ශ්‍රිලනිප සංවිධායක ධූරවලට යූඑන්පි කාරයෝ මරාගනිති.. පරණ ශ්‍රිලංකා කාරයෝ මුළුගැන්වෙති.. ජනාධිපති ඉදිරියේ දයාසිරි නැගිට යයි..

April 7, 2017 at 2:10 pm | lanka C news
ශ්‍රිලනිප සංවිධායක ධූරවලට යූඑන්පි කාරයෝ මරාගනිති.. පරණ ශ්‍රිලංකා කාරයෝ මුළුගැන්වෙති.. ජනාධිපති ඉදිරියේ දයාසිරි නැගිට යයි..

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා අලුතින් සංවිධායකයින් පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු වුන අතර පරණ ශ්‍රිලංකා කාරයෝ නිශ්ශබ්දව සිටියදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කරන්න යූඑන්පී එකේ සිට ශ්‍රිලනිප පැමිණි වර්තමාන ඇමතුවරුන් වන දයාසිරි ජයසේකර සහ ඉන්දික බණ්ඩාරනායක සංවිධායක පත්වීම සම්බන්ධව ආරවුලක් ඇතිකර ගැනීම හේතුවෙන් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා රැස්වීම අතරමගදී නැගිට යාමේන් ආසන 3 ක් සඳහා පත්වීම් දිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නතර කිරීමට සිදු විය.

ශ්‍රිලනිප හිටපු මහා ලේකම් මෙන්ම පක්ෂය හැර නොගිය පැරැණිතම නායකයකු වන වර්තමාන ආණ්ඩුවේ අපදා කළමානාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා තම කටුගම්පොල ආසනය වෙනුවට බිංගියරිය ආසනය ලබා ගැනිමට සුපුරුදු පරිදී නිහඬ සටනක් කල අතර එම ආසනය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ලබාදීමට පත්වීම් ලිපිය සකස් කොට ජනාධිපතිවරයා විසින් දයාසිරි ජයසේකර වෙත ලබාදීමට කටයුතු යොදා තිබුණි.

එහෙත් එජාපයන් පැමිණි වර්තමාන ආණ්ඩුවේ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සංවිධායක පත්වීම් ලිපිය ප්‍රතිකේෂ්ප කරමින් රැස්වීමෙන් නැගිට ගිය අතර එජාපයන් පැමිණි ඉන්දික බණ්ඩාරනායක මහතාට පඩුවස්නුවර ශ්‍රිලනිප ආසනය සංවිධායක ධූරය දීම එයට හේතුව විය. පැරැණිතම නායකයකු වූ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ඉල්ලීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් ප්‍රතිකේෂ්ප කොට තිබුණි.

24 views
Main News