ශ්‍රි පාද වන්දනාවට විශාල පිරිසක්.. තරුණයක් 18ක් අත්අඩංගුවට..

January 10, 2022 at 2:20 am | lanka C news
ශ්‍රි පාද වන්දනාවට විශාල පිරිසක්.. තරුණයක් 18ක් අත්අඩංගුවට..

ශ්‍රි පාද වන්දනාවේ හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් 18 දෙනෙකු (08) දින අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.

හැටන් මාර්ගය ඔස්සේ දුම්රියෙන් , බස් රථ වලින් සහ පෞද්ගලික වාහන වලින් මත්ද්‍රව්‍ය රැගෙන එන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක මාර්ග බාධක යොදා සහ හැටන් දුම්රිය ස්ථානයට දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් හදිසියේ සිදු කල පරික්ෂාවකදි අත්අඩංගුවට ගත් තරුණයන් 18 දෙනා ගංජා සන්තකයේ තබාගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි බවයි මෙහෙයුම සිදු කල හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ ස්ටුවට් සුනඛයාගේද සහයෝගය ලබාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු 20-30 වයස් කාණ්ඩ වල පසුවන අනුරාධපුර , පානදුර  , කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අය බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

31,489 views
Main News