ශ්‍රි පාද වන්දනාවේ ආ හමුදා සෙබලෙක් ඉදි කටු පානේදී ජිවිතක්ෂයට..

March 16, 2019 at 12:40 pm | lanka C news
ශ්‍රි පාද වන්දනාවේ ආ හමුදා සෙබලෙක් ඉදි කටු පානේදී ජිවිතක්ෂයට..

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි විශ්‍රාමික යුධ හමුදා සෙබලෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මහනුවර දවුලුගල හම්බැක්ක ප්‍රදේශයේ පදිංචි ඩි.එම්.මුතුබණ්ඩා නැමති 45 හැවිරිදි දෙදරු පියෙකි.

ජිවිතක්ෂයට පත් යුධ හමුදා සෙබලා ඔහුගේ පවුලේ සමාජිකයන් සමග ඊයේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණ නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ගමන් කරන අතරතුර ඉදිකටු පහන ප්‍රදෙශයේදි අද (16) අලුයම 1 ට පමණ හදිසියේ රොගාතුර වි ඇති අතර පසුව රෝගාතුර වු සෙබලාව පවුලේ සමාජිකයන් සහ ශ්‍රි පාද වන්දනාකරුවන් පිරිසක් එක්ව නල්ලතන්නිය වෙත ඔසවාගෙන විත්  මස්කෙලිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත් වි ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසුවේය.

මිය යුධ හමුදා සෙබලාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂනය සදහා මස්කෙලිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

19,555 Viewers

One Comment to “ශ්‍රි පාද වන්දනාවේ ආ හමුදා සෙබලෙක් ඉදි කටු පානේදී ජිවිතක්ෂයට..”

  1. Love nature says:

    නිවන් සැප ලැබේවා

Main News