ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 09 දෙනෙකු මත්ද්‍රව්‍යය සමග අත්අඩංගුවට…

March 9, 2020 at 2:04 am | lanka C news
ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 09 දෙනෙකු මත්ද්‍රව්‍යය සමග අත්අඩංගුවට…

මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් නවදෙනෙකු අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.

ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන අය අත්අඩංගුවට ගැනිම සදහා හැටන් කොට්ඨාශ දුෂණ මර්දනප ඒකකයේ නිලධාරින් විසින් ශ්‍රි පාද හැටන් මාර්ගයේ ශ්‍රි පාද හැටන් මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ වන්දනාකරුවන් පැමිණි රථ වාහන නතර කර  පරික්ෂා කිරිමේදි මෙම සැකකරුවන් නව දෙනා සන්තකයේ තිබු කේරල ගංජා  අත්අඩංගුවට ගත් බවයි වැටලිම සිදු කල හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 -30 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, සැකකරුවන් අනුරාධපුර ,ගාල්ල  , කොළඹ , කුරුණැගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වැටලිම සිදු කල පොලිස් නිලධාරින් කියා සිටියේ .

– හැටන් රංජිත් රාජපක්ෂ                       

107 views
Main News