ශ්‍රිලනිප මීගමුව රැස්වීමේදි චන්ද්‍රිකා-ඩිලාන් ගැටෙති.. එජාපය විවේචන නොකරන්නැයි මොල හෝදයි.. පැමිණීම මන්ත්‍රීන් 19ක් පමණයි..

February 21, 2017 at 10:40 am | lanka C news
ශ්‍රිලනිප මීගමුව රැස්වීමේදි චන්ද්‍රිකා-ඩිලාන් ගැටෙති.. එජාපය විවේචන නොකරන්නැයි  මොල හෝදයි.. පැමිණීම මන්ත්‍රීන් 19ක් පමණයි..

සම්මුති ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී කණ්ඩායමේ මැති ඇමැතිවරුන් සඳහා පසුගිය සති අන්තයේ මීගමුවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරි ජයවර්ධනට අයත් හෙරිටන්ස් හෝටලයේ පැවති සම්මන්ත්‍රණ සඳහා සහභාගි වී ඇත්තේ මන්ත්‍රීවරුන් 44 දෙනාගෙන් හරි අඩකටත් වඩා අඩු සංඛ්‍යාවකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ අනුශාසකත්වයෙන් පැවති මේ වැඩමුලුවට ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශ්වයේ මැති ඇමතිවරු සියලුම දෙනාට කල් තියා ආරධාන කොට තිබුණි. මෙහිදී විශේෂයෙන්ම වර්තමාන මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි මහතාගේ දේශනය හරහා රට හමුවේ මෙන්ම වර්තමාන ආණ්ඩුව මුහුණ දෙන ආර්ථික අර්බුදය සම්බන්ධව ඉතා සංසික්ෂිත දේශනයක් දත්ත ඇතුලත්ව ඉදිරිපත් කරන ලදි.

මෙහිදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක අදහස් ප්‍රකාශ කිරීම සහභාගි වූ කිහිපදෙනෙකු හැරෙන්නට අනිත් සෑම දෙනාම එතරම්ම උනන්දුවක් නොදැක් වූ අතර ඇය විසින් වර්තමාන ආණ්ඩුවේ ඇමතිකම් දරමින් ආණ්ඩුව තැන තැන විවේචනය කිරීම නිසා ආණ්ඩුවේ අවශ්‍ය ඉලක්ක වෙත යෑමට අපහසු බව ප්‍රකාශ කිරිමත් සමගම රාජ්‍ය අමාත්‍ය ඩීලාන් පෙරේරා ඇය සමග වාදයකට පැටලුනි.

රටේ අනාගතය, ආණ්ඩුවේ ඉදිරි පැවත්ම සම්බන්ධව ධානත්මක තත්ත්වයක් ඇති කිරිමට ඒ හරහා මන්ත්‍රී කණ්ඩායමට යම් උත්තේජනයක් ලබාදීමේ අරමුණ ඇතිව ජනාධිපතිවරයා විසින් මෙය සංවිධානය කොට තිබුනත්, සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරි ජයවර්ධන මහතාගේ තරුපහේ හෝටලයේ ඉහළ සංග්‍රශිලිත්වය හැරුණු කොට පැවත්වූ දේශන තුල ඉතා දිලිදු මානසිකත්වය හා අඳුරු අනාගතය ගැන බියක් මුලු වැඩමුළුව පුරාවට පැවතුනි. ඒ හැරෙන්නට වැදගත් පණිවිඩයක් රටවෙනුවෙන් ශ්‍රිලනිප ප්‍රතිපත්තිවලට හෝ බණ්ඩාරනායක ප්‍රතිපත්ති වලට අනුව සිදු නොවු බව සහභාගි වූ මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයකගේ අදහස විය.

මහ බැංකුවේ අධිපතිගේ දේශනය සම්පූර්ණයෙන්ම රනිල් වික්‍රමසිංහගේ සියලු රාජ්‍ය සම්පත් විකුණා දමා හැකිතාක් දුරට ආණ්ඩුව ජනතාවගේ සුභ සාධාන කටයුතුවලින් ඉවත්වීමේ “රී ගේනිං ඔෆ් ශ්‍රීලංකා” ආර්ථික ප්‍රතිපත්තිය බව සහභාගි වූ වැඩිදෙනෙකුට වැටහුනි.

මේ අතර එජාපයේ සිට මහින්ද යුගයේ ශ්‍රිනිපයට එක් වුනු එක්තරා රාජ්‍ය අමාත්‍යවරයෙකු පැවසුවේ මෙම එක් දින වැඩමුලුව මෛත්‍රී ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවතියත් එය ඉස්සර සිරිකොත දී රනිල් වික්‍රමසිංහ විසින් කරන ආර්ථික වැඩසටහනකට සමාන එකක් බවත් වසර ගනනාවකට පසු නැවත එවැන්නකට සහභාගි වූ බවත්, එහි ජනතාව වෙත ගෙන යා හැකි කිසිම වැදගත් පණිවිඩය අන්තර්ගත නොවු බවත් ය .

47 views