ශ්‍රි පාද මාර්ගයේ පරිසරයේ අපද්‍රව්‍යය ගුවන් හමුදාව දින දෙකක් තිස්සේ ඉවත් කරයි..

March 10, 2019 at 2:07 am | lanka C news
ශ්‍රි පාද මාර්ගයේ පරිසරයේ අපද්‍රව්‍යය ගුවන් හමුදාව දින දෙකක් තිස්සේ ඉවත් කරයි..

ශ්‍රි ලංකා ගුවන් හමුදාවට 68 වසරක් සපිරිම නිමිතත්තෙන් ශ්‍රි පාද පුද බිම කේන්ද්‍ර කර ගනිමින් දින දෙකක් පුරා සිදු කල පරිසර වැඩසටහන පස්වරුවේ අවසන් කර ඇත.

ශ්‍රි ලංකා යුධ හමුදාවේ 300 කට ආසන්න භට පිරිසක් ශ්‍රි ලංකා ගුවන්  හමුදාවේ කොළඹ  ගුවන් හමුදා  කදවුරේ අණදෙන නිලධාරි එයාර් කොමදොරු වර්ණ ගුණවර්ධන මහතාගේ මෙහෙයවිම යටතේ එම භට පිරිස් ශ්‍රි පාද හැටන් මාර්ගයේත් ශ්‍රි පාද රත්නපුර මාර්ගයේත්, ශ්‍රි පාද උඩු මළුවේත්, වන්දනාකරුවන් විසින් බැහැර කර තිබු ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍යය එක්රුස් කර  මස්කෙලිය ප්‍රාදේශි සභාව වෙත භාරදෙනු ලැබින.

මෙම පරිසර වැඩසටහනට සමගාමිව හැටන් මාර්ගයේතත්, රත්නපුර  මාර්ගයේත් පිහිටි විශ්‍රාම ශාලාවල් පිරිසිදු කර තින්ත ආලේප කර විදුලි අලුත්වැඩියාවන්ද සිදු කලහ.

මෙම පාරිසරික වැඩසටහනේදි ගුවන් හමුදා භට පිරිස් විසින් එක්රුස් කරන ලද ප්ලාස්ටික් පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍යය හැටන් ශ්‍රි පාද මාර්ගයේ පිහිටි සාම චෛත්‍යය ප්‍රදේශයේදි මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් නල්ලතන්නියේ පවත්වාගෙන යන  කැලි කසල ප්‍රතිචක්‍රිකරණය කරන නිලධාරින්ට භාරදෙනු ලැබුනි.

ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේගේ අනුශානසාව පරිදි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ උපදෙස් පරිදි කොළඹ ගුවන් හමුදා කදවුරේ අණ දෙන නිලධාරි, නිලධාරින් සහ භට පිරිස් විසින් මෙම පාරිසරික වැඩසටහන සිදු කරනු ලැබුහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

5,067 Viewers

One Comment to “ශ්‍රි පාද මාර්ගයේ පරිසරයේ අපද්‍රව්‍යය ගුවන් හමුදාව දින දෙකක් තිස්සේ ඉවත් කරයි..”

  1. SL says:

    කෝ අර සිරි පාදේ ට අලුත් නමක් දාන්න හදපු උන්..සිරි පාදය ජාතික වස්තුවක් කලයුතුයි ,මහා ආණ්ඩුවේ පාලනයට ගතයුතුයි !

Leave a Comment

Main News