ශ‍්‍රී ලන්කන් රුසියානු ගුවන් ගමන් සියල්ල නතර කරයි.. යුක්රේනයට පක්‍ෂ වී රුසියාවට විරුද්ද වීමක්..

March 27, 2022 at 10:02 pm | lanka C news
ශ‍්‍රී ලන්කන් රුසියානු ගුවන් ගමන් සියල්ල නතර කරයි.. යුක්රේනයට පක්‍ෂ වී රුසියාවට විරුද්ද වීමක්..

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සියල්ල 26 රාත්‍රියේ සිට නවතා දැමීමට ශ්‍රී ලංකන් ගුවන් ‌සේවය තීරණය කොට ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

එහි නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස රිචඩ් නට්ල් විසින් විසින් මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.

පසුගිය කාල සමය පුරාම ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණියේ රුසියාවෙනි.

නට්ල් විසින් ගෙන ඇති මෙම තීන්දුවත් සමග ශ්‍රී ලංන්කන් ගුවන් සේවයට පමණක් නොව සංචාරක කර්මාන්තයටද විශාල බලපෑමක් සිදුවනු ඇති බව විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

ඇතැම් වාර්තා සදහන් කරන්නේ රුසියානු-යුක්රේන යුද්ධය හේතුකොටගෙන රුසියාවට විරෝධය පළකිරීමක් වශයෙන් මෙම ගුවන් ගමන අත්හිටුවීමට තීරණය කොට ඇති බවකි.

නට්ල් බ්‍රිතාන්‍ය ජාතිකයකු වීමත්, බ්‍රිතාන්‍යය රජය යුක්රේනයට සහාය පළ කිරීමත් මේ සදහා හේතු වී ඇති බවද දැනගන්නට තිබේ.

101,255 views

26 Comments to “ශ‍්‍රී ලන්කන් රුසියානු ගුවන් ගමන් සියල්ල නතර කරයි.. යුක්රේනයට පක්‍ෂ වී රුසියාවට විරුද්ද වීමක්..”

  1. සකලජන says:

    ලංකාවට නාකියන්ගෙන් අපලයි!

    • dev says:

      boru news

      atttama eka rakshane denne naa terorist west companies.

      dan wikalpa hoyanna ona.

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      මල්ලි වාසි අතටට හූඉය කියමු සල්ලි, පිනට අරක්කු පිනට සිගරට් හම්බවෙනවා නම් මොඩොමිනික් මල්ලියෝ.
      කකුළුවෝ මරන්න්ද ඔය අද එනවාද මොඩොමිනික් මල්ලියෝ.

  2. LalithM says:

    පඹයින් ආණ්ඩු කරනකොට සිදුවන දේ .කොහොම තිබුන රටක්ද.

  3. ජය says:

    ජයවේවා.අපි හැමදා එංගලන්තයට.

    • SALMAL says:

      Richard resign and go home . Sri Lanka is a sovereignty.We srilankan never interfering internal affairs OR other country matters Don’t try to create problems in our country.. Russia is our friend ,we cannot do anything against them
      Putin is a great leader ..

  4. Gorilla says:

    මේ වගේ සුද්දො ටිකක්ම පත්කරගන්න බැරිද අනෙක් ආයතනවලටත්. ශ්‍රී ලංකන් එක ලාභ උපයන ආයතනයක් බවට පත්වෙලා කියල දැනගන්න ලැබුනා. අඩුම තරමේ මුන් හොරකමවත් නවත්තනේ නැතැ. ලංකාවේ එවුන්ට පරිපාලනය බැ, අදක්ෂයි.

    • මැදමුලන වලව්වේ පිනා says:

      ලාභයක් ලැබුවා නං
      ලිඛිතව ඔප්පු කල හැකි සාක්කියක් පෙන්නපන්.
      මේ සුද්දා බහරේන් ගුවන් සේවය විනාශ කරපු එකෙක්

  5. බයිසන් says:

    ඇමරිකන් කාරයෝ රට පාලනය කරනකොට ඇමරිකාව කියන විදිහට කරන්න ඕනැ.

    • රජරැටියා says:

      ඒක නොවැ ඇත්ත කතාව. . මුන්දලා සේරම ඇමරිකන් කාරයෝ කොට කොහොමද ඇමරිකාවට විරුද්ධකම් කොරන්නෙ..

  6. පොඩි එකා says:

    සුපිරිම සුපිරි යි.
    දැං පුටිං අයියාට මල පැනලා එවපංකො මිසයිලෙයක් අර පාල්ලිමේංතුව සක්කිලි ගෙරි හැත්ත ම රොත්ත ගැහිලා ඉද්දි ඩෝං ගාන්ඩ.

    මයිනො කපුටො පෑඩ්, ලප, සේරම කීතු යන්ඩ

    • Dulmina says:

      👍🌷👍

    • කාලකන්ණි දේශපාලනය තුරන් කරමු.. says:

      අන්න හරි අපි සේරම සතෙන් සතේ හරි ඵකතු කරල පුටිං ගොයියගෙන් බැලස්ටික් මිසයිල් ඵකක් ගස්සමු පාර්ළිමේන්තු ගව ගාලට ඔය සේරම අපත කාළකණ්නි ටික මැරිල යන්න

  7. ඇද්ද සුද්දට says:

    අඩු මිලට දෙන රුසියන් තෙල් ගත්තොත් කාගෙ කාගෙත් ඇමෙරිකා – එංගලන්ත – ප්‍රංශ දේපළ අහිමි වෙන්න පුලුවන්…..

  8. ගමයා says:

    හැමදාම ජිනීවාහිදී බටහිර බෙදුම්වාදී රටවල් ලන්කාවට විරුද්ධව අබූත චෝදනා එල්ල කරද්දී ලන්කාව බේරා ගත්තේ රුසියාව මූලික වෙලා. දැන් ලන්කාවෙ පාලනය කරන ඇමරිකන් කුමන්ත්‍රණ කාරයෝ ලන්කාව ඉවරෙටම ඉවර කරන්න යන්නේ.

  9. Dengu Nona says:

    Moota neda Maasekata Laksha Anoowak padi gevanawa Kiyanne ! Aooruyi !!

  10. KD says:

    විශිෂ්ටයි. රුසියාව කිසිදු හේතුවක් නොමැතිව යුක්රේන ජාතිකයන් සමූල ඝාතනය කරන අතර පුටින් යුද්ධය නවත්වන තුරු කිසිදු ශ්‍රී ලංකා සමාගමක් රුසියාවේ ව්‍යාපාර නොකළ යුතුය.

    • Sinha le says:

      KD බුරු කතා කියන්න එපා …රුසියාව අපේ රටට උදව් කල /කරන කල්‍යාන මිත්‍ර රටක් ..රුසියාවට ජය වේවා ..යුක්රේනය සහ රුසියාව අතර ඇති ගැටුම් වලට අපි මැදිහත් විය යුතු නොවේ ඒ රටවල ප්‍රශ්න ඒ රටවල් විසදා ගනීවි ඒවා අපිට අදාළ නැත

Main News