ශ්‍රි පාද වන්දනා සමයේ පරිසරය රැක ගැනිමට දියත් කල ව්‍යාපෘතිය සාර්ථකයි..

December 26, 2018 at 2:05 am | lanka C news
ශ්‍රි පාද වන්දනා සමයේ පරිසරය රැක ගැනිමට දියත් කල ව්‍යාපෘතිය සාර්ථකයි..

2018-2019  ශ්‍රි පාද වන්දනා සමය වෙනුවෙන් නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා පරිසරය රැක ගැනිමට දියත්කල  කල ව්‍යපෘතිය සාර්ථක බව  මස්කෙලිය ප්‍රාදේශිය සභාව පැවසිය.

මස්කෙලිය ප්‍රාදේශිය සභාව පෞද්ගලික අංශයේද සහයෝගය ඇතිව නල්ලතන්නියේ සිට ශ්‍රිපාද උඩ මළුව දක්වාම වන්දනාකරුවන් ගමන් ගන්නා පියගැට පෙල දෙපස පරිසරය රැක ගැනිමට වන්දනාකරුවන් දැනුවත් කිරිමට දැන්විම් පුවරු සවි කර තිබු අතර රැගෙන යන ප්‍ලාස්ටික් වතුර බෝතල් ඝන අපද්‍රව්‍යය ඇතුළු කලස බැහැර කිරිම සදහා කැලි කසල බදුන් ස්ථාන කිහිපයකම සවි කර තිබුණා.

ශ්‍රි පාද වන්දනා සමය පළමු දිනයේම හැටන් මාර්ගය ඔස්සේ පැමිණි විශාල වන්දනාකරුවන් පරිසරයට හානියක් සිදු නොකර දැනුවත් කර තිබු ආකාරයටම අපද්‍රව්‍යය සහ ප්ලාස්ටික් වතුර බෝතල් පරිසරයට මුදා නොහැර එම ප්ලාස්ටික වතුර  බොතල් සහ ඝන අපද්‍රව්‍යය කැලි කසල බැහර කරන බදුන්වලට මුදාහැර තිබු බවයි නල්ලතන්නිය කැලි කසල  ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරි ඒ.ඩබ්ලිව්.හේමන්ත මහතා කියා සිටියේ.

ශ්‍රි පාද වන්දනාකරුවන් විසින් කැලි කසල බැහැර කරන බදුන්වලට  මුදා හැර තිබු සියළුම අපද්‍රව්‍යය දිනපතා නල්ලතන්නිය කැලි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයට රැගෙන එන බව ස්ථානභාර නිලධාරියා කියා සිටියේ.

ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට රතු පාලම දක්වා කිලෝමිටර 2 ක් පමණ දුර ප්‍රමාණයක්  අක්‍රමවත්ව තිබු ශ්‍රි පාද මාර්ගයේ පියගැට පෙල ශ්‍රි ලංකා නාවික හමුදාව මගින් ප්‍රතිසංස්කරණය කර එම ප්‍රතිසංස්කරණය කර පියගැට පෙලට යකඩ අත්වැටක් ද එක් කිරිම නිසා ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට ශ්‍රි පාදය කරුණා කිරිමට පහසුවක් වි ඇති බවයි ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

153 views
Main News