ශ්‍රි පාදස්ථානයේ අභිමානය සංකේතවත් කිරිමට නල්ලතන්නියේ අලංකාර වාහල්කඩක්

August 18, 2019 at 2:09 am | lanka C news
ශ්‍රි පාදස්ථානයේ අභිමානය සංකේතවත් කිරිමට නල්ලතන්නියේ අලංකාර වාහල්කඩක්

ශ්‍රි පාදස්ථානයේ පෞඪත්වය සහ අභිමානය සංකේතවත් කරමින් නල්ලතන්නියේ ශ්‍රි පාද බෞද්ධ  මධ්‍යස්ථානය අසල දර්ශනිය තොරණයක් (වහල්කඩක් ) ඉදි කිරිමේ කටයුතු ශ්‍රි  පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහ විහාරස්ථානයේ විහාරාධිපති , සබරගමුව පලාතේ ප්‍රධාන සංඝ නායක සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති පුජ්‍යය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබුහ.

ගරුතර මහ සංඝ රත්නයේ පිරිත් සච්ඡායනා මධ්‍යයේ සුභ නැකතකට අනුව  හිටපු පොලිස්පති පුජාති ජයසුන්දර මහතා සහ තොරණ ඉදි කිරිමට විවිධ අයුරින් සහයෝගය දක්වන පිරිස විසින් තොරණේ ඉදි කිරිම් කටයුතු ආරම්භ කලහ.

ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල අඩි 23 ක උසකින් සහ අඩි 30 පළලින් යුක්තව  ශ්‍රිපාදස්ථානයේ අභිමානය විදහා දැක්වෙන පරිදි ප්‍රධාන මාර්ගය හරහා මෙම තොරණ ඉදි කිරිමට  නියමිතය.

පෞද්ගලික ව්‍යාපරිකයෙකුගේ මුල්‍ය අනුග්‍රහය සහ ශ්‍රි පාදස්ථානයේ දායක සභාවේ සහ පැල්මඩුල්ල රජ මහා විහාරස්ථානයේ දායක සභාවෙත් , නල්ලතන්නිය ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රදේශවාසින්ගේ සහයෝගය මත තොරණ (වාහල්කඩ ) ඉදි කිරිමට නියමිතය.

ශ්‍රි පාදස්ථාන උඩ මළුවේ  පසු ගිය කාලය තුල සිදු කල සංවර්ධන කටයුතු වලට සමගාමිව මෙම තොරණ ඉදි කරන බවත්, මෙම තොරණ අසල ශ්‍රි පාදස්ථානයේ ඉතිහාසය පිලිබදව ශ්‍රි පාදස්ථානය වැද පුදා ගැනිමට පැමිණෙන වන්දනාකරුවන්ට මෙන්ම විදෙස් සංචාරකයන්ට තොරතුරු දැන ගැනිම සදහා  තොරතුරු මධ්‍යස්ථානයක්ද  ඉදි කරන බව ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේය.

ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට ගමන් මාලිගාවක්ද , දන්සැල් පැවැත්විමට ගොඩනැගිල්ලක්ද  ඉදි කිරිමට සැලසුම් කර ඇති බවත්,  ඉදි කිරිමට සැලසුම් කර ඇති  ගමන් මාලිගාව සියළු පහසුකම් වලින් සමන්විතව ඉදි කිරිමට සැලසුම් කර ඇති බව ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

4,878 Viewers

One Comment to “ශ්‍රි පාදස්ථානයේ අභිමානය සංකේතවත් කිරිමට නල්ලතන්නියේ අලංකාර වාහල්කඩක්”

  1. Asoka says:

    ඔන්න ඔච්චරයි අඩු. දැන් ඉතින් රටේ අපරාධ අඩුවෙලා රට දියුණු වෙලා සුඛිත මුඛිත වෙලා එයි. තිස්තුන් කෝටියක් දෙවිවරු හැබැයි හැටහතර කෝටියක් ලෙඩ රෝග සහ අපරාධ නඩු ලක්ෂ 6ක්

Main News