බන්දුල රුසියාවෙන් සමාව ගනී…”

  1. Banana Republic says:

    The thing is Rouge state’s speeches and deeds are two different things.
    Both China and India now know this after learning many lessons.Leaders should stop taking big powers like China, India and Russia for a ride.Soon they will regret.

  2. vis8 says:

    අවිද්‍යාවෙන්, හීනමානයෙන් සහ ඊරිසියාවෙන් අන්ධ වුනු බූරු හරක් (අරගලය) නිසා අපේ රටට වුනු දෙය ගැන ටිකක් හිතලා බලන්න, මිත්‍රවරුනි. හොදටම හිතන්න. අපිට තිබුනේ දේත් නැතිවුනා නේද? 🙁

    • සජබ says:

      රුසියානු ගෙවීම් පද්ධතියට එකතුවුනා කියන්නේ බඩුම තමයි. දැනට ලෝකයේ ඉන්න හොඳම හැකර්ලා ඉන්නේ රුසියාවේ උන්ට වීසා සහ මාස්ටර් කාර්ඩ් ගෙවුම් පද්ධති වලට ගහන්න බැරුව ඉන්නේ. හැබැයි අයි එම් ආර් පද්ධතිය උන්ට සුළු දෙයක්. අපේ රටට ඇවිල්ලා රුසියන් කාරයෝ හොඳට ඉඳලා කාර්ඩ් එකෙන් බිල ගෙවලා යයි. හැබැයි අපිට සල්ලි නම් එන එකක් නෑ. මේ උඩ කොමෙන්ට් එක ලියපු “වහලා” කියලා තියනවා අරගලයෙන් කිසි දෙයක් වුනේ නැ කියලා. ඌ මෙලහකටත් මැරිලා අර ගෝටායි, බැසිලුයි, කබ්රාලුයි එකතුවෙලා කරපු වැඩ ටික ඉදිරියටම කරා නම්. කන්ඩ බොන්ඩ, ප්‍රවාහන, පොහොර, බෙහෙත් නැතුව බන්ගලින්ගේ සල්ලි ඉල්ලා ඉල්ලා චාටර් වෙවී මෙරට විනාස වෙනවා බලන් ඉන්න ආසා බයි හරි සජබ හරි කලකනියෙක්.

      • SL says:

        තමුන් හිතන්නේ රුසියාව තමන්ගේ දැනට භාවිතයට තියෙන එකම ගෙවුම් පද්දතිය හැකර් ලට හැක් කරන්න දීල බලාගෙන ඉන්නවා කියලද.නිකන් බිල්ලෝ මවන්න එපා.
        පුළුවනි නම් ඔප්පු කරලා පෙන්වනවා.

      • RMP says:

        තෝ ඇමෙරිකාවේ, එංගලන්තයේ පුකර් ලා සහ පකර් ලාට කියලා පස්ස පැත්තේ ඇරගන්න ෆොන්සි LGBT ජෙප්පක් නැත්නම් NGO කුක්කෙක් නේද?

  3. අර ගල යට ගෙම්බෙක්....බක....බක.... says:

    අර ගල යට ගෙම්බෙක්….බක….බක….

  4. David Milli-banda says:

    Bandula…. its time to attend english tution night classes before you open your mouth again or take an Interpreter with you.
    Take Tution from Vijitha herath. Both of you will be a good double but he is a little better than you.

Leave a Comment

Main News