ශ‍්‍රී ලන්කන් ගුවන් යානා 21ක් බද්දට ගන්න යයි..

April 15, 2022 at 4:40 pm | lanka C news
ශ‍්‍රී ලන්කන් ගුවන් යානා 21ක් බද්දට ගන්න යයි..

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා 21 ක් දිගු කාලීන බද්දට ලබා ගැනීම සඳහා අයදුම් කැඳවා ඇත.

ඒ ඉදිරි වසර 3 තුළ සිය ගුවන් යානා සංඛ්‍යාව 35 දක්වා ඉහළ නැංවීමට කරන ලද සැලසුම අනුවයි.

ගුවන් සේවය සතුව කොරෝනා වසංගතයට පෙර ගුවන් යානා 27 ක් පැවති අද එය 24 දක්වා පහත බැස ඇත.

සමාගම සැලසුම් කරන්නේ කල් බදු නිම වෙමින් පවතින ගුවන් යානා වෙනුවට නව ගුවන් යානා ලබා ගැනීමටය.

ඒ 330-200 හෝ ඒ 330-300 එයාර් බස් යානා 10ක් සහ ඒ-320 හෝ ඒ-321 ගුවන් යානා 11 ක් වසර 6 දක්වා කල් බදු ක්‍රමයට ලබා ගැනීමට අයදුම් කැඳවා ඇත.

ගුවන් සේවය දැනට භාවිත නොකරන විකල්ප මගී යානා පිළිබඳව ද සලකා බලනු ඇති අතර 2025 වනවිට ගුවන් යානා 35 ක් සමගින් ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීමට හා නව ගමනාන්තයන් වෙත පියාසර කිරිමටත් අපේක්ෂා කරයි.

35,239 views

19 Comments to “ශ‍්‍රී ලන්කන් ගුවන් යානා 21ක් බද්දට ගන්න යයි..”

  1. Jagath says:

    තවත් හොරාකන්න ප්ලැන් එකක්. කොමිස් කුට්ටිය කීයද රාජපක්ෂ ලා ගේ?

  2. Susil says:

    යන යකා කොරහ බිදගෙනලු යන්නේ .නාකි මයින හදන්නේ අවසන් මොහොතේ ඩොලර් මිලියන් 100 ක් වත් පුතන්ඩිලාගේ සහ මුනුපුරන්ගේ ගිනුම් වලට බැර කරන්ඩ .රටේ කරුමෙටම උපන් මේ නාකි හම්පඩයට සල්ලි වර්ශාවක් වැස්සත් මදි .තුක් විතරක් කාලන්ණි හොර හැත්ත .

  3. ගෙදර යන ගමන් says:

    ගෙදර යන ගමන් කීයක් හරි හම්බ කර ගන්නත් එපායැ චුට්ටක් විතර වැඩිපුර පොකට් මනි.

  4. Sam says:

    ඕවට ගහන්න තෙල් තියේවිද? කොමිස් බලාගෙන ද ගන්නේ?

  5. channa says:

    කිරිපිටි ගෑස් ගේන්න නැති ඩොලර් මේකට උණනවද? ගුවන්‍යානා දැන් ඉස්සර වගේ ලීස් කරල අරන් එන්න ඕන නෑ.

    මගීන් වැඩිනම් දවස් ගණන්වලට කුලියට ගන්න එක ලාබයි ගෙනත් බිම තියන් නඩත්තු කරනවට වඩා.

    දැන් මේ තියෙන ඒව ෆුල්ටයිම් වැඩද?

    • Mohan says:

      Foreign travellers pay by dollars. So, no dollar problem for the airline.

      • Sam says:

        දැන් එතකොට Srilankan හරිම ලාභදායී ඇති නේ. ගිහිල්ල puka lewakaapia modaya. ඕවා ඔවූන් ගන්නේ ණයට, ඒ ණය ගෙවන්න මිනිස්සුන්ගේ Tax money වලින්.

    • Norata Eka says:

      මොනව නැතත් ගොං කිරි ගෙනත් දෙන්න, මවුකිරි නැතුව ගොං වස්සො බඩගින්නෙ …

  6. Helaya says:

    Me okkoma Basilge mater plan eke kali.
    Gota Go Home is his master brain work.
    Pau ape strike karana kollo.

  7. Luxman says:

    We as country no need an airline ,if Male can earn USD without an Airline why not Srilanka

  8. kuma says:

    Sri lankan is a loss making company
    There is no requirement if new planes to this company.
    If they wants new air bus they have to show profits and by not from our country money

  9. යන යකා කොරහත් කඩාගෙන යනවා ලු. ඒ වගේ වැඩක් තමයි මේ නාකි මයිනා යි හොර පවුලයි කරන්ඩ යන්නේ. අනික මේ යක්කු දන්නැද්ද සංචාරක ව්‍යාපාරය කියන්නේ බිත්තර කටුවක් වගේ දෙයක් කියලා කලබල කරදර තියෙන කිසිම රටකට කිසිම වැදගත් විදේශිකයෙක් එන්නේ නැහැ.

  10. John the baptice says:

    තවත් මිග් ගනුදෙනුවක් වගේ.

Main News