ශ්‍රිලනිප මෛත‍්‍රී පිලත් දෙකඩ වේ.. 20 වෙනි සංශෝධනයට විරුද්ධ වී 2/3 නොදෙන බව ජනාධිපතිගේ මූණටම කියති..

August 11, 2017 at 12:14 am | lanka C news
ශ්‍රිලනිප මෛත‍්‍රී පිලත් දෙකඩ වේ.. 20 වෙනි සංශෝධනයට විරුද්ධ වී 2/3  නොදෙන බව ජනාධිපතිගේ මූණටම කියති..

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පැවති ශ්‍රීලංකා නිදහස් පක්ෂ මාධ්‍යම කාරක සභාවේ දි පලාත් සභා ඡන්දය කල් දැමීමට ගෙනෙන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව විරුද්ධව ඡන්දය දීමට සිදු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මැති ඇමතිවරුන් ප්‍රකාශ කිරිම නිසා පැහැදිලිවම ශ්‍රිලනිප මාධ්‍යම කාරක සභාව දෙකට කැඩීම ආරම්භ වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා ඉතා දැඩිව මෙම සංශෝධනයට ගෙන ඒමට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරිම ආරම්භ කල අතර අමාත්‍යවරුන් ගණනාවක්ම 20 වෙනි සංශෝධනයට විරුද්ධව අදහස් ප්‍රකාශ කලහ. ඒ අතර ජාතික ලැයිස්තුවෙන් පත් වු ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා ද සිටීම විශේෂිත ය.

මෙහිදී ජනාධිපතිගේ ඉතා කිට්ටුවන්තයින් වන මහින්ද අමරවීර මෙන්ම ශ්‍රිලනිප ලේකම් දුමින්ද දිසානායක පවා කිසිම අදහසක් ප්‍රකාශ මුනිවත රැකීම මෙහිදී පෙනුණු තවත් විශේෂ කරුණකි, ඒ අනුව ආණ්ඩුව 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන විත් පලාත් සභා මැතිවරණය කල් දැමීමේ යෝජනාව සඳහා අවශ්‍ය 3/2 ඡන්දය ගැනීමට නොහැකි වනු ඇත.

34 views
Main News