ශ්‍රිලනිප සභාපති ලෙස මෛත්‍රීගේ පත්වීම නීතිවිරෝධී යයි පැවරු නඩුවේ දුමින්ද දිසානායකගේ මූලික විරෝධතා විමර්ශනය කිරීමට අධිකරණය තීරණය කරයි..
August 4, 2017 at 6:36 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ථ ලංකා මාධ්‍ය කාරක සබාවේ සමාජිකයින් විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රිලනිප සභාපති ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබුණි.
මෙහිදී වර්තමාන ශ්‍රිලනිප නිලධාරි මණ්ඩලය අභියෝගයට ලක් කොට මේ නඩුව ගොනුකර ඇති අතර එම ශ්‍රිලනිප මධ්‍යම බල මණ්ඩල සමාජිකයින් ඉල්ලා සිටිනුයේ වර්තමාන නිලධාරි මණ්ඩලය පක්ෂ සමාජිකත්වයේ නිසි අනුමැතියකින් තොරව පත් වී ඇති අතර එම නිලධාරින් මණ්ඩලය නීතිවිරෝධී ලෙස ප්‍රකාශයට පත්කොට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවයි.
ඒ අනුව ශ්‍රිලනිප මුලස්ථානයේ දුමින්ද දිසානායක අධිකරණය වෙත මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් කරුණු නැති බැවින් ගරු අධිකරණය මේ සම්බන්ධව කරුණු සලකා බලා මෙම නඩුව ඉවත දමන ලෙසයි.
එහෙත් කොළඹ දිසා අධිකරණය එම ඉල්ලිම විමර්ශනය කිරීමට තීරණය කරමින් දෙපාර්ශවයේම ලිඛ්ත දේශන ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් එම නඩුව විමර්ශනය කිරීමට තීරණය කලේය ඒ අනුව ඉදිරියේදී මෙම නඩුව නැවත කැදවනු ලැබේ.
නඩුව දාල තියෙන විදිහ වැරදිද නැද්ද කියල අපි දන්නෙ නැහැ!
ඒ උනත් යූ ඇන් පී ඡන්දයෙන් ජනාධිපති වෙලා කොහොමද ශ්‍රී ලංකා එකේ නායකය වෙන්නෙ?
රනිල් හරි වෙන කවුරු හරි ජනාධිපති උනොත් එයා ශ්‍රී ලංකා එකේ නායකය වෙනවද??
මොන විකාරයක්ද මේක??? මෛත්‍රී වහාම ශ්‍රී ලංකා එකේ නායකත්වයෙන් අයින් විය යුතුමයි!!
එයා පත් කරපු නිළධාරිනුත් වහාම අයින් විය යුතුයි !!!
MY3 is the most undemocratic President although he promised to be the champion of democracy.