ශ‍්‍රී ලන්කන්ට කිසිම ගුවන් යානයක් අයිති නෑ…

September 23, 2022 at 4:40 pm | lanka C news
ශ‍්‍රී ලන්කන්ට කිසිම ගුවන් යානයක් අයිති නෑ…

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාසිකව රුපියල් මිලියන 100 ක පාඩුවක් ලබන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ආයෝජකයෙකු එහි ආයෝජනය කිරීමට කැමති නම් රජය සලකා බලන බවත් ඔහු පාර්ලිමේන්තුවේදී සදහන් කලේය.

කොරෝනා වසංගතය සහ රට පුරා පැතිර යන විරෝධතා වැනි හේතු හේතුවෙන් ගුවන් ගමනාගමනයේ අඩුවීමක් සිදුව ඇති බවද පැවසූ අමාත්‍යවරයා රත්මලාන සහ පලාලි ගුවන් තොටුපළ ද සැලසුම් කළ පරිදි සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගැනීමට නොහැකිව ඇතැයිද පැවසීය.

‘පලාලි ගුවන් තොටුපළට ගුවන් සමාගම් කිහිපයක් තම සේවා ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වුවද එක ගුවන් යානයක්වත් එහි පැමිණෙන්නේ නෑ. එයාර් ඉන්දියා සමාගම ද ඔවුන්ගේ සේවා ක්‍රියාත්මක කිරීමට එකඟ වූ නමුත් එය සිදු වූයේ නෑ. මාලදිවයිනේ ගුවන් සේවයක් සමඟ රත්මලාන ගුවන් තොටුපළේ දියත් කළ ව්‍යාපෘතිය අසාර්ථකයි’

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක පාඩුවක් වාර්තා කර ඇති බවත් එය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් දැනටමත් ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කිසිදු ගුවන් යානයක් අයිති නැති එහි ඇති ගුවන් යානා 23ම බදු පදනම මත ලබා ගත් ඒවා බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.

31,196 views

2 Comments to “ශ‍්‍රී ලන්කන්ට කිසිම ගුවන් යානයක් අයිති නෑ…”

  1. හිගන්නෝ says:

    අපිට අපිවත් අයිති නැති එකේ, ශ්‍රී ලන්කන්ට කොහෝමද ගුවන් යානා අයිති වෙන්නේ?

  2. Rana says:

    චන්ද්‍රිකාගේ Air Lanka එක විකුණලා කොමිස් ගහ ගත්තු තැන ඉදල අද දක්වාම ජාතික ගුවන් සේවය මගින් මුදල් ගසා කෑම තමා දේශපාලුවෝ කලේ. නැතිනම් අද emrates සමාගම තියන් තැනට පත්වෙන්න තිබුනේ අපේ ගුවන් සේවයයි. හැමදේම කොමිස් ගහල විනාශ කලේ පාහර දේශපාලුවෝ. මහින්ද රාජපක්ෂ අවුරුදු දෙකක් ඉදිරියට එමිරටේ සමගම සමග තිබුන ගිවිසුම අවසාන කරලා ඩොලර් මිලිඅන 80ක් ජනතාවගේ සල්ලි එමිරටෙස් සමාගමට ගෙවල අපහු අර ගත්තා. ගත්ත දවසේ ඉදල පාඩු ලබන්න ගත්තා. ඊට පස්සේ තමුන්ගේ මස්සිනාව සභාපති කරලා A 380 හතරක් ඇනවුම් කළා. ර්කෙන් ඩොලාර මිලිඅන ගානක් කොමිස් ගහ ගත්තා. අන්තිමට 2015 යමපාලනය බලයට අවා. අගමැති උන රනිල් A 380 හතර අවලංගු කළා ජනතාවගේ මුදල් ඩොලර් මිලියන 120ක් ගෙවලා. එකෙනුත් ඩොලර් මිලියන 20, 30ක් කොමිස් ගහ ගත්තා. ඉතින් වෙන රටකනම් මේ කාලකන්නි දේශපාලුවෝ ඉන්නේ හිරේ. නමුත් ලෝකෙන් උතුම් රට අපේ රට නිසා උන් තාමත් රජකරනවා.

Leave a Comment

Main News