ශ්‍රී පාදයේ රජයේ ඉඩමක කුළිය ලක්ෂ දහයයි.. පාරිභෝගිකයින් ගසා කයි..

January 8, 2020 at 8:02 am | lanka C news
ශ්‍රී පාදයේ රජයේ ඉඩමක කුළිය ලක්ෂ දහයයි.. පාරිභෝගිකයින් ගසා කයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී පාදයේ රජයට අයත් ඉඩමක කුළිය ලක්ෂ දහයයි. කඩ හිමියන් පාරිභෝගිකයින් ගසා කයි!

බුදුන් තුන්වරක් වැඩම කල මෙම ධර්ම දීපය තුළ බුදුරජුන්‌ෙග් ශ්‍රී පාදය පිහිටුවා ඇතැයි සැළකෙන ශ්‍රී පාදය වන්දනා කිරීමට අප රටේ බෟද්ධයින් මෙන්ම අන්‍ය ආගමිකයින්ද කටයුතු කරන ආකාරය අපට දැක ගත හැක.

දෙසැම්බර් මස පොහොය දිනෙන් ඇර‌ෙඔන ශ්‍රී පාදය සමය අවසන් වන්නේ වෙසක් පොහොය දිනෙන්ය. දිනකට ලක්ෂ ගණනක් ශ්‍රී පාදය වන්දනා කරන අතර මෙවර ශ්‍රී පාද භුමියට පොලිතින් ගෙන ඒම දැඩිව තහනම් කරන ලදී. මත්පැන් හා පොලිතින් තහනම් කලද  ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණෙන බැතුමතුන් ගසා කෑමේ ව්‍යාපාරයක් නල්ලතන්නියේ සිටම ක්‍රියාත්මක. ඒ අනුව ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණෙන පුද්ගලයින්ට නවැතැන් ගැනීමට ඇති ස්ථානවල මිල ඉතා අධිකය. එපමණක් නොව ආහාරපාද වල මිළ ගණන්ද සැළකිය යුතු ලෙස ඉහළ දමමින් පාරිභෝගිකයා ගසා ගෙන කෑම දිනපතාම සිදුවේ.

බැතිමතුන්ට ශ්‍රී පාදය වන්දනා කිරීම සදහා පහසුකම් සැපයීම රජයේ යුතුකමක් වුවද ප්‍රාදේශීය සභාවට අයත් වාහන රථගාල හා වැසිකිළි ටෙන්ඩර් කර ලබා දී ඇත්තේ ලක්ෂ විසි ගණනකටය.

තවද ඉදිකටු පහන ආසන්නයේ වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වෙළදසැල් ඉදිකිරීම සදහා ටෙන්ඩර්කොට ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ දහයකට(මාස 5 ක් සදහා) වන අතර එහි වැසිකිළි ටෙන්ඩර් කර ඇත්තේ රැපියල් ලක්ෂ හතකට ආසන්න මුදලකටය. මෙම මිළ ගණන්වලට ටෙන්ඩර් ලබා ගන්නා ව්‍යාපාරිකයින් එම මුදල සොයා ගැනීම සදහා පාරිභෝගිකයින් ගසා කමින් සිටී.

ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාවෙන් පවා පුමුඛත්වය ලබා දිය යුතු බුද්ධාගම රැක ගැනීම සදහා කටයුතු කල යුතු රජය ශ්‍රී පාදයේ ඇති වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වලින් රජයට විශාල ආදායමක් ලබා ගැනීම සදහා කටයුතු කිරීම ලැජ්ජාසහගතය.

බෞද්ධ බලවේගය විසින් නව ජනපතිවරයෙක් පත් කල බවට කයිවාරු ගහන මාධ්‍ය සංදර්ශණ පවත්වන ස්වාමින් වහන්සේලාට බැතිමතුන් ගසා කන ව්‍යාපාරිකයින් ගැන‌ කතා කිරීමට හා බැතිමතුන්ට ශ්‍රී පාදය වන්දනා කිරීම සදහා පහසුකම් ලබා දීම අමතක වී ඇත.

අප සංවිධානය රජයෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී පාදය වන්දනාකරන වන්දනාකරුවන් ගසා කන ව්‍යාපාරික ස්ථාන පිළිබදව සොයා බලන ලෙසත් බැතිමතුන්ට නිදහසේ ශ්‍රී පාදය වන්දනා කිරීමට අවස්ථාව සලසාදෙන ලෙසත්ය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

16,430 Viewers

3 Comments to “ශ්‍රී පාදයේ රජයේ ඉඩමක කුළිය ලක්ෂ දහයයි.. පාරිභෝගිකයින් ගසා කයි..”

  1. Manel says:

    Who is this Ranjith Vothanage and what is this organisation? Doesn’t he know that businesses operates on Supply and demand? If there are buyers to pay a million for 5 months,why should the Forest dept should not rent these lands for that price? If the consumers are happy to pay a high prices, why should the business men not use that opportunity? That is how bussiness operates. If this organisation is concerned about it, they must organise Dansala.

  2. sithmal says:

    ඒකත් නිකන් දීල කාල දාපල්ල. මේවගෙන් බැහැරකරන් කැලිකසල එකතුකරන්න වෙන්නෙත් ඔය සල්ලි වලින්ම තමයි.. කවුරුහරි දේසපාලකයෙක්ගෙ හෙන්චයියෙක්ට කඩ දාන්න නිකන් දෙන්න අර අදින පාටයි..මේක ටෙන්ඩර් දාල නිවැරදිව කරපු දෙයක්.. කැමති අය නේ ඔය ගානට ගන්නෙ.

  3. කුඩා දරුවා says:

    ඒපමණක් නොවේ , පිරිත් සීඩී එකක් දාගෙන , යන එන මිනිස්සුන්ගේ අත් වල පිරිත් නූල් බලෙන් ගැට ගහලා තෙරුවන් සරණයි , සමන් දෙවි පිහිටයි කියලා ” ආධාරයකුත් කරලම යන්න කියන ” මහ සවුත්තු විධිහට සල්ලි හම්බ කරන පිරිසකුත් ඉන්නවා.
    පිරිත් නූල් කිව්වට එව්වා පාට පාට මහ සෝමාරි චීන ලණු පොටවල්… මල්වත්ත රෝඩ් එකේ මම එව්ව දැකලා තියෙනවා. එම්බ්‍රොයිඩර් වැඩ කරන අය තමා එව්වා වැඩිපුර පාවිච්චි කරන්නෙ

Main News