ශ්‍රී ලංකා පිලට ෆිට් මදි වූ භානුක IPL වනසයි.. ප්රචණ්ඩ ඉනිමකින් පන්ජාබය දිනවයි..
March 28, 2022 at 12:02 am | lanka C news
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායම හා පන්ජාබ් කින්ස් කණ්ඩායම් අතර පැවැති තරගයෙන් පන්ජාබ් කිව්ස් කණ්ඩායම කඩුලූ 5ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.
පන්ජාබ් කණ්ඩායමට බැංගලෝර් කණ්ඩායම විසින් ලබාදී තිබු ජයග්‍රාහී ඉලක්කය ලකුණු දෙසිය පහකි.
ඊට ප්‍රතිචාර දක්වමින් පන්දු වාර 19ක් පමණක් වැය කරමින් කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු දෙසිය අටක් ලබා තරගය ඔවුන් ජය ගත්තේය.
පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ ඉතාමත් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු විසි දෙකකට ලකුණු හතළිස් තුනක් ලබා ගත්තේ හයේ පහර 4ක්ද එල්ල කරමිනි.
ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ ශරීර යෝග්‍යතාව ප්‍රමාණවත් නැති බව දන්වමිනි.
Bhanuka franchise team ekakatath gahala thiyenne 43. Ethakota Indian team erehiva gahai pamkak.