ශ්‍රි ලංකන් ගුවන්සේවය කන හැටි කියයි.. ගිය වසරේ පාඩුව බිලියන 9යි.. හිතවතුන්ට මිලියන ගනන් මාසික පඩි..
September 15, 2017 at 6:48 pm | lanka C news
පසුගිය ආණ්ඩුව සමයේදි පාඩු ලැබු බව කියූ ශ්‍රී ලංකන් ගුවන් සේවය නව කළමනාකාරිත්වයක් තුල ලාබ ලබන තත්ත්වයට පත් කරන බව පැවසු සම්මුතිවාදී ආණ්ඩුව යටත් සමාගම විශාල වශයෙන් පාඩු ලබන තත්ත්වයකට පත් කර ඇති බැව් අන්තර්ජාල මාද්‍ය වාර්තා සදහන් කර ඇත.
මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය අමාත්‍ය කබීර් හසීම් එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා යටතේ පවතින අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සමීපතමයෙකු වන අජිත් ඩයස් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා යි. එමෙන්ම එහි ප්‍රධාන විධායක ධූරය සඳහා පත්කර ඇත්තේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ සභාපති ලෙස සිටි චරිත රත්වත්ත මහතාගේ සොහොයුරු සුරේන් රත්වත්තේය.
ශ්‍රි ලන්කන් ගුවන්සේවය පසුගිය වසරේ (2016) පාඩුව රුපියල් බිලියන 9කි. එනම් රුපියල් දස ලක්ෂ නම දාහකි.