ශ්‍රි පාදය කරුණා කිරිමට අති විශාල පිරිසක්.. වාහන පෝලිම කිලෝමීටර් හතර පනී..

April 19, 2019 at 5:30 pm | lanka C news
ශ්‍රි පාදය කරුණා කිරිමට අති විශාල පිරිසක්.. වාහන පෝලිම කිලෝමීටර් හතර පනී..

සිංහල හින්දු අලුත් අවුරුද්ද අවසන් විමත් සමගම සති අන්ත දිර්ඝ නිවාඩුවට ශ්‍රි පාදය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් ඊයේ(18)  සිට පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති  ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසිය.

ශ්‍රි පාද වන්දනාකරුවන් පැමිණි වාහන නල්ලතන්නියේ සියළුම රථගාල් වල ගාල් කර සෙසු වාහන නල්ලතන්නිය මරේ මංසන්ධියේ සිට රිකාටන් දක්වා කිලොමිටර් 4 පමණ දුරට මාර්ගයේ එක් පසක ගාල් කල බවයි  පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

ශ්‍රි පාද වන්දනාවේ දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා හැටන් ලංගම ඩිපෝව මගින් දිවා රාත්‍රි දෙකේම ලංගම බස් රථ ගණනාවක් ධාවනයට එක් කර ඇති අතර,  මෙයට සමගාමිව පෞද්ගලික බස් රථ ගණනාවක්ද ධාවනයට එක් කර තිබෙ.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුගේ ආරක්ෂාව සදහා දිවා රාත්‍රි දෙකේම විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක් දියත් කර ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

922 views
Main News