ශ්‍රි පාදය අසලම වන්දනාකරුවන්ට හෙරොයින් විකුණයි..
April 8, 2019 at 5:30 pm | lanka C news
ශ්‍රි පාද නල්ලතන්නියේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන තරුණයන්ට හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවෙකු ඊයේ (07) පස්වරුවේ සැකපිට හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු සමග හෙරොයින් මත්ද්‍රව්‍යය සන්තකයේ තබා ගත් සැකකරුවන් සිව්දෙනෙක්ද අත්අඩංගුවට ගත් බවත් ඔවුන් සන්තකයේද හෙරොයින් මිලිග්රැම් 1080 වක් තිබි සොයාගත් බව මෙම වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේය.
නල්ලතන්නිය නගරයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ප්‍රධාන සැකකරු ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන තරුණයන්ට ඉතා සුක්ෂම ලෙස හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කරමින් සිටි බවත්, එම සැකකරු සන්තකයේ තිබි හෙරොයින් පැකට් 21 ක් (මිලිග්රැම් 760) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නල්ලතන්නිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් අද හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව මෙම වැටලිම සිදු කල හැටන් කොට්ඨාශ දුෂණ මර්දන එකකයේ ස්ථානාධිපති උපොප මදුසංඛ මහතා කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ
යහපාලනය යටතේ කුඩු කාරයින්ට මත්ද්‍රව්‍ය තිප්පොලක් මෙන්ම කොලුකාරයින්ට සමනල තිප්පලක්ද උනා.
දඩයද හිරගෙයද විකුනන්නාට සුදුසු නැත
කසයෙන් රිදෙන්ටම තලා පෙන්වලා කැත
පිලිපීනයේ දඬුවම මෙහෙටත් සුදුසුව ඇත
කුඩ්ඩගෙ වික්ක අතම පේන්ට කපනු ඇත
යහපාලනය යටතේ අපේ රට කුඩු කාරයින්ට මත්ද්‍රව්‍ය තිප්පොලක් මෙන්ම කොලුකාරයින්ට සමනල තිප්පලක්ද උනා.
පොලිසිය කරනා සේවය අගයම කල යුත්තේ
මතු පරපුර මත්කුඩින් ගිලිහී ඈත්විය යුත්තේ
ගත් අයට කසපහර සැම ඉදිරිපිට දිය යුත්තේ
රිදුම් වේදනා අධෝ මුකින් වාෂ්ප විය යුත්තේ
තේ වතුවල ඉන්න කල්ලතොනින්ගේ වැඩක් මුන් මේවා ශිව දෙවියන්ටත් විකුනාවි