ශ්‍රීලනිපයට අද රෑ හරි වැදගත්.. ආණ්ඩුවේ මැති ඇමතිවරු මුනගැසෙති..

January 3, 2017 at 5:30 pm | lanka C news
ශ්‍රීලනිපයට අද රෑ හරි වැදගත්.. ආණ්ඩුවේ මැති ඇමතිවරු මුනගැසෙති..

රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වයට දැඩි බලපෑම් එල්ලවීමට පටන් ගෙන ඇත. විශේෂයෙන්ම මෙහි දරුණුතම බලපෑම, රාජ්‍ය පරිපාලන ක්‍රියාදාමය ඵලදායිතාවයට බලපා ඇති අතර මේ වනවිට දේශපාලන අධිකාරිය විසින් රජයේ උසස් නිලධාරින්ට දෙන නියෝග ක්‍රියාත්මක වීම ඉතා මන්දාගාමිව සිදු වීමට පටන් ගෙන ඇත.

විශේෂයෙන්ම දැනට මුදල් මෙන්ම ආර්ථික කටයුතු අමාත්‍යාංශ එක්සත් ජාතික පක්ෂ සතුව තිබෙන බැවින් රජයේ ප්‍රධාන පාර්ශවය වන ශ්‍රිලනිප මැති ඇමතිවරුන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත කිසිදු සංවර්ධන වැඩසටහනක් සඳහා නිසියාකාරව මුදල් ලබා නොදීම මෙන්ම එම මැති ඇමතිවරුන් දෙන නියෝග රජයේ නිලධාරින් විසින් හිතාමතාම අඩපණ කිරිමේ ක්‍රියාවලිය යෙදෙන බවට සමහර ශ්‍රිලනිප මැති ඇමතිවරුන් චෝදනා නගයි.

මේ වනවිට ජනාධිපතිවරයාද තම රාජකාරි ඉතා කුඩා වපසරියකට සීමා වි ඇති බව ඊයේ ජනාධිපති කාර්යාලය විසින් ජනාධිපති දෙවෙනි පදවි ප්‍රාප්තියට සමගාමීව ඉදිරිපත් කල අඩු පාඩු රාශියක් සහිත “ශ්‍රී ලංකාවේ 2030 දැක්ම ” හැදින්වීමට හැකිය. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව සෛභාග්‍යමත් දේශයක් බිහිකරනු පිණිස තිරසර යුගයක ප්‍රාර්ථනා එලිදැක්වීමේ ජාතික උත්සවය ලෙස නම් කොට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කොට ආරාධනා පත් යවා තිබු අතර රටක “දැක්ම 2030” Vision 2030 Of Sri Lanka වැනි රටේ ආර්ථිකයට හා ජනතාවට ඉතා වැදගත් අවස්ථාවක් සැලස්මකින් තොරව ඉතා සුළු පිරිසක් සහභාගි කරගනිමින් කල බව විද්යුත් මාධ්‍ය මගින් රටට අනාවරණය විය.

රටේ ආර්ථිකය සහ සංවර්ධනයට සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය රජයේ වැඩපිළිවෙළ සුපුරුදු ලිබරල් මෙන්ම නව ලිබරල්වාදි අරමුණ සමඟ ක්‍රියාත්මක කරමින් රජයේ අවම මැදිහත් වීමක් තුල සියලුම රාජ්‍ය ව්‍යවසායක හා රාජ්‍ය සම්පත් පුද්ගලික අංශය පවරා ඒ අනුව පාලනය කිරිමත් රනිල් වික්‍රමසිංහ රජයේ ආර්ථික ප්‍රතිපත්තියි මෙන්ම මහජන සුභ සාධනයට කප්පාදුව එහි ප්‍රධාන වේ.

රාජ්‍ය පලන අධිකාරිය මෙවෙනි ද්විත්ව අරමුණක් තුල නායකත්වය ගමන් කිරීම තුල රාජ්‍ය හා පුද්ගලික අංශ මෙන්ම ව්‍යාපාර ප්‍රජාව අති දුෂ්කර වාතාවරණයකට මුහුණ දෙමින් සිටින බවද ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමතිකම් ගත් ජේෂ්ඨයින්ගේ මතයයි. එමෙන්ම තව දුරටත් දෙමුහුන් ප්‍රතිපත්තියක් තුල සිට මේ ආකාරයෙන් ආණ්ඩුව තුල ඇමතිකම් දරමින් කටයුතු කලොත් ශ්‍රිලනිප නායකත්වය සහ මූලස්ථානය පමණක් පක්ෂ නායකයාට හිමි වී පක්ෂ සාමාජිකත්වය සිදු වෙමින් පවතින වේගයටත් වඩා වේගයෙන් පක්ෂයෙන් ඉවත්ව යන බව ආණ්ඩුවේ සිටින වැඩි පිරිසක් අවබෝධ කරගෙන ඇති බවත්,ඒ නිසා අද පැවත්වෙන රැස්වීමේදි වැදගත් තීරණයකට එලබීමට නොහැකි වුවහොත් තනි තනිව ආණ්ඩුවන් ඉවත් වී පාර්ලිමේන්තුව තුල ස්වාධීන හෝ පොදු විපක්ෂයට එකතු විමට ඉඩ ප්‍රස්ථාව වැඩි බැවින්, අද රාත්‍රි හමුව ආණ්ඩුවේ සිටින ශ්‍රිලනිප මැති ඇමතිවරුන්ට ඔහුන්ගේ දේශපාලන ගමනේ ඉතා වැදගත් දිනයක් වනු ඇත.

0 views

4 Comments to “ශ්‍රීලනිපයට අද රෑ හරි වැදගත්.. ආණ්ඩුවේ මැති ඇමතිවරු මුනගැසෙති..”

  1. KGB says:

    You all “SLFE” traitors, you all are disable, handicapped dirty figs.

    You are nothing, You have done nothing for country, other than robbing, enjoying benefits, wasting national income…… etc.

    WE WILL NEVER EVER VOTE “SLFE” TRAITORS

    PEOPLE SHOULD SPIT ON YOUR FACE

  2. සිසිර says:

    රාජපක්ෂ භීතිකාව හා වයිරය නිසා අයියප්පා සිරිසේන ගොඩ නොඑන්නම මකබෑවෙලා යන්න හදනවා. මොලේ කලදක් හරි තියෙන හිතවතෙක් පවුලේ එකෙක් ඉන්නවනම් තොයිලයක් කරල හරි ඔය බය නැති කරගෙන මහින්ද සමග රට ගොඩ ගන්න උපදේශයක් දුන්නෙ නැත්නම් කපුවා කපෝතියි.

  3. saradieal says:

    ගමට ආවොත් කොසු පාර

  4. gadol says:

    අපි දෙන චන්දෙන් මුන් දිනලා අලියට කඩේ යනවා

Main News