ශ්‍රී ලන්කන් ගුවන් යානා 21ක් බද්දට ගන්න යයි..
April 15, 2022 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා 21 ක් දිගු කාලීන බද්දට ලබා ගැනීම සඳහා අයදුම් කැඳවා ඇත.
ඒ ඉදිරි වසර 3 තුළ සිය ගුවන් යානා සංඛ්‍යාව 35 දක්වා ඉහළ නැංවීමට කරන ලද සැලසුම අනුවයි.
ගුවන් සේවය සතුව කොරෝනා වසංගතයට පෙර ගුවන් යානා 27 ක් පැවති අද එය 24 දක්වා පහත බැස ඇත.
සමාගම සැලසුම් කරන්නේ කල් බදු නිම වෙමින් පවතින ගුවන් යානා වෙනුවට නව ගුවන් යානා ලබා ගැනීමටය.
ඒ 330-200 හෝ ඒ 330-300 එයාර් බස් යානා 10ක් සහ ඒ-320 හෝ ඒ-321 ගුවන් යානා 11 ක් වසර 6 දක්වා කල් බදු ක්‍රමයට ලබා ගැනීමට අයදුම් කැඳවා ඇත.
ගුවන් සේවය දැනට භාවිත නොකරන විකල්ප මගී යානා පිළිබඳව ද සලකා බලනු ඇති අතර 2025 වනවිට ගුවන් යානා 35 ක් සමගින් ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීමට හා නව ගමනාන්තයන් වෙත පියාසර කිරිමටත් අපේක්ෂා කරයි.
මේ තමයි මේ ආන්ඩුවේ දක්ෂතාවය. නැව ගිලුනත් බෑන්ඩ් චූන්. හොඳ ඩීල් එකක් ලැබිලා ඇති.
මේක නම් අනිවාර්ය කොමිස් ප්ලෑනක්. ලොක්කා නිදෝශයි කියල ඔප්පු කරන්න අන්තිම අවස්ථාව..නවත්තන්න මේක
පුනන්කු බයියෝ සෙට් නැත්තේ මොකද
What happened to the Kapila Chandrasena Srilankan Airlines bribery case??
බද්දට ගන්න එක ලාභයි. මේ ගනුදෙනුවෙන් ගසා කෑවා කියලා කියන අය නිවැරදි තොරතුරු ඉධිරිපත් කරන්න. අද බොරුව රජයන කාලයක්. සමාජ ජාලාවල කුලිරට බොරු බේගල් කොටන්න වෙනම කන්ඩායමක් ඉන්නවා. ඒ නිසාම.ඇත්ත සහ බොරුව පිලිබද මිනිස්සු තුල ලොකු දෙගිඩියාවක් තියනවා.
21 ක් මදි වගේ නේද, ඕක 42 කරලා මේ වෙලාවේ මිනිස්සු මුණ දෙන බඩගිනි ප්රශ්නය විසදමු, අකුණු වලින් ප්‍රවේසමෙන්, කලාගුනේ