ශ්‍රි පාද වන්දනා සමයේ මාසයක් ඇතුලත ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂය පන්නයි…

January 18, 2020 at 2:05 am | lanka C news
ශ්‍රි පාද වන්දනා සමයේ මාසයක් ඇතුලත ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂය පන්නයි…

2019-2020 වසරේ ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වි මාසයක් වැනි කෙටි කාලයක් තුල ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් එක්රැස් කර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය උප කාර්යයාලයේ ස්ථානාධිපති බි.ඩබ්ලිව්.හේමන්ත මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් බි.ඩබ්ලිව්.හේමන්ත මහතා කියා සිටියේ මෙවර ශ්‍රි පාද වන්දනා සමයේදි වන්දනාකරුවන් පොලිතින්උර භාවිතයෙන් වැලකි සිටින බවත්, වන්දනාකරුවන් විසින් ශ්‍රි පාද වන්දනාවේ රැගෙන යන ප්ලාස්ටික් වතුර බෝතල් ආපසු නල්ලතන්නිය දක්වා රැගෙන ඒමටත්, ඇතැම් වන්දනාකරුවන් ප්ලාස්ටික් වතුර බෝතල් පරිසරයට මුදා නොහැර ප්ලාස්ටික් වතුර බෝතල් බැහැර කිරිම සදහා නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා වන්දනාකරුවන් ගමන් ගන්නා මාර්ගයේ සවි කර ඇති කැලි කසල බදුන් වලට බැහැර කර ඇති බවයි .

ශ්‍රි පාද වන්දනාකරුවන් එසේ බැහැර කර තිබු ප්ලාස්ටික් වතුර බෝතල් වලට වඩා නල්ලතන්නිය නගරයේ සංචාරක හෝටල් වලින් සහ ආපන ශාලා වල ප්ලාස්ටික් වතුර බෝතල් නල්ලතන්නිය නගරයේ කැලිකසල බදුන් වලට බැහැර කර තිබු බවයි බි.ඩබ්ලිව්.හේමන්ත කියා සිටියේ .

මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් ශ්‍රිපාද වන්දනා සමයේදි එක්රැස් කරන ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රතිචක්‍රිකරණය කිරිම සදහා පෞද්ගලික  ආයතන වෙත ලබා දෙන බවත්, නල්ලතන්නිය නගරයට සහ ශ්‍රි පාද මාර්ගයේ පිරිසිදු පානිය ජල යෝජනා ක්‍රමයක් ස්ථාපනය කරන්නේ නම් ශ්‍රිපාද පුද බිමේ  ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය අවම කල හැකි බවයි හේමන්ත මහතා පෙන්වා දෙන්නේ.

ශ්‍රිපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවනගෙන් මස්කෙලිය ප්‍රාදේශිය සභාව ඉල්ලා සිටින්නේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන්නේ නම් පොලිතින් සහ වතුර බෝතල් රැගෙන එමෙන් වලකින ලෙසයි.

ශ්‍රි පාද පුද බිම ආශ්‍රිතව සහ ශ්‍රිපාද රක්ෂිතය අවට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග ශ්‍රි පාද උඩමළුවේ සිට මවුස්සාකැලේ ජලාශයට ජලය ගලා බසිනා සිත ගගුලේ ජල මට්ටම පහල අගයක පවති.

– හැටන් රංජිත් රාජපක්ෂ

5,319 Viewers
Main News